BREAKING
Top Ad
බුකිය

''හිමියනි..ජනපති තරගෙට වඩිනු මැන..අපි මග බලාගෙන.''.

T

The Leader

May 29, 2019 • 1:04 AM

''හිමියනි..ජනපති තරගෙට වඩිනු මැන..අපි මග බලාගෙන.''.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වනවිට සිංහල - බෞද්ධ රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ 'අරගලයක්' සමාජ මාධ්‍ය ඔස්සේ දියත්ව ඇති අතර එහි නායකත්වය ගන්නා ලෙස බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ගෙන් ඇතැම් පිරිස් ඉල්ලීම් කරමින් තිබේ.
  • එහිදී ඇතිවූ එකඟතාවයන් මෙතෙක් ප්‍රකාශයට පත්ව නැතත් නිදහස් කිරීමෙන් පසු මුස්ලිම් සමාජය සමග යලිත් කිසිඳු අකාරයේ ගැටුමකට නොයන ලෙසත් පවත්නා අර්බුද විසඳීමට මැදිහත්වන ලෙසත් ජනාධිපතිවරයා එහිදී උන්වහන්සේ ගෙන් ඉල්ලීමක් කර තිබු බව වාර්තාවේ.
  • කෙසේවුවද නිදහස ලබා එලියට පැමිණි ඥානසාර හිමියන් මහනුවරදී කල ආවේගාත්මක ප්‍රකාශයෙන් පසුව උන්වහන්සේ යළිත් දේශපාලන කරලීමේ ඉහලටම පැමිණ ඇත.
  • එම කාරණය ශාන් හේවා ගමගේ සිය FB පිටුවේ සටහන් කර ඇත්තේ මෙසේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති පොදු සමාව ලබාදී බන්ධනාගාර සිරදඬුවමින් නිදහස් කරනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නැවත වරක් සිය සුපුරුදු වාග් ප්‍රහාරයට එළඹ ඇති අතර එය බොහෝ අන්තවාදීන්ගේ නොමද සතුටට හේතුවී ඇතිබව සමාජ මාධ්‍ය නිරීක්ෂණයේදී හෙළිවේ.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම තිබියදී ජනාධිපතිවරයා උන්වහන්සේට පසුගිය 23 දා සමාවක් ප්‍රධානය කරනු ලැබුවේ ඇතැමුන්ගේ බරපතල විරෝධතාවයන් ද නොතකා හරිමිනි.

ජනාධිපතිවරයා පසුගිය වෙසක් පොහෝද වැලිකඩ බන්ධනාගාර රෝහලට ගොස් සිරගත කර සිටි ඥානසාර හිමියන් බැහැදුටු අතර දෙදෙනා අතර රහස් සාකච්ජාවක් ද පවත්වා තිබිණ.

එහිදී ඇතිවූ එකඟතාවයන් මෙතෙක් ප්‍රකාශයට පත්ව නැතත් නිදහස් කිරීමෙන් පසු මුස්ලිම් සමාජය සමග යලිත් කිසිඳු අකාරයේ ගැටුමකට නොයන ලෙසත් පවත්නා අර්බුද විසඳීමට මැදිහත්වන ලෙසත් ජනාධිපතිවරයා එහිදී උන්වහන්සේ ගෙන් ඉල්ලීමක් කර තිබු බව වාර්තාවේ.

 

'ඔර්ජිනල් තියද්දි ඩුප්ලිකේට් මොකට ද ?

GG GR AR

කෙසේවුවද නිදහස ලබා එලියට පැමිණි ඥානසාර හිමියන් මහනුවරදී කල ආවේගාත්මක ප්‍රකාශයෙන් පසුව උන්වහන්සේ යළිත් දේශපාලන කරලීමේ ඉහලටම පැමිණ ඇත.

එම තත්වය තුල 'ඩුප්ලිකේට් වීරයින්ට' ඉඩනොතබා සිංහල -බෞද්ධ මතවාදය වෙනුවෙන් පෙරටම එන්නැයි උන්වහන්සේට සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලීම් ලැබෙමින් පවති. එම කාරණය ශාන් හේවා ගමගේ සිය FB පිටුවේ සටහන් කර ඇත්තේ මෙසේය.

add 1 

 

ඥානසාර හිමියනේ හරි තැන හිට ගමු...

මේ අතර කලා ශිප්ලියකු වන රවී සිරිවර්ධන සිය FB පිටුවේ, ''ඥානසාර හිමියනේ හරි තැන හිට ගමු'' යයි සටහනක් තබා ඇත. එහි මෙසේ සඳහන් වේ.

''ඥානසාර හාමුදුරුවනෙ....බුදුහාමුදුරුවොත් කිව්වෙ හිටපු හැටි නෙවෙයි ඉන්න හැටි තමයි වැදගත් කියල....ඔව් මිනිස්සුන්ට වෙනස් වෙන්න පුළුවන් හොඳ අතට...ත්‍රස්ථවාදයත් ආදරයත් උපදින්නෙ එකම හිතේ.....ඔබ වහන්සෙ නොදන්නව උනාට හිටපු පාළකයො ඔබ වහන්සෙ පාවිච්චි කළා මිස ඔබට ඇහුම්කම් දුන්නෙ නෑ....

දැන් තමයි ඔබ වහන්සෙ කියන්නෙ අන්තවාදය ගැන සියලු විස්තර රාජපක්ෂලටත් මේ ආණ්ඩුවටත් දුන්න බව....ඒත් ඒගොල්ලො ඔබ වහන්සෙ අන්දන අතරෙ මුස්ලිම් නායකයො ටික හීලෑ කරගෙන බලය පවත්ව ගත්ත...මේ ආණ්ඩුවට ඔබ වහන්සෙ පාවිච්චි කරන්න බැරි උනා....

ඒත් මේගොල්ලොත් මුස්ලිම් නායකයො හුරතල් කළා....දැන් ඔබට තේරෙනවද මුස්ලිම් ව්‍යාප්තවාදයට අවශ්‍ය නෛතික බලය ලැබුණෙ එදා මෙදා තුර හිටපු ආණ්ඩු වලින් කියල... වෙනම පාසල්, වෙනම විවාහ නීති, වෙනම බැංකු වගේ දේවල් නීතියට පිටින් හදන්න බෑ....ඒව නීතියට අනුව කරගන්න කැබිනට් එකේ වගේම පාර්ලිමේන්තුවෙ සහය ඕන....

අද බොරුවට කෑගැහුවට ඒවට අවසර ලැබුණෙ සිංහල ආණ්ඩු වලින්....අද ඔය බොරු දේශප්‍රේමී කවටයො එදා කට වහගෙන හිටියෙ තමන්ගෙ ආණ්ඩුවට මුස්ලිම් ඡන්ද ටික ඕන නිසා....මුස්ලිම් නායකයො කළෙත් සිංහල ආණ්ඩු වලට මුස්ලිම් ඡන්ද විකුණපු එක....අද අහිංසක මුස්ලිම් වැසියො මේ අර්බුදයෙ ගොදුරක් වෙලා තියෙන්නෙ ඒ මුස්ලිම් නායකයන්ගෙ බාල දේශපාලනය නිසා.....

මේ ජාතීන් දෙකේම නායකයො කළේ මේ අවස්ථාවාදී ගේම් එක....මේ කිසිවකට සම්බන්ධ නැති හැම ජනවර්ගයකටම අයත් ජනතාව මේ ව්‍යසනයේ ගොදුරක් උනා.....

සිංහල,දෙමළ, මුස්ලිම් යන ජනවර්ග තුනටම අයත් දේශපාලකයො රටට වඩා ආදරය කළේ පක්ෂයට සහ බලයට...ඒක නෙවෙයිද හාමුදුරුවනේ මේ අපි අත් විඳින්නෙ....

මම මෙහෙම ලියන්න හිතුවෙ ඔබ සහරාන්ල බිහි වන පසුබිම ගැන විවෘතව කතා කරපු නිසා....උන් එහෙම උනේ ඇයි කියල හොයන්න තරම් සන්සුන් මනසකින් ප්‍රශ්නය දිහා බලන්න යොමුවෙනව දැක්ක නිසා....ඔව්, පය බරවායට පිටිකර බෙහෙත් බැඳල වැඩක් නෑ....ඒ වගේම අන්තවාදයට අන්තවාදයෙන් උත්තර දීල ඒක නවතින්නෙත් නෑ...එහෙනම් මොකද්ද කරන්න ඕන...

අපි ඉස්සෙල්ලම මේ දූෂිත වර්ගවාදී දේශපාලකයන්ට ඕන විදිහට නටන එක නවත්තන්න ඕන....උන්ගෙ ලණු ගිලින සමාජය ඉන් ගලවගන්න ඕන....සංවාදය එතන ඉඳල පටන් ගමු....එක රටක එක නීතියක් ඇතුලෙ ශ්‍රී ලාංකික ජාතිය නැවත මතුකරල ගන්න ඕන....යහපත් පාලකයො හදන්න ඕන....මේ වැඩේ බාර් කාරයො, රේස් බුකි කාරයො, මත්කුඩු වෙළෙන්දො, නූගත්තු, අපරාධකාරයො, හොරු සහ කපටි උගත්තු එක්ක කරන්න බෑ...

එතන ඉඳලම වෙනස් වෙන්න ඕන...ඒ වැඩේ පටන් ගන්න...වසලය කොයි ජාතියෙ හිටියත් වසලයමයි....ඒඑක්කම ඔය භික්ෂු පාතාලය ගැනත් යමක් කියන්න ඕන....පල් හොරුන්ට පිරිත් නූල් බඳින ආගමික සංස්ථාව පිරිසිදු කරන්න වෙවි....නැත්නම් සිවුරට විතරක් මිනිස්සු ගරු කරන එකක් නෑ....

සැබෑ ආගමික නායකයන්ට තියන වගකීම පක්ෂවල න්‍යායාචාර්යවරු වෙන එක නෙවෙයි නිර්පාක්ෂිකව ඉඳිමින් හරි තැන හිටගන්න එක....ඔබ වහන්සෙ එතැනට එන්න....නැත්නම් ආපහු කාගෙහරි දේශපාලන හුරතලෙක් වෙන්න තියන ඉඩකඩ වැඩියි.....

මේ දූෂිත පාදඩ දේශපාලන සංස්කෘතිය වෙනස් නොකර රට අඩියක්වත් ඉස්සරහට ගන්න බෑ....ඒක වෙනස් කරන්න ඔබ පෙරට එන වෙලාවක අපි එකම තැනකදි හමු වේවි.

Ravi

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...