BREAKING
Top Ad
බුකිය

හමාස් ත්‍රස්තවාදයට ඇද දැමෙන 'ඩයනා වත' - (කුසල් පෙරේරා)

T

The Leader

October 21, 2023 • 3:22 AM

හමාස් ත්‍රස්තවාදයට ඇද දැමෙන 'ඩයනා වත' - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ ඔක්තෝම්බර 20 වන දින පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ පුස්තකාලය අසළ තනි වූ ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිනිය විපක්ෂයේ ස.ජ.බ
  • ඊයේ දිනයේ මා දුටු එක් විඩියෝ පටයක ඇය ඉකුත් 11 වන දින කුඹුක්ගැටේ පාසල් දැරිවියක් බස් රථයක දූෂණය කිරීම සම්බන්ධ සිද්ධියද ඉතා ආවේගශීලීව පාර්ලිමේන්තුවෙහි ඉදිරිපත් කළාය.
  • රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයාගේ නිදහසට කරුණු කීම වූයේ ඔහු “වේස ගැහැණු” යැයි නොකී බවත් ඔහු කීවේ “වේස ගැහැණු වගේ හැසිරෙන්න එපා” යැයි කියා පමණක් බවත්ය.
  • ඒ කිසිවකට එරෙහිව ගත යුතු දැඩි විනය පියවර කතානායක ගන්නේද නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

මන්ත්‍රීවරුන්වන රෝහණ බණ්ඩාර හා සුජිත් පෙරේරා ගේ බල පුළුවන්කාර හයි හත්තියට ගොදුරු වූවාය.

ඇයගේ “මන්ත්‍රී චරිතය” වෙනත් කාන්තා මන්ත්‍රීවරුන්ගේ චරිත ස්වභාවයට වඩා වෙනස් සැර පරුස බස් වහරක් භාවිත කරන්නාවූ සහ මතභේදාත්මක මාතෘකා ඔස්සේ යම් ජනප්‍රිය ප්‍රතිරූපයක් හදා ගැනීමට මහන්සිවන චරිතයකි.

ඊයේ දිනයේ මා දුටු එක් විඩියෝ පටයක ඇය ඉකුත් 11 වන දින කුඹුක්ගැටේ පාසල් දැරිවියක් බස් රථයක දූෂණය කිරීම සම්බන්ධ සිද්ධියද ඉතා ආවේගශීලීව පාර්ලිමේන්තුවෙහි ඉදිරිපත් කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඒ ගැන කිසිදු පියවරක් නොගැනීම පිළිබඳව හා කාන්තා හා ළමා කටයුතු විෂයට අදාල රාජ්‍ය ඇමතිනියද ඒ සම්බන්ධව නිහඩව ඉන්නේ යැයිද ඇය ඇමතිනියව හා මන්ත්‍රීවරියන්ව දැඩි දෝස දර්ශනයට ලක් කළා ය. ඇය එවැනිය.

 ඊයේ ඇය හා ස.ජ.බ මන්ත්‍රී රෝහණ බණ්ඩාර අතර ඇති වූ වාග් ප්‍රහාරයෙහි ආරම්භය කුමක්දැයි නොදන්නාමුත් ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිනියගේ චෝදනාව වූයේත් ඇය දිගින් දිගටම කියුවේත් මන්ත්‍රීවරියන්ට “වේස ගැහැණු” යැයි කීමට රොහණ බණ්ඩාර මන්ත්‍රීවරයාට කිසිදු අයිතියක් නැතැයි කියාය. රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයාගේ නිදහසට කරුණු කීම වූයේ ඔහු “වේස ගැහැණු” යැයි නොකී බවත් ඔහු කීවේ “වේස ගැහැණු වගේ හැසිරෙන්න එපා” යැයි කියා පමණක් බවත්ය. එය තිස්සකුට්ටිආරච්චිගේ වම්බටු කතාව වැන්නකි.

මේ වාදයේ ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිනිය ඇයගේ චරිත ස්වභාවය ඉතා ආවේගශීලීව ප්‍රදර්ශනය කළ අතර, ස.ජ.බ මන්ත්‍රී දෙපළද එළෙසින්ම ඔවුන්ගේ බාල, පාදඩ හැසිරීම පෙන්නූහ.


මේ පාර්ලිමේන්තුවේ හැදියාව එය ය. සෙංකෝලය ඔසවාගෙන දිව යාමේ සිට මිරිස් කුඩු ගැසීම, කතානායක අසුනට වතුර හැලීම, හූ කීම, කුණුහරුපෙන් බැණ ගැනීම, අතින් පයින් ගහ ගැනීම, මේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය හැසිරීම වන්නේය. ඒ කිසිවකට එරෙහිව ගත යුතු දැඩි විනය පියවර කතානායක ගන්නේද නැත. තම පාක්ෂික මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර පක්ෂ නායකයින් ගන්නේද නැත. එයයි මේ පාර්ලිමේන්තු ඉතිහාසය.


ඒ සියල්ල අමතකව, දැන් ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිනියට සැළකෙන්නේද හමාස් සංවිධානයට වාගේය. 1948 න් ඇරඹි ඊශ්‍රායල - අරාබි යුද්ධය සමග ගැට ගැසී ඇති අවුරුදු 75 ක පලස්තීන අර්බුදයේ ඉතිහාසය අමතක කර ඔක්තෝම්බර 07 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රදේශ වෙත එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය සමග ඊශ්‍රායල-පලස්තීනු යුද ඉතිහාසය හමාස් ත්‍රස්තවාදයට ලඝු කර ඇති ආකාරයට ය. මේ පාර්ලිමේන්තුවේ හෙළුව වහ ගනු ලබන්නේද ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිනිය ඊයේ මුදා හැරි ඇයගේ අවලං කතා සමගය.

 පලස්තීන-ඊශ්‍රායල සන්නද්ධ ගැටුමෙහි සමස්ථ ම්ලේච්ඡත්වයද හමාස් වෙත පවරා ඊශ්‍රායලය පහර දෙන්නේ සිය ආරක්ෂාවට යැයි කියන්නාක් මෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දිග හැරුණු පාදඩ ක්‍රියාවේ සියලු වරද ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිනියට පවරා ස.ජ.බ මන්ත්‍රීවරුන් ඇයගෙන් බේරීමට උත්සාහ කළ අහිංසකයින් බවට පත් කරන ප්‍රකාශ දැන් අසන්නට ලැබෙන්නේය.

 

එවැනි දේශපාලනයක, මේ ආරවුලට හවුල් සියලු දෙනගේ පාක්ෂිකත්වය අහෝසි කර ඔවුන් සියලු දෙන මන්ත්‍රී ධූරවලින් ඉවත් කිරීමට තරම් විනයක් හැදියාවක් දේශපාලන නායකයින්ට නැත. පක්ෂයක විනය රකින්නේ නැතිනම්, පක්ෂයක විනය පවත්වා ගැනීමේ සම්ප්‍රදායක් හදාගෙන නැති නම්, මේ පාර්ලිමේන්තුවේ පමණක් නොව, ඊළඟ මැතිවරණයෙන් පත් කෙරෙන පාර්ලිමේන්තුවේද විනයක් පවත්වා ගැනීමට නොහැකි බව අලුතෙන් කිව යුත්තක් නොවේ.

පාර්ලිමේන්තුවේ මේ අවලං හැසිරීම් ඩයනාට සහ ස.ජ.බ මන්ත්‍රීවරුන්ටත් මේ වාරයටත් සීමා නොවන බව පමණක් එනිසා කිව යුතුය.

kusal perera
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

 

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 ඔක්තෝම්බර 21

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හමාස් ත්‍රස්තවාදයට ඇද දැමෙන 'ඩයනා වත' - (කුසල් පෙරේරා) | The Leader