BREAKING
Top Ad
බුකිය

ක්‍රිකට් නම් අරුමැසි බව ජයගත්ත එකට සතුටුයි... -(ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

November 20, 2023 • 1:35 AM

ක්‍රිකට් නම් අරුමැසි බව ජයගත්ත එකට සතුටුයි... -(ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේදි ඉන්දියන් ප්‍රේක්ෂකයින් ඉස්සරහා වෙනත් රටක් ක්‍රිකට් ලෝක කුසලානයක් උස්සනවා කියන්නේ සෑහෙන්න අමාරු දෙයක්.
  • ඔය ''නිහඬ බව'' (silence) කියන එකේ තියනවා පොඩි ක්‍රිස්තියානි ආවේශයක්.
  • ඇත්තටම වෙනත් විදියකට ආයෙත් ප්‍රාදූර්භූත වුණේ සුදු ස්වාමියා සහ යටත්විජිත ස්වාමි මානසිකත්වය.
  •     තරඟ ආරම්භයේ ඔසීල හිටියේ එච්චර කැපීපෙනෙන තැනක නොවුනත් ඔවුන් තරඟ මාලාවේ අතරමඟදී තරඟාවලියට ඇත්තටම මුහුණදෙන්න ගත්ත.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒක ඊයේ ඉන්දියන් භූමියේදීම ඔස්ට්‍රේලියාව කළා. ඔවුන්ට සුබපැතුම්! 

කමින්ස් කලින්දා ප්‍රෙස් එකේ කිව්වේ ඔවුන්ගේ ආශාව මිළියන ගණනක් ඉන්දියන් ප්‍රේක්ෂකයින් 'නිහඬ කරන' එක කියල. එහෙම නිහඬ කිරීමේ අභියෝගය සුන්දර එකක් කියල. ඊයේ තරඟයේ මුල ඉඳල ඔවුන් කරන්න ගත්තේ ඒක. ඒ කියන්නේ ඉන්දියාව තුෂ්නිම්භූත කරන එක. ඔය ''නිහඬ බව'' (silence) කියන එකේ තියනවා පොඩි ක්‍රිස්තියානි ආවේශයක්.  
 
 
ගෝෂාකාරී ඉන්දියාව නිහඬ කළා කියන්නේ දේවල් තවදුරටත් ඔවුන්ගේ පාලනයේ නැහැ කියන එකට සංකේතයක්. ඒක තමයි ඔසියන්ගේ ජයග්‍රහණයේ පළමු පියවර. ඒක ශිෂ්ටාචාර අභියෝගයක්. ඒ අනුව ඔසියෝ අභියෝග කළේ ඉන්දියන් ක්‍රිකට්වලට නෙවෙයි. ඉන්දියන් ශිෂ්ටාචාරයට. අනන්‍යතාවට. දැන් ඔයාලට තේරෙන්න ඕනි අගමැති මෝදිගේ වේදනාව.
ඇත්තටම වෙනත් විදියකට ආයෙත් ප්‍රාදූර්භූත වුණේ සුදු ස්වාමියා සහ යටත්විජිත ස්වාමි මානසිකත්වය. ඔය නිශ්ශබ්ද කතාවෙන් තමයි ඔසියෝ එයාලගේ ''මානසික ගේම් එක'' පටන්ගත්තේ. ඒක ගැඹුරු දේශපාලනයක්.  
 
2023 11 19T160321Z 781023587 UP1EJBJ18LJST RTRMADP 3 CRICKET WORLDCUP IND AUS 1700410038තරඟ ආරම්භයේ ඔසීල හිටියේ එච්චර කැපීපෙනෙන තැනක නොවුනත් ඔවුන් තරඟ මාලාවේ අතරමඟදී තරඟාවලියට ඇත්තටම මුහුණදෙන්න ගත්ත. ඒකෙ එක හැරවුම් ලක්ෂයක් තමයි ඇෆ්ගනිස්ථානය එක්ක තිබ්බ මැච් එක. ඒ මැච් එකේ මැක්ස්වෙල් ක්‍රීඩාකරපු ඉණිම ඇතුලේ ඔවුන් ඔප්පුකළා මේ තරඟාවලියේ ඔවුන්ටත් ඕනෑම දෙයක් සිද්ද කළ හැකියි යන්න. ඒ නිසා ඊයේ ෆයිනල් එකේ ඔසීලගේ විකට් තුනක් අඩුවට වැටෙද්දී දිගින් දිගට කැමරා කෘ එක පෙන්නන්න ගත්තේ මැක්ස්වෙල්ව.
 
ඒ මැච් එකෙන් තමයි ඔවුන් මානසික ආධිපත්‍යය පතුරුවන්න ගත්තේ. ඒ එක්කම ඔවුන් ගහනවා දකුණු අප්‍රිකාවට. 

ඊයේ මැච් එක කැරකෙන්න හේතු උණේ ඔවුන්ගේ ප්‍රවේශම් පන්දුයැවීම. ඒ වගේම විශිෂ්ට පන්දුරැකීම. ඒ සියල්ල සමඟ ට්‍රැවිස් සහ ලබශේන්ගේ අනර්ඝ සම්බන්දතාව. ඒ හැමපාරම ඔවුන් ඉන්දියාව නිහඬ කළා...
 
travis 36 copy
වැඩිය සද්දයක් තිබ්බේ නැති ට්‍රැවිස් හෙඩ් සෙන්චරියක් දැම්ම. ඒ තමයි ලෝක කුසලානයක අවසන් තරඟයක හඹායෑමකදී ගත්ත දෙවැනි ඒ වර්ගයේ ශතකය. අනික තියෙන්නේ ශ්‍රේෂ්ට අරවින්ද ද සිල්වාගේ නමට. 
පිටපතකට අනුව සකස්කරලා තිබ්බ (scripted) මේ කුසලානේ ජයග්‍රහණය සැමරීම ඒ පිටපතින් ගලවලා අරගෙන තමන්ගේ පිටපතකට අනුව (පිටපතක් නැතුව) ඔසියෝ අරන්ගියා. මෝදි හරියට ෆොටෝ එකකටවත් ඉන්නේ නැතුව පරලවෙලා පිටවෙලා ගියා. ඒකත් පිටපතක් වෙන්න පුළුවන්. හැබැයි බටහිරයෝ හැදුව ක්‍රිකට් කියන්නේ ගොඩක් වෙලාවට පිටපතකට අනුව රඟදක්වන්න බැරි හරි අපූරු ක්‍රීඩාවක්. පුරෝකථනය කරන්න බැරි එක්තරා මැජික් ගතියක් ඒකෙ තියනවා. ඒකම තමයි ක්‍රිකට්වල ලස්සන. අරුමැසි බව.
 

මම කැමතිම ඒ පිටපතකට අනුව ගහන්න පුළුවන් කියල හිතපු ක්‍රිකට් පරාජය උණාට. ඇත්තටම දිනුවේ ඔසියෝ නෙවෙයි. ක්‍රිකට්වල අනුහස් සහගත බව. පුදුම සහගත බව. ඕනෑම දෙයක් සිද්ද වෙන්න පුළුවන් බව. බටහිර බව. 

ඒ නිසා සතුටුයි...

බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...