BREAKING
Top Ad
බුකිය

ඇත්තටම 'හෙලාදැක්ක' උනත් තව ඉවසන්න තිබ්බ....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

October 4, 2023 • 12:40 AM

ඇත්තටම 'හෙලාදැක්ක' උනත් තව ඉවසන්න තිබ්බ....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාමාන්‍යයෙන් මම ටිකක් බලන චැනල් එකක් DW කියන්නේ. උන් ඇවිල්ල චැනල් 4 නෙවෙයි. BBCත් නෙවෙයි. CNNනුත් නෙවෙයි.
  • ඒ කියන්නේ ඇඟ වෙනුවට වචන සහ තර්ක, කලබල බව වෙනුවට ඉවසීම, කේන්තිය පාලනය කරගැනීම, ඉතාම අවාසිදායක දෙයක් උනත් සවන්දීම, අපි 'පහත්' කියල වෙස්ට් එක අපි හෙලාදැක්ක උනත් ඒ ඉස්සරහා උපේක්ෂාව ප්‍රගුණ කිරීම වගේ දේවල් වෙනුවෙන්.
  • ආසියාතික කියන්නේ ආසියාවේ ඉන්නවා කියන එක නෙවෙයි.  ඇත්තටම හෙලාදැක්කම උනත් තව ඉවසන්න තිබ්බ.
  • අපි ඇත්තටම සෙකන්ඩ් ක්ලාස් උණා...
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ උනාට වෙස්ටන් මයින්ඩ් සෙට් එකේ තමයි උනුත් ඉන්නේ. ඒ ගැන කතාවක් නැහැ. ඒ නිසා වෙස්ට් එකේ මයින්ඩ් සෙට් එකට ඇටෑක් එකක් දෙන වෙලාවක DW එකටත් ඒ හැන්දෙන්ම බෙදුවට ප්‍රශ්නයක් නැහැ කියන්න පුළුවන්.

හැබැයි එකම එක සීරියස් පොයින්ට් එකක් මෙතන මඟහැරෙනවා. 

දැන් මෙතන අවුල්ම කෑල්ල තමයි ආසියාවේ අපි ''දෙවෙනි පෙළ මිනිස්සුද'' කියන එක. රනිල් DW මාධ්‍යකාරයාගෙන් අහන්නේ ඒක. ඒ කියන්නේ යම් කරුණක් අහපුවම ඒකට කේන්ති ගිහිල්ල, යකා වෙලා, ආවේස වෙලා, පුද්ගලික මමංකාරය මතු වෙලා සියල්ල අවුල් කර ගන්නවද කියන එක. 

නැත්නම් වෙස්ට් එකේ වගේ සීරියස් විදියට වචන වලින්ම, තර්ක වලින්ම, බුර්ෂුවා වටිනාකම් වලින්ම, ඒ කියන්නේ මැනර්ස් (manners) වලින්ම ප්‍රතිඋත්තර දෙනවද කියන එක. 



මෙච්චර් කල් මහින්ද ගෝඨා වගේ අය වැටිලා තිබ්බේ ඔය කියන කලබල, ඉවසීමක් නැති, වචන සහ තර්කවලට ''ඇඟ දාල'' උත්තර දෙන ආසියාතික, බටහිර නොවන, ගොඩේ පැත්තට. 

රනිල් හිටියේ බටහිර වටිනාකම් එක්ක බටහිරට උත්තර දෙන පැත්තේ. මොඩ් ප්‍රවර්ගයේ. අපි රනිල්ට කඩේ ගියේ ඒ ''වෙස්ටන් ගතිකය'' (Western dynamic) එයාගේ තියනවා කියල හිතාන. ඒ කියන්නේ ඇඟ වෙනුවට වචන සහ තර්ක, කලබල බව වෙනුවට ඉවසීම, කේන්තිය පාලනය කරගැනීම, ඉතාම අවාසිදායක දෙයක් උනත් සවන්දීම, අපි 'පහත්' කියල වෙස්ට් එක අපි හෙලාදැක්ක උනත් ඒ ඉස්සරහා උපේක්ෂාව ප්‍රගුණ කිරීම වගේ දේවල් වෙනුවෙන්.  

අද නම් අපිට සොරි. ඒක ඉංග්‍රීසි ගැන ප්‍රශ්නයක් නෙවෙයි. අපි තුල ඉන්න ''ආසියාතිකයා'' පිළිබද ගැටළුවක්. ආසියාතික කියන්නේ ආසියාවේ ඉන්නවා කියන එක නෙවෙයි. 

ඇත්තටම හෙලාදැක්කම උනත් තව ඉවසන්න තිබ්බ. චැලේන්ජ් එක තිබ්බේ එතන.

අපි ඇත්තටම සෙකන්ඩ් ක්ලාස් උණා...


AKD : ජාතික දේශපාලනයේ අනුරාගමනය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...