BREAKING
Top Ad
බුකිය

හීනයක් වෙනුවෙන් රැවටුනත් මොකද? - (චින්තන ධර්මදාස)

T

The Leader

October 27, 2023 • 11:15 AM

හීනයක් වෙනුවෙන් රැවටුනත් මොකද? - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවුරුදු දෙකකට විතර ඉස්සර එක පාර මට සන්නා කතා කළා.
  • 'බොස් ඇතුලෙ' කලු වීදුරු දාලා ඇතුල පේන්නෙ නෑ.
  • හැබැයි පෙරටුගාමී පක්සෙ එකෙක්ද දන්නෙ නෑනෙ' මං ඇත්තටම වාහනේට නැග්ගෙ බයෙන්.
  • අපි පෝස්ට් ප්‍රොඩක්ෂන් ඇමරිකාවෙ කරමු' එයා කිව්වා.
අකුරු ප්‍රමාණය (Font Size):


'මචං උඹව ඇමරිකාවෙ ඉදන් කෙනෙක් ඇවිත් හොයනවා. ෆිල්ම් එකක් කරන්න'

මං හොල්මං වුනා. කීයටවත් වෙන්න බැරි දෙයක්.

'හරි සන්නා මගේ නම්බර් එක දෙන්න'

ඒ අපූරු මනුස්සයා මට මුනගැහුනෙ එහෙම.

කෝල් එකක් දීලා මිනිහා මාව හම්බුවෙන්න ආවා.

'මචං උඹ යන්න කැමති තැන මොකක්ද ? මේ ගැන  කතා කරන්න'

එහෙම චිත්‍රපටියක් ගැන සාකච්ඡාවක්.

එක පාරට ලොරියක් තරම් තඩි ජීප් එකක් ඇවිත් නැවැත්තුවා. ගාර්ඩ් එකේ කෙනෙක් බැස්සා.

'බොස් ඇතුලෙ'

කලු වීදුරු දාලා ඇතුල පේන්නෙ නෑ. මෙහෙම චිත්‍රපටි කරන හාදයො මට මුනගැහිලා නෑ.

'මූ ඇමතියෙක්ද? නැත්තං මාව මරන්නවත් ප්ලෑන් එකක්ද? ඒත් ඉතිං මාව මරන්න කිසි හේතුවක් නෑනෙ. හැබැයි පෙරටුගාමී පක්සෙ එකෙක්ද දන්නෙ නෑනෙ'

මං ඇත්තටම වාහනේට නැග්ගෙ බයෙන්.

ව්‍යාපාරික පෙනුමැති උස මහත මිනිහෙක්. සිංහාසනයක් තරම් අලි සීට් එකක මීයෙක් තරං මම.

මිනිහා මට පොතක් දුන්න. All the Way. ඇන්ඩි බෙරන්ස්ගෙ. මං ඒ රයිටර් ගැන හෝ පොත ගැන කිසි දෙයක් දැනං හිටියෙ නෑ.

'මේක මං එද්දි එයාර්පෝර්ට් එකෙන් ගත්තෙ. ෆ්ලයිට් එකේ කියවන්න. මාර පොතක් මචං. මට ලංකාවෙ එකෙක් එක්ක මේක ෆිල්ම් එකකට කරන්න ඕනි. සන්නා හොයාගෙන ගියා. සන්නා කිව්වා උඹ තමයි ම්නිහ කියල'

මං පොත ගැන කිසි දෙයක් දන්නෙ නැති වග කිව්වා. කියවන්න සතියක් ඉල්ලුවා.

'හරි මචං, මං සති තුනයි ලංකාවෙ ඉන්නෙ. යන්න කලින් අපි මේකෙ වැඩ පටන් ගන්න ඕනි. මට මේක ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ්ස්වලට තියෙන්න ඕන. ලංකාවෙ වැඩක් විදිහට ඇමරිකාවෙ පෙන්නන ගානට වැඩේ ඕන'

මොනාද බොන්නෙ ඇහුවම මං කිව්වා විස්කි කියල. ඒ හෝටලේ තියෙන හොඳම විස්කි එක ගේන්න කියල මිනිහා වේටර්ට කිව්වා.

නෑ නෑ මචං අපි බ්ලැක් එකක් ගමු.. මං ඌට බාධා කළා.

අපි විස්කි බෝතලේම බිව්වා.

'මචං මේක ලියන්න හොඳම ටීම් එක මේකට දාගන්න ඕනි. උන් ඉල්ලන ගාන අපි ගෙවන්න ඕනි. මං ඩොලර් වලින් හම්බු කරන්නෙ. උඹලට හිතාගන්න බෑ ඒ ගාන. ඒ හින්ද පොඩ්ඩක්වත් වැඩේ කොම්ප්‍රොමයිස් කරන්න එපා. හොඳම දේ කරපං.

අපි පෝස්ට් ප්‍රොඩක්ෂන් ඇමරිකාවෙ කරමු' එයා කිව්වා.

මගේ ඇඟ  හිරිවැටිලා ගිහින්. ලංකාවෙ  චිත්‍රපටිකාරයෙකුට අහන්නවත් ලැබෙන දේවල්ද මේ.

මං හිටියෙ හඳේ.

ගෙදර ඇවිල්ලා පොත කියෙව්වා.

ඔව්.. ඒක කරනවා නං ලංකාවෙ ඉන්නෙ මං තමයි.

ඒක කමින්ග් ඔෆ් ඒජ් කතාවක්. සෙක්ස් කොමඩියක්.

මේකෙන් ෆිල්ම් එකක්  නොකෙරි තියෙන්න බෑ. මං ගූගල් කරලා බැලුවා. පට්ට ෆිල්ම් එකක් කරලා තිබුන. ඒක රෝඩ් ට්‍රිප් එකක්.

'මචං අපි මේක ලංකාවට අඩප්ට් කරමු. කොළඹ ඉදන් ආරුගම්බෙට රූට් එක හදමු'
මං යෝජනා කළා.

එල. එහෙනං උඹ ලියන සෙට් එකත් දාගෙන ලෑස්ති වෙයං. අපි ඔය රූට් එකේ තැන් තැන්වල නැවතිලා ලියමු. මට ඕන උඹලට ජීවිතේට අමතක නොවෙන සැපක් දෙන්න.. එයා කිව්වා.

ඌ දෙවියෙක් බවට මට කිසි සැකයක් තිබුනෙ නෑ. මං මගේ බෙස්ට් ටීම් එක එකතු කරගත්තා.

චන්දන, බෝ, පමුදිත, රන්දු සහ මම. පස්සෙ බූඩිවත් දාගන්න ප්ලෑන් කළා.

ඔන්න අපි ට්‍රිප් එක යන දවස ළං වුන.

'මචං මං උඹලට මගේ ක්‍රෙඩිට් කාර්ඩ් එක දෙනවා. උඹලා කැමති විදිහට වියදම් කරපල්ලා. මට මැදදි ටිකක් එහෙ මෙහෙ යන වැඩ ටිකක් තියෙනවා '

ඒ තමයි මට ඒ මනුස්සයාගෙන් ලැබුන අවසාන පනිවිඩය. ඊට පස්සෙ කෝල් ආන්සර් නැතුව ගියා, නම්බර් එක වැඩ නැතුව ගියා.

මට තාම හිතාගන්න බෑ මොකක්ද එතන වුනේ කියල. ඒත් ඒ තරං ලක්ෂරි හීනයක මාව මාසයක් විතර කල් තිබ්බ එක ගැන ඒ මනුස්සයාට මගේ හිතේ තියෙනවා ලොකු ස්තුතියක්. ඒ වගේ සුඛෝපභෝගී හීනයක් චිත්‍රපටිකාරයෙකුට එක පාරක් හරි විඳින්න ලැබෙන්න ඕන. බොරුවක් වුනත් ඒකෙ සැප!

ඒ ගුප්ත මිනිහා මගේ විශ්වයෙන් අතුරුදන් වුනා. හැබැයි අවුරුදු ගානකට පස්සෙ අර වැඩේට එකතු වුන ටීම් එක එකතු වෙලා සල්ලි හොයාගෙන වැඩක් කළා. අර සැපෙන් අංශුමාත්‍රයක් නැතුව. පට්ට කට්ටක් කාලා.

ඒ තමයි මීයා.
 

zdtfwer

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...