BREAKING
Top Ad
බුකිය

ගෝඨාගේ 'මීටින්' මාධ්‍යයට තහනම් කරන හේතුව? - උවිඳු කියයි

T

The Leader

September 5, 2019 • 8:16 AM

ගෝඨාගේ 'මීටින්' මාධ්‍යයට තහනම් කරන හේතුව? - උවිඳු කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝටා නැමති මහා ප්‍රාඥයාගේ කතා හා එයාගෙ මීටිංවලට මාධ්‍ය තහනම් කරන්නෙ ඇයි කියල බලමු
  • ඒ කතාව ලියා දී ගිරවෙකු ලෙස කතාව පුරුදු කරවන්නට ඕනෑවටත් වඩා සුදුසුකම් මට තිබුණි.
  • මම එයාව වාහනයේ වාඩිකර දොරවසා එයාට නොඇසෙන ලෙස එවකට ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති හරේන්ද්‍ර සිල්වාට කෝල් එකක් දී මගේ අදහස විස්තර කළෙමි.
  • අපි දෙදෙනා මේ විශය ගැන ගොඩාක් කතාකර ඇත්තෙමු.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මම ගෝටාගේ කතා ඔන්ලයින් ඇති හැම එකක්ම අසා ඇත. ඒත් දැන් ජනාධිපති අපේක්‍ෂක වූ පසු තෝරාගත් මධ්‍ය කීපයකට හැරෙන්නට අනිත් මාධ්‍යවලට එන්න දෙන්නේ නැත. ඒ ඇයි කියා කල්පනා කල විට මට මතක් වූයේ ඩීඑස් සේනානායක හා මගේ පුතාය.

මගේ පුතාට එකේ පංතියේදී ළමා අයිවාසිකම් හා වගකීම් (Our rights and duties/responsibilities) ගැන කතාවක් කිරීමට පැවරීය. ඒ කතාව ලියා දී ගිරවෙකු ලෙස කතාව පුරුදු කරවන්නට ඕනෑවටත් වඩා සුදුසුකම් මට තිබුණි. මම පරිවාස ළමා ආරක්‍ෂ නිලධාරීන්ට උඟන්වා තිබුණි, ජනමාධ්‍යවේදීන්ට ළමා අයිතිවාසිකම් සහ මාධ්‍ය වාර්තාකරණය ගැන පුහුණුකර තිබුණි.

ඒත් මම කීවේ පුතේ මේක ගැන අපි දැන් රිසර්ච් කරන්න ඕනෙ කියල. මම එයාව වාහනයේ වාඩිකර දොරවසා එයාට නොඇසෙන ලෙස එවකට ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති හරේන්ද්‍ර සිල්වාට කෝල් එකක් දී මගේ අදහස විස්තර කළෙමි. අපි දෙදෙනා මේ විශය ගැන ගොඩාක් කතාකර ඇත්තෙමු. ඔහු එක පයින්ම එක්කන් එන්න කිවේය. මම පුතාට කිව්ව අපි හරේන්ද්‍ර අංකල් ගාවට ගිහින් කතාවට කරුණු ටිකක් අහගමු කියල. හරේන්ද්‍ර කොහොමත් පුතාගෙ දොස්තර නිසා එයා හා කිව්ව. අපි දෙන්න හරේන්ද්‍රගෙ ඔෆිස් එකට ගියාම එයා මෙයා කියපු ඒවත් එක්ක සාකච්ඡාවක් දාල, ලොකු පෝස්ටරයක් දුන්න මේකත් කියවන්න කියල පුතා අතට.

දැන් ගෙදර ඇවිත් මෙයා ඒක කියවනව, මම කිව්ව කොළයක් අරං ඔයා කැමතිම ඒව ලියන්න කියල. දැන් මෙහෙම දෙතුන් වතාවක් ලිව්වට පස්සෙ මම කිව්ව ඕක පොයින්ට් විදියට ලියල. කතාවක් දෙන්න පුලුවන්ද ඒක බලල ටිකක් විස්තර ඇතිව කියල. එයා කරා. මටත් සංතෝසයි. මෑන්ස් හොඳට දෙනව කතාව.

දැන් සඳුද එස්එම්බ්ලී එකේ දී දෙන්න යන්නෙ. මම ගිහින් බැස්සුව මම ගිහින් එන්නම් කියල. වැඩේ පටන් ගත්තම හොරෙන් බලාගෙන හිටිය වැඩේ. එයාට අඬ ගැහැව්වම ගියා. දැන් කතාව පටන් ගත්ත "Principal sir, my dear teachers and friends...........". දැන් කියාගෙන යනව, අත් දෙක පිටි පස්සට කරං තමා කතාව දෙන්නෙ. සැරෙන් සැරේ එක අතකින් අර කොලේ පොයින්ට්ස් බලබල ඉස්සරහට අරං. මට දැන් කඳුලුත් එනව. මෑන්ස් නියමට දෙනව. එක පාරමටම තැන්ක්‍යූ කියල කතාව නැවැත්වුව. විනාඩි තුනක් විතර තමා කතාව දුන්නෙ.

මට හිනාත් ගියා ඩීඑස් සේනානායකගෙ පලවෙනි ලියාගෙන ඇවිත් කරන්න ගිය කතාවෙ කොළ හුලඟෙ ගිය කතාව මතක් වෙලා. මම ඉස්කෝලෙ ඇරිල එනකොට ඇහැව්ව කොහොමද කියල වැඩේ. එයා ඉතිං කිව්ව, කරා මගදි අමතක උනා අන්තිම පොයින්ට්ස් දෙක කියල. මම ඇහැව්ව ඇයි ඒ කියල. ඒක මතක උනාට එයාට ඒව පැහැදිලි කරන්න තේරෙන්නෙ නැහැ කියල. මම කිව්ව ඉතිං ඔයා ඔයාට තේරෙනව කියලනෙ කිව්වෙ කියල. ඒ උනාට අමතකයි කියල එයා කිව්ව. මම ඉතිං කිස් එකක් දීල ආඩම්බරෙන්, මරුනෙ ඔය ටිකවත් කිව්වෙ කියල කිව්ව.

ඇත්ත එයා කිව්වෙ, අවුරුදු පහේ ළමයෙකුට නෙමෙයි ඒ පෝස්ටරේ කරුණු තිබ්බෙ, ඊට වඩා ලොකු අයට. මම තේරුම් ගත්ත දේ තමා ඒ ඒ වයසට තේරුම් ගන්න, ග්‍රහණය කරගන්න පුලුවන් දේවල තියෙනව, කොච්චර ඒව කියවන්න පුලුවන් උනත් කියන එක අත්දැකීමෙන්ම. හැබැයි පුතාට ක්‍රෙඩිට් එකක් විදියට කියන්න ඕනෙ එයා කොලයක් බලාගෙන නෙමෙයි කතාව කරේ, සැරෙන් සැරේ එයාගෙ කොලේ තියෙන පොයින්ට්ස් විතරක් බලබල. ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ ඉඳන් ටීචර්ස්ල ගණනාවක් අගයකරා එයාගෙ කතාව මාත් එක්ක.

sep 5 text 3දැන් ගෝටට එමු. ගෝටගෙ මේ ඉලෙක්‍ෂන් කැම්පේන් එකේ ඔක්කොම කතා මම ඇහැව්ව එක එක පොහොට්ටු සම්මේලනවල දෙන. ගෝට මාර ප්‍රාඥයෙක් වගේ ටෝක්ස් දෙනව. ඒ කතාවල හරය ගත්තම එකිනෙකට පරස්පර අවස්ථා ඕන තරම් මට පෙන්වන්න පුලුවන්.

බස් සංගමේ කියන එක නෙමෙයි, ත්‍රීවිල් සංගමයෙ කියන්නෙ, ගැහැණු සංගමයෙ කියන එක නෙමෙයි නීතීඥ සංගමේට ගිහින් තව එකක්, නාකි අයට දෙන කතාව තව එකක්. දැන් මෙහෙම වෙන්න පුලුවන්ද අවබෝධයක් තියෙන, ඒ ඒ විශයන් ගැන තමන්ට තමන්ගෙ අදහස් තියෙන කෙනෙකුට. නැහැ, එහෙම වෙන්න බැහැ.

මේව එක එක අය ලියල දෙන කතා. ඒ කතා ලියන අයත් ඒවගෙ කොන්සිස්ටන්සි එක ගැන කිසිම අදහසක් නැති අය. ඒවත් ගෝට කියන්නෙ ටෙලි ප්‍රොම්ප්ටරයක් බලාගෙන. ටෙලි ප්‍රොම්ප්ටරය පෙන්නන්නෙ නැතිව ගාණට කට්කරල දෙරණෙයි තව ඒ ගොල්ලන්ට විශ්වාස මාධ්‍යයට විතරක් ඒක කවර් කරන්න දෙනව. හේතුව ප්‍රාඥයෙක් කියලනෙ ප්‍රොජෙක්ට් කරන්න යන්නෙ, ටෙලි ප්‍රොම්ප්ටරය පේන්න කවර් කරොත් ඉවරයි.

ඒකටත් හේතුවක් තියෙනව. එයාව අපේක්‍ෂකය කියල නම් කරපු පලවෙනි රැස්වීම ටිවී එකේ හා ඔන්ලයින් ලයිව් බලපු ගෝටාවාදීන් මාර පම්පෝරි ගැහැව්ව "කාලෙකින් කොලයක් බලන්නෙ නැතුව තමන්ගෙම ප්‍රතිපත්ති කිව්ව අපේක්‍ෂකයෙකුගෙ කතාවක් ඇහැව්ව" කියල. පැය කීපයි ගියේ ටෙලි ප්‍රොම්ප්ටරය රවුම් කරල දාපු පින්තූර එලියට ආව සමාජ මාධ්‍යවල. ඒකයි මාධ්‍යයට එන්න දෙන්නෙ නැත්තෙ, එහෙම නැතිව ගෝටට මයික් අල්ලල ප්‍රශ්ණ අහයි කියල නෙමෙයි. ප්‍රශ්ණ අහන්න කොහොමත් ලඟට යන්න දෙන්නෙ නැහැ ගෝටගෙ.

ගෝටට ඔය කියන ඒව ගැන කිසිම අවබෝධයක් නැහැ. තාම අයියට වගේම ප්‍රජාතන්ත්‍රවාදය කියන එකවත් හරියට උච්චාරණය කර ගන්න බැහැ. කතා ලියන අයටත්වත් මම හිතන්නෙ නැහැ ඊට ඉස්සෙල මීටිමේ වෙන ඕර්ඩියන්ස් එකකට ගෝට කරපු කතාව මොකක්ද කියන එකවත් අවබෝධයක් තියෙනව හෝ ඒ ගැන හිතනව කියල.

අනිත් එක විනාඩි දහයක කතාවක් වැඩිහිටියන්ට කිව්වොත් ඒකෙන් 20%යි ඒ අය මතක තියාගන්නෙ. එතකොට මුල මැද අග ස්ට්‍රක්චර් කරන්න ඕන විදියවත් දන්නෙ නැහැ. (ඒක පොඩි උපදේසයක්, මොකද ඕව ලියන්නෙත් මගෙ යාලුවො ගොඩක් අය :) )

මම පස්සෙ වෙලාවක මේ පරස්පර පෙන්නවන්නම් එයාගෙයි අයියගෙයි මේ අලුත් කතාවල, ඒ ගොල්ලන් ආණ්ඩු කරපු කාලෙ ඒව පැත්තකට දාල. කතා පරස්පර එකත් පැත්තකින් තියමු පොඩ්ඩකට, කොල බලාගෙන හරි, ටෙලි ප්‍රොම්ප්ටරයක් බලාගෙන හරි කතා කිරීමේ වරදක් නැත.

ඒත් මෙතන වෙන්නෙ මිනිස්සුන්ට ඒක හංගල්ල මාර ප්‍රාඥයෙක් කියල ප්‍රතිරූපයක් හදන්න යන එක. මට හිතෙනව මගේ පුතා තුන්කාලක් කරපු කතාව හොඳයි කියල ගෝටගෙ කතාවලට වඩා, මොකද එයා ඒව අවබෝධයෙන් කරල තියෙන්නෙ.

(උවිඳු කුරුකුලසූරිය - කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ)

-උවිඳුගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...