BREAKING
Top Ad
බුකිය

හමාස්: ගූගල් ඇල්ගෝරිද්මයට එරෙහිව - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

October 16, 2023 • 2:43 AM

හමාස්: ගූගල් ඇල්ගෝරිද්මයට එරෙහිව - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලයිට් දුන්නොත් බලුප් එකක් පත්තු කරනවා.
  • ස්වාමියාගේ කැමැත්ත තමයි අපේ පැවැත්ම කියල හිතාන දැන් මේ ලිබරල් ලෝකේ ගොඩක් අය ජීවත් වෙන්න හිත හදාගෙන ඉන්න බවත් බටහිර ලිබරල් කියන ස්වාමියෝ දන්නවා.
  • එකම පරිච්චේදය.  1987 පලස්තීන විමුක්ති සංවිධානයේ දිගුවක් හැටියට බිහිව්ච්ච හමාස් සංවිධානය නොයෙක් නොයෙක් විදියට ඊශ්‍රායලය එක්ක හැප්පෙමින් තමයි උන්නේ.
  • ෆටා එක්ක සංධාන ගතවෙන්න බැහැ කීවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙන දෙයක් කාල වෙන දෙයක් බලාන ඔහේ ඉන්නවට වඩා හොඳයි ෆයිට් එකක් දීල මැරෙන එක කියන අදහස පලස්තීනේ දැන් ගොඩක් කාලෙක ඉඳන් තියන අදහසක්. 

ඒක නිසා වෙන්න ඇති ඔරියන්ටලිස්ම් ලියපු එඩ්වඩ් සයිද් ගලක් හරි ඊශ්‍රායලේ දිහාට ගහන්න තීරණය කළේ. 

වතුර දුන්නොත් බොනවා. නැත්නම් හාමතේ ඉන්නවා. ලයිට් දුන්නොත් බලුප් එකක් පත්තු කරනවා. නැත්නම් කළුවරේ ඉන්නවා. කෑම දුන්නොත් කනවා. නැත්නම් නිකම් ඉන්නවා. ස්වාමියාගේ කැමැත්ත තමයි අපේ පැවැත්ම කියල හිතාන දැන් මේ ලිබරල් ලෝකේ ගොඩක් අය ජීවත් වෙන්න හිත හදාගෙන ඉන්න බවත් බටහිර ලිබරල් කියන ස්වාමියෝ දන්නවා.

එහෙම ජීවත් වෙනවා කියන්නේ වහල් පැවැත්මක් කියල කිව්වේ දැන් ශත වර්ෂයකටත් එහා හේගල් කියන දාර්ශනිකයා. විජිතකරණ ස්වාමියාගෙන් ගැළවෙන එක කොයි විදියට ගත්තත් ප්‍රචණ්ඩ ක්‍රියාවක් කියල කිව්වේ ෆ්‍රාන්ස් ෆැනොන්. නිර්යටත්විජිත පිළිවෙලක් හදාගන්න නම් විශාල අපිළිවෙලක් හරහා ගමන් කරන්න වෙනවා කියල කිව්වෙත් ඔහුම තමයි. එකම පොත. එකම පරිච්චේදය. 

53da5c636bb3f7fa452ed0c7

1987 පලස්තීන විමුක්ති සංවිධානයේ දිගුවක් හැටියට බිහිව්ච්ච හමාස් සංවිධානය නොයෙක් නොයෙක් විදියට ඊශ්‍රායලය එක්ක හැප්පෙමින් තමයි උන්නේ. හැබැයි මෑත කාලේ එයාල හැසිරුණේ කිසිම යුද්ධයක් ගැන කිසිම උවමනාවක් නැහැ වගේ. එයාල වැඩියෙන් කතාකලේ ඊශ්‍රායලයේ ඉන්න පලස්තීන කම්කරුවන්ගේ වැටුප් ගැන. ඒ නිසා කවුරුත් හමාස්ගේ යටිබිම් ගත වැඩපිළිවෙල ගැන කතා කලේ නැහැ. ගොඩක් වෙලාවට එයාල දැනෙන්න ඇරියේ අපිට දැන් යුද්ධ කරලා මහන්සියි වගේ එකක්.

මේ නිසා ඊශ්‍රායලයේ සෙබළු හිටියේ ගොඩක් වෙලාවට ටික් ටොක් ගගහ. නැත්නම් ඉන්ස්ටගෑම් එකට ෆොටෝ දදා. 

හැබැයි හමාස් දිගටම සුදානම් උණා. තරුණයින් බඳවා ගත්ත. ගාසා තීරයේ මැතිවරණ වලින් දිනුවා. ෆටා එක්ක සංධාන ගතවෙන්න බැහැ කීවා. ගාසා තීරයේ ඔවුන් ඉතාම ජනප්‍රිය උණා. ඒ නිසාම ඒකෙ බලය තහවුරුකර ගත්ත.

ඒ අතරේ යටිබිම් ගතව සංවිධානය උණා. ඊමේල් ගැහුවේ නැහැ. තුණ්ඩු කෑලි අතින් අත යැව්වා. 

එන්ටබේ ගැන, ගෝල්ඩා මියර්, යුදෙව් බුද්ධිමත්තු ගැන, මොසාඩ් වීරවික්‍රම ගැන, ලොකු තම්බ්නේල් ගහල වීඩියෝ ගියාට, ඒවා වෛරල් උණාට එයාල ඒවා ගැන හිතුවේ නැහැ. කොටින්ම කිව්වොත් ගූගල් ඇල්ගෝරිද්මය ගැන එයාල වදවුණේ නැහැ.

skynews gaza israel 6314397

එහෙම ඉඳල මේ ඔක්තෝබර් 7 ඊශ්‍රායලය පැත්තට දෙනවා අමතක නොවන ප්‍රහාරයක්. ඒකට ඊශ්‍රායලය කිව්වේ එයාලගේ 9/11 කියල.  

මැද පෙරදිග මාර වීරයෙක් වෙච්ච ඊශ්‍රායලයට ඒක ක්ෂ්තියක්.

හමාස් මේක කළේ ආපහු එන බැස්ටිය ගැන දන්නේ නැතුව නෙවෙයි. එයාල දැනගෙන හිටිය මේකෙන් පස්සේ පොළොවට පස් වෙනවා කියල. ඒත් එහෙම කළා. 

මීයෝ වගේ ගාසා තීරයේ ගුලකට වෙලා මැරෙනවද? සතුරාගේ මුණට කෙළ පාරක් හරි ගහල මැරෙනවද? කියන දෙක විතරයි ඔවුන්ට තේරීමට තිබ්බේ. ඉතිං ඔවුන් දෙවැන්න තෝරාගත්ත. 

ළමයි සහ ගෑනු මැරෙන නිසා හරි ලේ හැලෙන නිසා හරි ෆයිට් කරන්න එපා කියල හිතන අය කොමෙන්ට් එකක් දාල අන්ෆ්රෙන්ඩ් වෙලා යන්න. 

''ප්‍රචණ්ඩ බව තුළ මිනිසා නැවත නිර්මාණය වීමද ගැබ්ව තිබේ'' (ෆැනොන්). 



AKD : ජාතික දේශපාලනයේ අනුරාගමනය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...