BREAKING
Top Ad
බුකිය

බෝලරයා වානරයා – කීපරයා බෝක්කුවා - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader

November 7, 2023 • 11:08 AM

බෝලරයා වානරයා – කීපරයා බෝක්කුවා - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිකට් කියන්නෙ ජාත්‍යන්තර ජාවාරමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නෙ ඒ ජාවාරමේ ලංකාවෙ හවුල්කාරයන්.
  • ක්‍රිකට් උපකරණ වෙළඳපොළ කියන හොර ජාවාරම්පොළේ අඩු වටිනාකමක් ඇති ලී කෑලි, රෙක්සින් කෑලි වෙනුවෙන් අති විශාල මුදලක් පාසල් විවිධාකාරයෙන් වැය කරනවා.
  • ඒකට බ්‍රෝකර්කම කරමින් පාසල් අන්දන්නෙ පාසල් ක්‍රිකට් සම්මේලනයේ ඉන්න ගුරු තක්කඩි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙතන ශම්මි සිල්වා තමන්ගෙ සාමාජිකයන් කියන්නෙ කවුරුද? ඒ තමයි ක්ලබ්කාරයන්. උන් අමුවෙන්ම ජාවාරම්කාරයන්. කොච්චර ජාවාරම්කාරයන්ද කියනවා නම් ටූනමන්ට්වලට ටීම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවා ඇකඩමි කියන ජාවාරම පවත්වාගෙන යන කෝච්ලාට විකුණන වෙළෙන්දන්.


මුන්ට ක්‍රිකට් ගහන්නයි, උන්ගෙ පැවිලියන් අරවා මේවා අටවාගන්නයි පළාත් පාලන ආයතන පිට්ටනියක්වත් අඩුගානට දෙන එක වැරදියි. රජයට වගකියන්නෙ නැතිනම් මොන මගුලටද පොදු දේපළ වෙන්කරන්නෙ?


අනෙක් කාරණේ පාසල් ක්‍රිකට්. මුන් ඉඳහිට ලොකු උත්සවයක් තියලා බෝල දෙකයි බැට්ටෙකයි වගේ එකක් දෙනවා ඉස්කෝලවලට. ඒ හැර වෙන කිසිම දෙයක් පාසල් ක්‍රිකට්වලට කරන්නෙ නැහැ. කොළඹින් පිට ටර්ෆ් විකට් නැහැ. මුන් හෙණ ගානක් ගහලා ඉස්කෝලවලට ඉඳහිට මැටිං එකක් දෙනවා.

පාසල් ක්‍රිකට් සම්මේලනය කියන ගුරුවරුන්ගෙ හොර තිප්පොලට අහුමුල්ලක කාමර කෑල්ලකුයි, මුන්ගෙ අතපල්ලෙන් වැටෙන ෆොරින් ටුවර් වගේ කටු කෑලි ටිකකුයි ලැබෙනවා. එතන ඉන්න ගුරුවරුන්ට ඒවා මාරයි. උන් පව්. ජෝසප් ස්ටාලින්ගෙයි, මහින්ද ජයසිංහගෙයි තක්කඩි ගෝලයන් තමයි. පාසල් ක්‍රිකට් සම්මේලනය ඒ කටු කෑලි ටිකට රටේම පාසල් අන්දනවා.



බරපතලම ප්‍රශ්නෙ මේකයි. මුන් මේ කොම්පැනිය දුවන්නෙ තනිකරම පාසල්වලින් උන්ට ලැබෙන මානව සම්පත්වලින්. ඒ වෙනුවෙන් රජය ළමයින්ගේ පාසල් කාලය, අධ්‍යාපනික සම්පත්, පාසල් යටිතල පහසුකම් විතරක් නෙමෙයි අරමුදල් පවා වියදම් කරනවා. ක්‍රිකට් උපකරණ වෙළඳපොළ කියන හොර ජාවාරම්පොළේ අඩු වටිනාකමක් ඇති ලී කෑලි, රෙක්සින් කෑලි වෙනුවෙන් අති විශාල මුදලක් පාසල් විවිධාකාරයෙන් වැය කරනවා. ඒකට බ්‍රෝකර්කම කරමින් පාසල් අන්දන්නෙ පාසල් ක්‍රිකට් සම්මේලනයේ ඉන්න ගුරු තක්කඩි.



ඔය ඩිවිෂන් ටූ, ත්‍රී ක්‍රිකට් ගහන පාසල් දෙයියන්ගෙ නාමෙට වෙන වැඩක් බලාගගනිල්ලා හත්ඉලව්වෙ. මුළ ඉතිහාසෙම ඩිවිෂන් ත්‍රී ගහපු අයගෙන් අකිල ධනංජය ඇරෙන්න වෙන කවුරුවත් මං දන්න තරමින් ලංකා කණ්ඩායමට ගහල නැහැ. ඒකත් මහේල ජයවර්ධන නිසා මිසක් පාසල් ක්‍රිකට් සම්මේලනය හෝ වෙන මොන මගුලක් හෝ නිසා නෙමෙයි.


ක්‍රිකට් කියන්නෙ අම්පයර්, ස්කෝරර්, කෝච්, මාස්ටරින්චාජ් දක්වාම හොර ජාවාරමක්. මේක ක්‍රීඩාවක් නෙමෙයි.


රටේ අනන්ත ප්‍රශ්න තියෙද්දි රජය මොන එකකටද මුන්ව මෙච්චල් කරන්න තටමන්නෙ. ඕනැ පුපක් කරගනිල්ලා කියලා හිටිය නම් වැඩි කාලයක් යන්න කලින් ක්‍රිකට් ප්‍රශ්නෙ ඉවරයි. ලංකාවෙ ක්‍රිකට් ගොඩගන්න මුළු රටක් වධ වෙන්න ඕනැ නැහැ. මුන් මොක්කු හරි එවුන් ටිකක් අල්ලගෙන උන්ගෙ බිස්නස් එක ගෙනියයි. දැට්ස් ක්‍රිකට්.



ක්‍රිකට් කියන්නෙ ලෙඩුන් බිහිකරන ක්‍රීඩාවක්. ශාරීරික ලෙඩුන්ට අමතරව මේ වගේ මානසික ලෙඩුන්වත් හදල තියෙන්නෙ ක්‍රිකට්වලින්. රජය මහජන මුදල් වියදම් කරන්න ඕනැ කාටත් පාවිච්චි කරන්න පුළුවන් ජොගිං ට්‍රැක් වගේ ඒවට. ඒවා රටට වාසිදායකයි. ව්‍යායාම කරන්න. සතුට වෙනුවෙන් ක්‍රීඩා කරන්න. ඔලිම්පික්වල ඉඳන් ක්‍රිකට් වර්ල්ඩ් කප් එක දක්වා තියෙන්නෙ බිස්නස්. තමන්ට වාසියක් නැතිනම් ඒවා ගැන වොරිවෙන්න එපා. නැගල යනව නම් බලල සතුටු වෙන්න. එච්චරයි.



AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...