BREAKING
Top Ad
බුකිය

විශ්වාස කරන්න. ඔබට පුදුමයන් හමුවනු ඇත....(ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

November 8, 2023 • 11:13 AM

විශ්වාස කරන්න. ඔබට පුදුමයන් හමුවනු ඇත....(ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි හැමදාම ක්‍රිකට් බලනවා. හැමදාම වගේ එකෙන්නෙක් හෝ දෙන්නෙක් දක්ෂයෝ ක්‍රීඩා කරනවා.
  • ආශ්චර්යයන් ගොඩක් වෙලාවට දෙවියන් විසින් සිදු කරනවා කියල අපි හිතුවත් ඇත්තටම ඒවා සිද්ද කරන්න දෙවියන්ගේ අසිරිමත් උරුමය උරමත තියාගෙන මේ පොළොවේ ඇවිදයන මිනිස්සු විසින්.
  •   ඊයේ ටිකක් මහන්සි හින්ද ක්‍රිකට් අප්ඩේට් එක බලල 97/7 තිබ්බ නිසා නිදාගත්ත.
  • සීයට අඩුවෙන් විකට් 7ක් වැටිලා තියනකොට, කකුලක් අඩපන වෙලා තියන කොට, ඇෆ්ගන් එවුන් යක්කු වගේ බෝල් කරන කොට, කණ්ඩායමේ වෙන ලොකු ස්ට්‍රයිකර් කෙනෙකුත් නැති කොට, එළියට විසිවෙන්න ඔන්න මෙන්න වගේ තිබ්බ වෙලාවක මේක ඇත්තටම පුදුමයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

සමහර විට සමස්ත කණ්ඩායමම දක්ෂ ලෙස ක්‍රීඩා කරලා තරඟ දිනවනවා. එහෙත් ඒ ගොඩක් තරඟ හෝ ඉනිම් අපි දවසක් දෙකකින් අමතක කරනවා. මොකද ඒවා අපි අර කතාකරන ආශ්චර්යයන්, පෙළහරයන්, විශ්මයන්, අරුමැසි දේවල් කියන ප්‍රවර්ගයට අයිති වෙන්නේ නැති නිසා.


ආශ්චර්යයන් ගොඩක් වෙලාවට දෙවියන් විසින් සිදු කරනවා කියල අපි හිතුවත් ඇත්තටම ඒවා සිද්ද කරන්න දෙවියන්ගේ අසිරිමත් උරුමය උරමත තියාගෙන මේ පොළොවේ ඇවිදයන මිනිස්සු විසින්.  


ඊයේ ටිකක් මහන්සි හින්ද ක්‍රිකට් අප්ඩේට් එක බලල 97/7 තිබ්බ නිසා නිදාගත්ත. අද උදෑසන අවදි වෙනකොට එක්තරා මිනිහෙක් අර මම කිව්ව දක්ෂතා පෙන්නීමෙන් ඔබ්බට ගිහිල්ල පුදුමයක් නැත්නම් ආශ්චර්යයක් සිද්ද කරලා.

ක්‍රිකට් කියන්නේ එහෙම ආශ්චර්යයන් සිද්ද කරන්න පුළුවන් ක්‍රීඩාවක්.


සීයට අඩුවෙන් විකට් 7ක් වැටිලා තියනකොට, කකුලක් අඩපන වෙලා තියන කොට, ඇෆ්ගන් එවුන් යක්කු වගේ බෝල් කරන කොට, කණ්ඩායමේ වෙන ලොකු ස්ට්‍රයිකර් කෙනෙකුත් නැති කොට, එළියට විසිවෙන්න ඔන්න මෙන්න වගේ තිබ්බ වෙලාවක මේක ඇත්තටම පුදුමයක්.


බොලේ පිච් වෙන ලයින් එකට කකුල එන්න ඕනි වගේ බැටින් තියරි නම් ඊයේ අදාල උනේම නැහැ. ඇත්තටම පළමුවෙනි සීයෙන් පස්සේ ගැහුවේ ක්‍රිකට් නෙවෙයි එල්ලේ. එහෙම තමයි ආපතික දේවල් සිද්ද කරන්නේ. ඒක ලස්සනයි.

ඉස්කෝලේ යන කාලේ පාසල් ක්‍රිකට්වල ඉඳන් උගන්වන එකම එක තියරියයි ඊයේ වැදගත් උනේ. ඒ තමයි විකට් වැටෙමින් යනකොට එකෙක් අල්ලගෙන ඉන්න සහ අනිත් එකා ගහන්න කියන තියරිය. ඒක හරියටම ෆලෝ කළා. කකුල අවුල් හින්ද රොටේට් කරලත් වැඩක් නැහැ.

ටර්බෝ හයිකරපු එහෙම ආශ්චර්මත් ඉනිමක් සෙල්ලම් කළාට ස්තුති මැක්ස්වෙල්....

උඹේ ෆොටෝ එකක් මගේ වෝල් එකේ අද තියෙන්න ඕනි නිසයි මේ සටහන ලිව්වේ.

අපේ බුකියේ උන්නම් කියන්නේ මේ ඉනිම මේ සියවසේ ඉනිම කියල. ඒක ගොඩක් දුරට ඇත්ත තමයි.

උඹල මේ පාර කප් එක ගත්තත් නැතත් මේ ඉනිම ඇති මේ වල්ඩ් කප් එකට.
ඉන්දියාව ෆයිනල් සෙට් උනොත් අර චාරයක් නැති කටක් තියන එකාට මේ විදියටම සලකපන්...උඹට පිං...

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...