BREAKING
Top Ad
බුකිය

ඇත්ත කතාව මෙන්න: තිස්ස දරුවා සහ මාධ්‍ය මා‍ෆියාව!

T

The Leader

June 20, 2019 • 12:25 AM

ඇත්ත කතාව මෙන්න: තිස්ස දරුවා සහ මාධ්‍ය මා‍ෆියාව!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දින කිහිපයක සිට දෙරණ, දිවයින, ලංකාදීප ඇතුළු මාධ්‍ය වල දරුවෙක් කුසගින්නේ මිය ගිය බවට වාර්තා කර තිබුණි.
  • ගම්වාසීන් හා අදාළ අනෙකුත් පිරිස් පවසන්නේ මෙය කුසගින්නේ මියයාමක් නොවන බවයි.
  • ‍ දරු ප්‍රසූතියේදී මරණාසන්න වූ මව රෝහලේ වෛද්‍යවරුන් විසින් බේරාගෙන ඇති අතර, දරුවා බිහිවී ඇත්තේ අවදානම් තත්ත්වයන් උඩයි.
  • දරුවාගේ වැඩීම ගැන සැකසහිත වුවත් ඇගේ දුප්පත්කම සලකා රෝහලට යාමට ඒමට පවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වාහන ලබාදී ඇති බවත්, රෝහල් ළමා රෝග සායනයේ බේත්හේත් ගැනීමට මුදල් දී ඇත්තේද ‍පවුල් සෞඛ්‍ය සේවිකාවන් මුල්ව බවත් වාර්තා වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් මේ ගැන වාර්තා කර ඇත්තේ කිසිවෙක් සොයා නොබලා බව ඊට අදාළ පවුල් සෞඛ්‍ය සේවිකාව පවසනවා. ගම්වාසීන් හා අදාළ අනෙකුත් පිරිස් පවසන්නේ මෙය කුසගින්නේ මියයාමක් නොවන බවයි.
‍
දරු ප්‍රසූතියේදී මරණාසන්න වූ මව රෝහලේ වෛද්‍යවරුන් විසින් බේරාගෙන ඇති අතර, දරුවා බිහිවී ඇත්තේ අවදානම් තත්ත්වයන් උඩයි.

දරුවාගේ වැඩීම ගැන සැකසහිත වුවත් ඇගේ දුප්පත්කම සලකා රෝහලට යාමට ඒමට පවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වාහන ලබාදී ඇති බවත්, රෝහල් ළමා රෝග සායනයේ බේත්හේත් ගැනීමට මුදල් දී ඇත්තේද ‍පවුල් සෞඛ්‍ය සේවිකාවන් මුල්ව බවත් වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් අඩුබර මන්දපෝෂණ දරුවන්ට ත්‍රිපෝෂ පැකට් 2ක් නිකුත් කළත්, මේ අයට පැකට් 4ක් නිකුත් කළ බව පැවසෙනවා..

මානසික රෝගියෙක් වන පියා කිසිදු දීමනාවක් ලබා නොගෙන සිටින බවත්, සමෘද්ධි ආධාර පවා නොගෙන උමතුව ක්‍රියාකරන බවත් පැවසෙනවා. දෙමාපියන්නේ නොසැළකිල්ල, උද්ධච්චකම සහ නූගත්කම මේ දරුවාගේ මරණයට හේතුව බව කියවෙනවා. ගම්වාසීන් නොයෙකුත් උපකාර කළත් එයින් පලක් වී නැහැ...

පෙර සටහන

නමුත් මාධ්‍ය මගින් ඒ අය ලබාදෙන වොයිස්කට් අනුව වහා පරීක්ෂණයක් කළ යුතු වෙනවා. මොකද ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ එහි නිලධාරිනියන් සියලු දෙනා සිය රාජකාරී උපරිමයටත් වඩා සිදුකර ඇති තත්ත්වයක මෙය අවාසනාවන්ත සිදුවීමකි.

කලින් සටහනක මා දැක්වූ පරිදි රාජ්‍ය නිලධාරිනිය ලෙස පවුල් සෞඛ්‍ය සේවිකාව සහ ඊට අදාළ අංශ ගැන තිබූ සටහනට මගේ කණගාටුව පළකරමි. මක්නිසාද යත් එය නිවැරදි නොවන නිසාය. ඔවුන් නිසිපරිදි කටයුතු කර ඇත..

manorama W(මනෝරම වීරසිංහගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...