BREAKING
Top Ad
බුකිය

මංගලටත් සන්නස්ගලට වෙච්ච ඉරණමම අත්වෙයිද?

T

The Leader

June 12, 2019 • 11:45 PM

මංගලටත් සන්නස්ගලට වෙච්ච ඉරණමම අත්වෙයිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (හසින්ද උදලාගම ගේ FB පිටුවෙන් උපුටා ගැනිණ)
  • වර්තමාන දේශපාලන සිතියමට කිසිසේත් නොගැලපුනත් ඒ ප්‍රකාශ සිදු කිරීම වෙනුවෙන් යම් ගෞරවයක් ඔහු කෙරේ ඇති වුණා.
  • මංගල වගේ මනුස්සයෙක්ගෙ දෘෂ්ටිවාදය මත පදනම්ව පමණක් ඔහුව උස්සලා පාර්ලිමේන්තුවට එවන්න තරම් මාතර යූඑන්පී කාරයො මෝරලා ඇති කියල මම හිතන්නෙ නෑ).
  • ඒ ප්‍රකාශ එච්චරට suicidal.
අකුරු ප්‍රමාණය (Font Size):

පහුගිය කාලෙ මංගල කරපු ප්‍රකාශ දැක්කම මම හිතුවෙ මංගල මේ කරන්නෙ බිම්ගත දේශපාලන ජීවිතේ පැත්තකින් තියපු හෘද සාක්ෂ්‍ය දේශපාලනයක් වෙන්න ඕනෙ කියල. වර්තමාන දේශපාලන සිතියමට කිසිසේත් නොගැලපුනත් ඒ ප්‍රකාශ සිදු කිරීම වෙනුවෙන් යම් ගෞරවයක් ඔහු කෙරේ ඇති වුණා.

මම හිතුවෙ ඔහුගෙ දේශපාලන ජීවිතය මෙතනින් ඉවරයි කියල. (මම තාම හිතන්නෙ එහෙම. මංගල වගේ මනුස්සයෙක්ගෙ දෘෂ්ටිවාදය මත පදනම්ව පමණක් ඔහුව උස්සලා පාර්ලිමේන්තුවට එවන්න තරම් මාතර යූඑන්පී කාරයො මෝරලා ඇති කියල මම හිතන්නෙ නෑ). මම හිතුවෙ මංගලට අයිති වෙන්නෙත් සන්නස්ගලට වෙච්ච ඉරණමමයි කියල.

සංවිධානාත්මක දේශපාලනයක් වෙනුවට පැත්තකට වෙලා inspirational දේශපාලනයක් දෝ මේ යකා මේ කරන්න යන්නෙ කියල හිතුණා. ඒ ප්‍රකාශ එච්චරට suicidal. යම් දවසක මංගල ඒ විදිහෙ හුදෙකලා දෘෂ්ටිවාදී දේශපාලන ගමනක යනවා නම් ඒකත් එක අතකට අලුත් අත්දැකීමක් වේවි කියල හිතුවා. ප්‍රධාන දහරාවෙ දේශපාලනේ කරල විශ්‍රාම සමයෙ දෘෂ්ටිවාදී දේශපාලනයට යොමු වුණ අය අපි ප්‍රධාන පක්ෂ වල දැකල නෑනෙ.

ටික දවසයි ගියේ.. ඒ දෙපිටකාට්ටු කම ගැන කේන්ති හිතෙන තරමට පොර ආපහු තමන් දන්න කුරුඳුපොලු දේශපාලනයටම බැස්සා. පන්සල් ගියා. හාමුදුරුවෝ හම්බවෙලා මෙන්න අපිටත් කට්ටිය ඉන්නවා කියල පෙන්නුවා. සමෘද්ධි, රස්සා දෙනවා කියල සෙනඟ ගෙන්නලා සහයෝගයට උද්ඝෝෂණ කරවනවා.

පස්සෙ මට මෙහෙම හිතුණා.

මංගල ප්‍රසිද්ධියෙ සහ ට්විටර් හරහා කරපු ප්‍රකාශ හරහා නියෝජනය වුණේ සුලුතර දේශපාලන මතයක්. දේශපාලන සම්ප්‍රදායක් විදියට ගත්තොත් ඒක චූල සම්ප්‍රදායක්. මේ වෙද්දි මහා සම්ප්‍රදාය කියන්නෙ මතුපිටින් පෙනෙන දේ විශ්වාස කරන, සිතීමක් නැති, බය කලබලය වගේ ප්‍රාථමික මිනිස් චෛතසික ඔස්සේ දුවන ප්‍රතීක-චාප මට්ටමේ මෙහෙයවන දේශපාලනයක්. යූඑන්පී වේවා පොහොට්ටු වේවා සිංහල වේවා දෙමල මුස්ලිම් වේවා හැම සිද්ද වෙන්නෙ මේක.

Matara mangala

ලංකාවෙ දේශපාලනයෙ චූල සම්ප්‍රදාය මේ වෙද්දි හැකිලීගෙන හැකිලීගෙන යනවා. කොලඹ කේන්ද්‍රීයව තිබුණු දියුණු සුලුතර දේශපාලන කතිකාව පවා ඉතාම කිට්ටු මිත්‍රයින් එක්ක ඩ්‍රින්ක් එකක් දාන තැනදි විතරක් කතාකරන මට්ටමට හීන් වෙනවා. වාමාංශික පක්ෂ සයිලන්ට් වෙනවා. සිවිල් ව්‍යාපාර වලට සංවිධානය වෙන ක්‍රමයක් ගැන හිතාගන්නවත් බැරුව යනවා. ඒ තරමට චූලයො විතැන් වෙනවා.

තමන් එක්ක චූල සම්ප්‍රදාය බෙදාගත්ත උන් මහා සම්ප්‍රදායෙ වහල්ලු බවට පත්වෙන දිහා බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැතුව යනවා.

ඒ අස්සෙ මංගල කරන වැඩේ මට නම් පට්ටම එක්ස්පරිමන්ට් එකක් විදියට පේන්න ගත්තා. ඒක පොර හිතල කරනවද නැද්ද මම දන්නෙ නෑ. අරමුණ මාතර සුළු ජාතික ඡන්ද ටිකද නැද්ද කියන්න මම දන්නෙ නෑ. ඒ ගෙනල්ල තිබ්බ මිනිස්සු එතනට ආවෙ ශ්‍රී ලාංකිකත්වයක් ගැන , ජාතික සමගියක් ගැන කතාකරන්නද එහෙමත් නැත්නම් සමෘද්ධිය වැඩි කරගන්නද කියන්න මම දන්නෙ නෑ. ඒ ආපු මිනිස්සුන්ගෙ ඔලු වල ඔය එල්ලන් ඉන්න බෝඩ් වල තියන "ජාතික සමගිය" අදහස වැඩ කරනවද කියන්න මම දන්නෙත් නෑ.

හැබැයි චූල අදහසක් මෙහෙම ලොකු තලයකට ගේනවා කියන්නෙ එතන මොකක් හරි ඉල්ලමක් තියනවා. හෑරුවොත් යමක් ලැබෙයි. බොරුවට හරි මෙහෙම බෝඩ් අල්ලන් ඉන්න සෙනගක් හැම ටවුමකම පෙන්වන්න පුලුවන් නම් ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන්. ඒ බෝඩ් වල තියෙන්නෙ කිසි ලෙසකත් වැරදි දේවල් නෙමේ. එහෙම වැඩක් කරනවා නම් යූඑන්පී එක වගේ පක්ෂයකට එහෙම කාඩර් එකක් ඉන්නවා. හැබැයි අවාසනාවකට ඒකෙ පලමු පෙල නියෝජනය කරන්නෙ මහා සම්ප්‍රදායෙ අදහස්. රනිල් පවා.

නිකම් සමාන්තර විශ්වායක වගේ හිතුවොත්.... එජාපයෙ නායකයා හොඳට කතාකරන්න පුලුවන් මිනිස්සු අතරට යන්න පුලුවන් පෞරුෂයක් තියන මනුස්සයෙක් නම්, ජාතිවාදය රාජ්‍ය පාලනය ගැන ඒ මනුස්සයාගෙ ඔලුවෙ දියුණු අදහස් නම් තියෙන්නෙ, ඔය මාතර කලා වගේ වැඩ ලංකාව පුරාම කලා නම් තත්වය සමහර විට වෙනස් වෙයි.

Hasintha UDHasinda Udalagama

HU post

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...