BREAKING
Top Ad
බුකිය

ප්‍රශ්න විසඳා නොගත යුතු විදිය හා, ක්‍රිකට් 'අරගලය' - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader

November 10, 2023 • 12:55 PM

ප්‍රශ්න විසඳා නොගත යුතු විදිය හා, ක්‍රිකට් 'අරගලය' - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බැලූ බැල්මට දූෂිතය. එහෙත් ඔප්පු වී නැත.
  • ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා සමාජයේ අවස්ථා ඇකඩමි කෝච්ලාට විකිණීම ඇතුළු අති විශාල ජාවාරම් ප්‍රමාණයක් මෙහි තිබේ.
  • ඒ ඒ වකවානුවල සිටින ක්‍රීඩකයන්ගේ, කණ්ඩායමේ, නායකත්වයේ හා පුහුණුකරුවන් ආදීන්ගේ දක්ෂතා නිසා ඇතැම් වකවානුවලදී තරග ජයගන්නා අතර ඇතැම් කාලවලදී පරාජය වේ.
  • අවසානයේදී මොවුන් පාර්ලිමේන්තු විවාදයක් වෙනුවෙන් මහජන මුදල් නාස්ති කර ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් වලංගු නොමැති මුග්ධ යෝජනාවක් සම්මත කරගත්හ.
අකුරු ප්‍රමාණය (Font Size):

වත්මන් පරිපාලනය පමණක් නොව සියලු අතීත ක්‍රිකට් පරිපාලනයන් ද එවැනිය.


ලංකාවේ ක්‍රිකට් ව්‍යූහය සැකසී තිබෙන්නේම දූෂිත ස්වරූපයකිනි. එහි සාමාජිකයන් වන ක්‍රිකට් සමාජ යනු දූෂණයේ මූලයයි. පැරණි හා ප්‍රධාන සංගම් හැර අනෙකුත් සංගම් තනිකරම පෞද්ගලික සමාගම් වැනිය. එහෙත්, ඔවුන්ට ද ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණවලදී ඡන්ද බලය තිබේ. එම ඡන්දය මුදලට විකිණීම සාමාන්‍ය සම්ප්‍රදායයි.



එවැනි දෙකයි පනහේ ක්‍රිකට් සංගම් විසින් විකුණනු ලබන්නේ ඡන්දය පමණක් නොවේ. ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා සමාජයේ අවස්ථා ඇකඩමි කෝච්ලාට විකිණීම ඇතුළු අති විශාල ජාවාරම් ප්‍රමාණයක් මෙහි තිබේ.

ක්‍රිකට් යනු ශ්‍රී ලංකා ක්‍රිකට්වල සිට ක්ලබ්, කෝච්ලා, අම්පයර්ලා, ස්කෝරර්ලා පාසල් ක්‍රිකට් නිලධාරීන් දක්වා හොර ජාවාරමකි.

ක්‍රිකට් ක්‍රීඩකයන් ද එකී ක්‍රීඩාවට ගැලපෙන දූෂිතයන්ය. ඒ ඒ වකවානුවල සිටින ක්‍රීඩකයන්ගේ, කණ්ඩායමේ, නායකත්වයේ හා පුහුණුකරුවන් ආදීන්ගේ දක්ෂතා නිසා ඇතැම් වකවානුවලදී තරග ජයගන්නා අතර ඇතැම් කාලවලදී පරාජය වේ.

ක්‍රිකට් මැච් දිනන කාලයටත් මේ දූෂිත යන්ත්‍රය එහෙමම ක්‍රියාත්මක වේ.


මැච් පරදින කාලයට තඩිබාන්නට ක්‍රිකට් පරිපාලනය හොඳ මුව හමකි. රොෂාන් රණසිංහ නම් මුග්ධ ක්‍රීඩා ඇමතිවරයා උෂාර් කළේ එයයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් මන්ත්‍රීවරුන් අති විශාල පිරිසක් එයට එක් වූහ. අවසානයේදී මොවුන් පාර්ලිමේන්තු විවාදයක් වෙනුවෙන් මහජන මුදල් නාස්ති කර ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් වලංගු නොමැති මුග්ධ යෝජනාවක් සම්මත කරගත්හ.


අවසාන ප්‍රතිඵලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පැනවීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් බඳුම තවත් දූෂිත ආයතනයක් වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කරගෙන තිබෙන්නේ ද රොෂාන් රණසිංහ පන්නයේම ගොබ්බ වැඩකි. ක්‍රිකට් යනු සීමිත රටවල් කීපයක පමණක් ජනප්‍රිය වෙළඳපොළකි. එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි ක්‍රිකට් ක්‍රීඩා කරන දියුණු රටවල ක්‍රිකට්වලට වඩා ජනප්‍රිය ක්‍රීඩා ඇති නිසා එහි ක්‍රිකට් වෙළඳපොළ හැකිළෙමින් තිබේ. ඒ වෙනුවට එම වෙළඳපොළ ආසියාවට හැරී ඇති අතර ඉන්දියාව, ලංකාව, බංග්ලාදේශය, පකිස්තානය වැනි රටවල් එහි ප්‍රධානය. ලංකාවේ මාකට් එක හැකිළීම ක්‍රිකට්වලට හිතකර තත්වයක් නොවේ.


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් තහනම හැකි තරම් දීර්ඝ වීම ලංකාවට ක්‍රීඩාමය පැත්තෙන් අවාසිදායක නැත. ක්‍රිකට් යනු ක්‍රීඩාවකට වඩා විනෝදාස්වාද ක්‍රියාකාරකමකි. ඒ සම්බන්ධයෙන් ඇති ක්‍රීඩා උද්‍යෝගය දිය වී ගොස් ලාංකික තරුණ හා ළමා පරපුර වෙනත් ක්‍රීඩාවන්ට යොමු වීමට මෙය ඉවහල් වනු ඇත.


අවසාන වශයෙන් මෙය ද කිව යුතුව තිබේ. ලංකාව 2022දී කළ ඊනියා 'අරගලය' මෙන්ම ක්‍රිකට් 'අරගලය' ද ප්‍රශ්න විසඳා නොගත යුතු ආකාර සම්බන්ධයෙන් හොඳ උදාහරණ දෙකකි.


මැච් පරදින විට, රට බංකොලොත් වන විට පමණක් හොරුන් අල්ලන්නට නොගොස් හොරුන් බිහි වන ක්‍රමය වෙනස් කළ යුතුව තිබේ.


Ajith parakum J(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk  හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...