BREAKING
Top Ad
බුකිය

අපි හරි ආඩම්බරයි. ඒත්, තේරුමක් නැතුව - (චින්තන ධර්මදාස)

T

The Leader

November 21, 2023 • 4:16 AM

අපි හරි ආඩම්බරයි. ඒත්, තේරුමක් නැතුව - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද පහන්තිර පැකට් එකක් ගන්න කෝවිල ළග නතර වුනා.
  • පත්තු කරලම බැලුවා.  නෑ කඩේ එකා කියපු කතාව ඇත්ත.
  • ලංකාවෙ එකද ඕන ඉන්දියන් එකද මහත්තයා?
අකුරු ප්‍රමාණය (Font Size):


ලංකාවෙ එකද ඕන ඉන්දියන් එකද මහත්තයා?

මොකක්ද වෙනස? දන්නෙ නැති  මං ඇහුවා.

ලංකාවෙ පහන්තිර ඔහේ අතට අහුවෙන ඕන රෙදි කෑල්ලකින් අඹරනවනෙ මහත්තයා. තිරේ ඔහේ ගිනි අරං ඉවර වෙනවා. ඉන්දියන් එකේ ප්‍රමිතිය හොඳයි. එක ගානට වැඩි වෙලාවක් පත්තු වෙනවා.

ආ මට ඉන්දියන් එකක් දෙන්න.

මං ගෙදර ආවෙ ඒ තිරේ පත්තු කරලා බලන නොඉවසිල්ලෙන්.

1
අරං බලනකොට තියෙන්නෙ හීනි තංගුස් වගේ නූල් ටිකක් එකට අඹරලා. මං හොඳ එකෙන් අහුවෙලා .. කියල මං හිත හදාගත්තා.
පත්තු කරලම බැලුවා. 

නෑ කඩේ එකා කියපු කතාව ඇත්ත. තිරේ පට්ට. පහන් තිරේ වුනත් සිරා ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙනවා .

ලංකාවෙ උන්ගෙ පහන් තිර මාර්කට් එකටත් කෙලවෙනවා. එහෙම සරල දෙයක්වත් හරියට කරගන්න බැරි ජාතියක් අපි. ඒකටත් හොර කරලා බාල කරලා එපා කරලා තියෙන්නෙ. ලංකාවෙ හඳුන්කූරු ටිකත් මේ වෙද්දි බිමටම හාන්සියි. ඉන්දියන් හඳුන්කූර එක්ක හැරෙන්නවත් බෑ. 

අපේ සරලම නිෂ්පාදනයක වුනත් යම් තත්වයක් පවත්වාගෙන යන්න, ඒක වැඩිදියුනු කරන්න අපිට පුළුවන්කමක් නෑ. 

ඒත් ඉතිං අපි හරි ආඩම්බරයි. තේරුමක් නැතුව .

(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
#godayamu
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -
Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...