BREAKING
Top Ad
බුකිය

අඩු ගානේ ශාරුක් ඛාන් කියන නිසාවත් අහමු...

T

The Leader

November 25, 2023 • 9:38 AM

අඩු ගානේ ශාරුක් ඛාන් කියන නිසාවත් අහමු...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේක තමයි මගේ අන්තිම සහ වැදගත් ඉල්ලීම
  • පැය 5 න් ඉවරවෙන මදුරු දඟරයක් ගනිද්දිත් කොච්චර නම් ප්‍රශ්න අහනවද?
  • ඒත් අවුරුදු 5 කට අපේ රජයක් පත්කරගනිද්දි, එක ප්‍රශ්නයක් අහන්නේ නැහැ...මුකුත්ම අහන්නේ නැහැ...කොහෙත්ම නැහැ.
  • මට අසනීප වුණොත් ඊලග අවුරුදු 5දි මගේ රට වෙනුවෙන් මොනාද කරන්නෙ කියල අහන්න..
අකුරු ප්‍රමාණය (Font Size):

එකම එකයි...
මේ පොඩි පුරුද්ද ගැන විතරයි.

හැම දෙයක්ම ප්‍රශ්න කරන එක ඔයාලාගේ පුරුද්දක්...
කඩේකට ගිහින් බඩු ගනිද්දි කීයක් නම් ප්‍රශ්න අහනවද?
මේ පිටි පරණ ඒවා එහෙම නෙවෙයි නේද?
මේ හාල්වල ගල් එහෙම නැහැ නේද?
මේ සබන්වල හොඳට පෙන එනවාද?

බයික් එකක් ගන්නකොට මේකේ වේගය හොඳයිනේ? මේකට අලෙවියෙන් පසු සේවාවක් තියේද?

පෑනක් ගන්නකොට පවා...කොච්චර ලියවෙනවද? අවුලක් නැහැ නේද?

හැම දෙයක් ගැනම ප්‍රශ්න කරනවා... හැමවෙලේම...

එක දෙයකදි හැර...

ඔයාලාගේ රජයක් පත්කරනකොට...

පැය 5 න් ඉවරවෙන මදුරු දඟරයක් ගනිද්දිත් කොච්චර නම් ප්‍රශ්න අහනවද?

මේකේ දුම ගොඩක් යනවද? මේකේ ගඳ කොහොමද? මේකෙන් මදුරුවො මැරෙයිද?

ඒත් අවුරුදු 5 කට අපේ රජයක් පත්කරගනිද්දි,

එක ප්‍රශ්නයක් අහන්නේ නැහැ...මුකුත්ම අහන්නේ නැහැ...කොහෙත්ම නැහැ.
 
seftrwer
 
මගේ මේ ඉල්ලීම

මේ ඇඟිල්ල...

බය, සල්ලි, කුලය, ආගම, පක්ෂය නිසා නැතුව,  

ඡන්දෙ ඉල්ලන් එන මිනිස්සුන්ගෙන් ප්‍රශ්න කරන්න..

ඊළඟ අවුරුදු පහේදි අපි වෙනුවෙන් මොනවාද කරන්නේ කියලා අහන්න.

මගේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් මොනවාද කරන්නේ?

මට රක්ෂාවක් අරන් දෙන්න මොනවාද කරන්නේ?

මට අසනීප වුණොත්

ඊලග අවුරුදු 5දි මගේ රට වෙනුවෙන් මොනාද කරන්නෙ කියල අහන්න..

ඡන්දෙ දාන්න කලින්...
 
ඡන්දෙ දාද්දි විතරක් පාවිච්චි කරන මේ ඇගිල්ල,
එයාලට දික් කරන්න.. ප්‍රශ්න අහන්න..

ඔයාල එහෙම කරොත්,
අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය දියුණු කරන්න,
අසරණ ගොවියන්ට උදව් කරන්න,
මොන වික්‍රම් රතෝර් කෙනෙක්වත්,
මොන අසාද් කෙනෙක්වත් කොහොමවත් ඕන වෙන්නෑ..

මොකද ඔයාලගෙ ඡන්දෙ ඇති...
මොකද ඔයාලගෙ ඔය ඇඟිලි ගොඩක් බලවත්...
ඔයාල මගෙ ඉල්ලීම ඉටු කලොත්
නිදහස ලැබෙන්නේ කාටද...
ඔයාලට...

ඔයාට.. ඔයාට.. ඔයාලා හැමෝටම..!

දරිද්‍රතාවයෙන් නිදහස....
අයුක්තියෙන් නිදහස..
දූෂණයෙන් නිදහස...

ඔයාලගෙ මේ ඇඟිල්ල විතරක් විශ්වාස කරන්න..
ඒකෙන් වැඩක් ගන්න...

එච්චරයි!
 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අඩු ගානේ ශාරුක් ඛාන් කියන නිසාවත් අහමු... | The Leader