BREAKING
Top Ad
බුකිය

''සතුරන් දඩයම් කිරීමේ කලාව ගැන මහින්ද මෙන්ම ගෝඨා ද රනිල්ගෙන් උගත යුතුව තිබේ.'' - සිරිමල් විජේසිංහ

T

The Leader

January 5, 2020 • 9:53 AM

''සතුරන් දඩයම් කිරීමේ කලාව ගැන මහින්ද මෙන්ම ගෝඨා ද රනිල්ගෙන් උගත යුතුව තිබේ.'' - සිරිමල් විජේසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රන්ජන් හරකෙක් වෙන්න පුලුවන්. ඒත් ඌ තමයි මේ කාලයේ යථ.
  • මේවා ස්වාධීන අධිකරණයක් මගින් කෙරෙන නීතිමය වැඩ කිඩ බව, ගමේ ගොඩේ ඉන්න අහිංසක මෝඩ ගැමියකුවත් විශ්වාස කරන්නෙ නැහැ.
  • හෝ ඩිලාන් හෝ දයාසිරි හෝ කැමති නැත්නම් දැන්වත් මේ ගොන් වැඩවලට එරෙහිව කට අරිනු ඇතැයි සිතමි.
  • මා මිත්‍ර මහේෂ් හපුගොඩයන් දැක් වූ අදහසක් ද මෙසේ උපුටා දක්වමි.
අකුරු ප්‍රමාණය (Font Size):

මට තියෙන ගැටලුව තමයි ආණ්ඩුව අරන් උණු උණූවෙම මහින්ද වගෙ පරිණත මිනිහෙක් මේ වගෙ ගොං වැඩ කරන්නෙ මොකද කියලයි. මේවා ස්වාධීන අධිකරණයක් මගින් කෙරෙන නීතිමය වැඩ කිඩ බව, ගමේ ගොඩේ ඉන්න අහිංසක මෝඩ ගැමියකුවත් විශ්වාස කරන්නෙ නැහැ.

එන මහ මැතිවරණයහි දී යූන් එන් පී ය දිනනවාට මා මිත්‍ර ඩලස් හෝ වීරවංශ හෝ එස්. බී. හෝ ඩිලාන් හෝ දයාසිරි හෝ කැමති නැත්නම් දැන්වත් මේ ගොන් වැඩවලට එරෙහිව කට අරිනු ඇතැයි සිතමි. මන්ද සිදුවෙමින් තිබෙනා මේ කෝළම් නාටකවල ප්‍රතිවිපාක නොදන්නා තොත්ත බබුන් නොවේ උන්.

යූ එන් පීය සිය සතුරන් දඩයම් කළ කලාව ගැන මහින්ද මෙන්ම ගෝඨා ද රනිල්ගෙන් උගත යුතුව තිබේ. ආමේන්...

මා මිත්‍ර මහේෂ් හපුගොඩයන් දැක් වූ අදහසක් ද මෙසේ උපුටා දක්වමි.

''රංජා ලඟදි තමයි 'ඒ ලෙවල්' කලේ. නමුත් ඔහුට දේශපාලනය ඇතුලේ 'ඒ ලෙවල්'වලට වඩා දෘෂ්ටිවාදය ගැන දැනුමක් තියන බව අද පෙන්නුවා. ඒ තමයි ලංකාවේ ගොඩක් බලවත් පාලනයක් හැටියට ඉස්මතු වෙච්ච් ගෝඨා පාලන ව්‍යුහය ඉස්සරහා ඒක ගණන් ගන්නේ නැතුව ඉන්න පුළුවන් කියල පෙන්නීම.

වෙනත් විදියකට කිව්වොත් ඒක විසින්ම ඒකට 'ජෝක්' එකක් වෙන්න ඇරීම තමයි එයා අද කළේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව එයා විසින් කළේ මේ ඇරෙස්ට් එක සීරියස් දෙයක් නෙවෙයි කියල පෙන්නීම. මම හිතන්නේ අර ලෝකයේ ගොඩක් බලවත් කියල හිතන දෘෂ්ටිවාද ඇතුලත් රෙජිම ගොඩක් ඇදගෙන වැටුණේ මෙන්න මේ ජෝක් වීම නිසා.''

(සිරිමල් විජේසිංහගේ FB පිටුවෙන් උපුටා ගැනිණ )

සබැඳි පුවත් :

මම ගිහිං එන්නම් මල්ලි...: ගෝඨාගේ පාලන ව්‍යුහය 'ජෝක්' එකක් වෙන්න ඇරීම

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...