BREAKING
Top Ad
බුකිය

ඉන්දීය (ක්‍රිකට්) ආධිපත්‍යය - (ආචාර්ය අතුලසිරි සමරකෝන්)

T

The Leader

November 6, 2023 • 6:47 AM

ඉන්දීය (ක්‍රිකට්) ආධිපත්‍යය - (ආචාර්ය අතුලසිරි සමරකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන තරග මාලාවේදී ඉංදියාව දැනට අපරාජිතව ඇත.
  • නමුත් ඉංදියාව‌ ඉංදියාවේ දී වර්තමානයේ පරාජය කිරීම දැවැන්ත අභියෝගයක් බව පෙනෙයි.  තරුණ ක්‍රීඩකයන්‌ රැසක් සහිත ලංකාවට ලෝක කුසලානය තබා ඉතිරි තරග ජය ගැනීමත් ඉතා දැඩි අභියෝගයකි.‌ ක්‍රිකට් අවිනිශ්චිතය.
  • නමුත්‌ ඉංදියාව තරග කරන ආකාරය එම ප්‍රකාශය පවා වැරදි  බව පෙන්වයි.
  • ඉංදියාව ජයගැනීම අපගේ අසල්වැසියා ලබන ජයක් නිසා අපට ද සතුටට හේතුවක් කර ගැනීම විනා වෙනත් විකල්පයක් නැත...
අකුරු ප්‍රමාණය (Font Size):

‌ලංකාව සහ ඊයේ දකුණු අප්‍රිකාව ලද පරාජයන් සේම එංගලන්තය දවා ගැනීම ආදිය දෙස බලන විට ඉංදීය පන්දු යැවීමේ බල ඇණිය අන්ප්ලේයබල් තත්වයක සිටින බව පෙනී යයි.  

            

අනෙක් කණ්ඩායමකට තණතීරුව බැටින් හෝ බොව්ලින් ලෙස පෙනීගියත් ඒ දෙකටම ඉංදියාව සූදානම්ය. ‌‌‌

ඉංදියාව විසින් ලංකාව වැනි කන්සිස්ටන්සි අතින් පහළ කණ්ඩායමක්‌‌ සේම ප්‍රබල‌ පන්දු යවන්නන්‌ සිටින සහ දැනටමත්‌ කොලිෆයිඩ් වී ඇති ප්‍රොටීස් ලව දවා ගැනීම විශ්මකර්ම බලයකින් සිදුවූවා‌ සේ පෙනීයයි. 

කෙසේමුත් ඉංදියාව‌‌ හමුවේ හැම ටීම් එකකම ඉරණම ඉතාම දරුණු එකක් වී ඇත. එනිසා බොහෝ අය බොහෝ දේ කියයි. නමුත් ඉංදියාව‌ ඉංදියාවේ දී වර්තමානයේ පරාජය කිරීම දැවැන්ත අභියෝගයක් බව පෙනෙයි. 

6520b070 7a44 11ee 8139 61b1db4c8e2f

තරුණ ක්‍රීඩකයන්‌ රැසක් සහිත ලංකාවට ලෝක කුසලානය තබා ඉතිරි තරග ජය ගැනීමත් ඉතා දැඩි අභියෝගයකි.‌ ක්‍රිකට් අවිනිශ්චිතය. නමුත්‌ ඉංදියාව තරග කරන ආකාරය එම ප්‍රකාශය පවා වැරදි  බව පෙන්වයි. එක දිගට ප්‍රතිවාදී කණ්ඩාම් සියල්ල පසු බස්වමින් ඉංදියාව ජයග්‍රහණය ‌වෙත යමින් සිටී. ඉංදියාව ජයගැනීම අපගේ අසල්වැසියා ලබන ජයක් නිසා අපට ද සතුටට හේතුවක් කර ගැනීම විනා වෙනත් විකල්පයක් නැත...

Nirmala Sitharaman in Colombo 738505

ඉංදීය ක්‍රිකට් සේම ඉංදීය භූදේශපාලන බලයද අද වන විට කලාපයට සහ ලෝකයට ප්‍රබල බලපෑමක් ඇතිකරමින් තිබේ. ඉංදීය මුදල් ඇමතිනියගේ තුන්දින නිළ සංචාරය අපට බොහෝ දේවල් සිතන්නට එක්කර ඇත. 

ඉංදියාව ට ලංකාව මූලෝපායිකව වැදගත්ය.‌ එම නිසා ඉංදියාව ලංකාව සහ අනෙකුත් බලවතුන් අතරවන ගණුදෙනු පාලනයකට උත්සාහ කරයි. 

ජාත්‍යයන්තර දේශපාලනය තුළ ඉංදීය සහ ලංකා සබදතාව විශේෂ එකකි. එය අදට වඩා හෙට දී නව න්‍යායාත්මක සාකච්ඡාවලට මග පාදනු ඇත....නමුත් ඉංදියාව නැමති අති දැවැන්ත බලය සමග කරන දේශපාලන ගණුදෙනුව මීට වඩා සියදහස් ගුණයකින් සිතමින් සිදුකළත් අසමාන බල ව්‍යූහය නිසා අපගේ ඉරණම පැහැදිළිය. 

එය ජය/පරාජය පිළිබද තත්වයකට වඩා එනම් ක්‍රිකට් ක්‍රීඩාවට එහා යන තත්වයකි. එයට මුහුණ දීමට අවශ්‍යය ඤාණය හා බලය අප‌‌ට දැනට නැත....නමුත් IPL වැනි මොඩලයක් තුළ‌ එම ව්‍යූහාත්මක බලය නිරූපණය විය හැක...

(ආචාර්ය අතුලසිරි සමරකෝන්)
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය


Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්.. 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...