BREAKING
Top Ad
බුකිය

'නොදකින් විතරක්' : අනාගතයට මරු තරුණ ජවයක් !

T

The Leader

July 10, 2019 • 11:58 PM

'නොදකින් විතරක්' : අනාගතයට මරු තරුණ ජවයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිසියම් සහතිකපත් ප්‍රධානොත්සවයක දී පොහොට්ටු පක්ෂයේ අනාගත නායක නාමල් රාජපක්ෂ ඉදිරියේ තරුණයකු දනින් වැටි වඳින ආකාරය
  • ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති අරුණ දළදාවත්ත මෙසේ සඳහන් කර තිබේ.
  •   ඒ අතර ජයම්පති බුලත්සිංහල මෙසේ පොස්ටුවක් පළකර ඇත.
  • ''කෙලවා‍‍ගෙනත් ඉගෙන නොගන්නා ජාතියක් හැදෙන්න තව වරක් මහින්ද පවුලටම දෙමු''   එම ජයරුපය සම්බන්ධයෙන් තරමක් දීර්ග සටහනක් සිය FB පිටුවේ පළකර ඇති සඳරුවන් සේනානායක මෙසේ සඳහන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දැක්වෙන ජායාරුපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර ඒ සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රකාශය ද පලවෙමින් තිබේ.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති අරුණ දළදාවත්ත මෙසේ සඳහන් කර තිබේ.

#නොදකින් විතරක්..
#මෙහෙමත් පිරිමි....
#රජ කම ලැබුනත් මො⁣කටද
මෙහෙම පාච්චල් වෙලා.
#මරු තරුණ ජවයක් අනාගතයට
ලංකාවට බි⁣හි වෙන්නේ.

Namal 2

 

ඒ අතර ජයම්පති බුලත්සිංහල මෙසේ පොස්ටුවක් පළකර ඇත.

''කෙලවා‍‍ගෙනත් ඉගෙන නොගන්නා ජාතියක් හැදෙන්න තව වරක් මහින්ද පවුලටම දෙමු''

Namal 3 

එම ජයරුපය සම්බන්ධයෙන් තරමක් දීර්ග සටහනක් සිය FB පිටුවේ පළකර ඇති සඳරුවන් සේනානායක මෙසේ සඳහන් කර තිබේ.

''මේ තරුණයා සිස්ටම් එකට අනුව යහපත් තරුණයෙකි. මේ තරුණයාට සමස්ථ සමාජය විසින් කුඩා කල සිටම උගන්වා ඇත්තේ වැඩිහිටියන්ට ගරු කරන්නටය. තමාට වඩා වයසින් වැඩි පුද්ගලයන්ට කෘතඥතාවය පෙන්වීමට හෝ ගරුත්වය පෙන්වීමට දණ ගසා වැඳීම ඔහු තනිවම ඉගෙන ගත්තේ නැත. අලුත් අවුරුද්දට නිවසට පැමිණෙන ඕනෑම වැඩිහිටියෙකුට "වැඳපන් පුතේ අයියට, අක්කට" කියා ඉගැන්නුවේ දෙමවුපියන්ය.

ලපටි දේශපාලඥයෙක් ඉදිරියේ මේ දෙකට නැමෙන්නේ තනි පුද්ගලයෙක් නොව ජනතාවගේ බදු මුදලින් වසරකට බිලියන 100 කට වඩා ආයෝජනය කරමින් පවත්වාගෙන යන අධ්‍යාපන ක්‍රමයය.

මේ දණ ගසාගෙන සිටින්නේ වසර 13 ක් විධිමත් පාසල් අධ්‍යාපනයක් ලබා දී සමාජගත කෙරුණු ලාංකීය පෞර්ශයය. මේ දණගසා සිටින්නේ දරුවන් පාසල් යැවිය යුත්තේ විභාග දෙකක් සමත් වීමට පමණක් බව තවමත් විශ්වාස කරන දෙමවුපියන්ගේ අභිමානයය.

'මේ තරුණ දේශපාලඥයාට තේරෙන අල බෝලයක් නැත'

මේ තරුණ දේශපාලඥයාට තේරෙන අල බෝලයක් නැත. ඔහුත් සාමාන්‍ය පවුලක ඉපදුනානම් අද මේ තරුණයා කරන දෙයම ඔහු නොකරාවියැයි සිතිය නොහැකිය. දේශපාලඥයා දියුණු තරුණයෙක් වූවානම් අවසාන මොහොතේදී අවම වශයෙන් ඵලය වෙනස් කිරීමට හෝ හැකියාවක් තිබුණි. වඩා හොඳ සමාජයක් නිර්මානය කිරීම වෙනුවෙන් වැඩ කිරීමට ඔහුට උගන්වා නැති බව අපි දැනගෙන බොහෝ කල්ය.

මෙය දේශපාලඥයාගේ උඩඟු සහ අධිපතිවාදී හැසිරීම ලෙස හෝ මේ තරුණයාගේ වහල් කම ලෙස පමනක් ලඝු කොට සැලකිය නොහැකිය.

මෙවැනි තරුණයන් සමාජගත කිරීමට දායක වන දෙමවුපියන්, ගුරුවරුන්, වැඩිහිටි සහෝදරයන්, පාසැල් පද්ධතිය සහ ආගමික සංස්ථාව මෙම පසුගාමී වහල් සමාජ හැසිරීමට සෘජුවම වග කිවයුතුය. මෙය ඔවුන්ගේ වගකීම් නිසි ලෙස ඉටු නොකිරීමේ තාර්කික ප්‍රථිපලයක් ලෙස දැන්වත් පිළිගත යුතුය.

"සඟ රජවරුන්, උගතුන්, බුද්ධිමතුන්, කලා කරුවන්, විදුහල්පති වරුන්, වෘත්තිකයන්, ගුරුවරුන් සහ දෙමවුපියන් පවා දේශපාලඥයන් ඉදිරියේ දණ ගසනවා නම් මගේ දණ ගැසීමේ ඇති වරද මොකද්ද" කියා සමහරවිට මේ තරුණයාට සිතුණා වන්නටද ඉඩ ඇත.

Namal 4 

නාමල්ට වඳින ඡායාරූපය සම්බන්ධයෙන් අජිත් පැරකුම් ජයසිංහ සිය මුහුණු පොතේ මෙසේ සටහන් කර තිබේ.

“නොගැලපෙන වැඳුම් වඳින්නා ගොනෙකි. නුසුදුසු වැඳුම් ලබන්නා මීහරකෙකි.“

Namal 1

නාමල් රාජපක්ෂට වැන්දේ තරුණයකු පමණක් නොව මීට කලකට පෙර මහාචාර්ය නලින්ද සිල්වා ද කොන්ද නවා වඳින අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.

Namal 5

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...