BREAKING
Top Ad
බුකිය

'අස්ගිරිය' ට පායන සඳ පොල්ගහවෙලට නොපායන්නේ මොකද මංදා......?

T

The Leader

June 28, 2019 • 10:04 AM

'අස්ගිරිය' ට පායන සඳ පොල්ගහවෙලට නොපායන්නේ මොකද මංදා......?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ICCPR Act එක යටතේ චෝදනා ලැබ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින ශක්තික සත්කුමාරට ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයට 'අධිකරණ බලයක්' (Jurisdiction) නැති නිසා ඔහුගේ ඇප අයදුම්පත මහාධිකරණය වෙත යොමුවෙන තෙක් කල් බලන්නට වුනා.
  • එසේ නොවුනත් නැවත විභාගය සඳහා අගෝස්තු 05 වෙනිදා තරම් ඈත දිනයක් ඉල්ලීම සහ එතරම් කාලයක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට ඉඩ දීම සාධාරණීකරණය කරන්නේ කොහොමද කියන එක මගේ සාමාන්‍ය නීති දැනුමට නොවැටහෙන එකක්.
  • අනෙක චූදිතයෙකුට ඇප දීම නොදීම තීරණය කිරීමට චෝදනාවේ (කෙටිකතාවේ) අන්තර්ගතය අදාළ වන්නේ කෙසේද යන්නත් මට වැටහෙන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජූනි 26 වෙනිදා එය මහාධිකරණයේ විභාගයට ගැනුණු අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥයා තමන් කෙටිකතාව කියවා නොමැති නිසා එය කියවා විශ්ලේෂණය කර කරුණු දැක්වීමට කල් ඉල්ලා සිටියා.

කියවීමට විනාඩි දහයක් වත් ගත නොවන අදාළ කෙටිකතාව සාමාජ ජාල වලද සංසරණය වුනු ඉතා කෙටි එකක්. නඩුවට අදාළ ලිපි ගොනු වල එය අනිවාර්යයෙන්ම තිබිය යුතු නිසා රජයේ නීතිඥයාට එය හමු නොවන්නට හේතුවක් ද නැහැ.

එසේ නොවුනත් නැවත විභාගය සඳහා අගෝස්තු 05 වෙනිදා තරම් ඈත දිනයක් ඉල්ලීම සහ එතරම් කාලයක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට ඉඩ දීම සාධාරණීකරණය කරන්නේ කොහොමද කියන එක මගේ සාමාන්‍ය නීති දැනුමට නොවැටහෙන එකක්.

අනෙක චූදිතයෙකුට ඇප දීම නොදීම තීරණය කිරීමට චෝදනාවේ (කෙටිකතාවේ) අන්තර්ගතය අදාළ වන්නේ කෙසේද යන්නත් මට වැටහෙන්නේ නැහැ. මා දන්නා තරමින් විත්තිකරුවෙකුට ඇප දීමට හෝ නොදීමට සලකා බැලෙනුයේ ඔහු එළියේ සිටීම චෝදනාවට අදාළ පරීක්ෂණ කටයුතු ( Investigations ) වලට කෙසේ බලපානු ඇද්ද යන කාරණායි.

'දෙරණ' ට 'අස්ගිරිය' ට පායන සඳ පොල්ගහවෙලට නොපායන්නේ මොකද මංදා......?

(අශෝක හඳගම ගේ FB පිටුවෙන් උපුටා ගැනිණ )

Cartoon from Praja.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...