BREAKING
Top Ad
බුකිය

අර්ජුණාගමනය.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

November 26, 2023 • 6:00 AM

 අර්ජුණාගමනය.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අර්ජුන හැමදාම ගැහුවේ එක බෝලෙට එක ලකුණ වගේ. ටිකක් බෝරින් වගේ උනාට පොඩ්ඩක් වෙලා ගිහිල්ල බලනකොට පොර විස්සක් තිහක් ගහල
  •   ක්‍රිකට් ලෝක කුසලාන ෆයිනල් එකක ඔස්ට්‍රේලියාව පරාජය කරපු කැප්ටන්ල දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් අර්ජුණ (1996).
  • අනික් කෙනා කල්යිව් ලොයිඩ් (1975).
  • මේ තත්වය ගොඩක් හේතු වෙන්න ඇති ඔහු දේශපාලනයට වෙතට තල්ලු කරන්නත්.
අකුරු ප්‍රමාණය (Font Size):

දන්නෙම නැතුව. මේක හැමෝම කියන කතාවක්.

වැඩිය හයියෙන් දුවන්නත් කැමති නැති නිසා ගහන ලකුණත් ගන්නේ ඇවිදගෙන වගේ ගිහිල්ල. මැච් ගහනවා කිව්වට ග්‍රවුන්ඩ් එකේ මැරෙන්න හදන්නේ නැත්තේ එයාල ක්‍රිකට් ගැහුවේ ඔළුවෙන් මිසක් ඇඟ දාල නොවෙන නිසා.  

ක්‍රිකට් ලෝක කුසලාන ෆයිනල් එකක ඔස්ට්‍රේලියාව පරාජය කරපු කැප්ටන්ල දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් අර්ජුණ (1996). අනික් කෙනා කල්යිව් ලොයිඩ් (1975). අර්ජුන ලංකාව වෙනුවෙන්. ලොයිඩ් බටහිර ඉන්දීය කොදෙව් වෙනුවෙන්. ක්‍රිකට්වල දෛවය දැන් මේ රටවල් දෙකේම එක වගේ.

 117720175 srilanka1996
අර්ජුන සතු මේ ලෝක කුසලාන වාර්තාව කියන්නේ ඉතාම කලාතුරකින් කෙනෙකුට අත්පත් කරගන්න පුළුවන් වන වාර්තාවක්. එහෙම වාර්තාවක් තියන්න ඓතිහාසික සහ දුර්ලභ වාසනාවක් සහිත මනුස්සයෙක් අර්ජුන කියන්නේ.

මේ තත්වය ගොඩක් හේතු වෙන්න ඇති ඔහු දේශපාලනයට වෙතට තල්ලු කරන්නත්. එක්තරා කාලෙක තවත් ක්‍රිකට් සහ මළල ක්‍රීඩාවල හිටපු අය ලංකාවේ මැති ඇමතිලා උණා.

දේශපාලනයට සහ පරිපාලනයට ආපු හැමෝම ක්‍රීඩකයෝ තරම් දක්ෂ උනේ නැහැ. ඒක අර්ජුනට උනත් අදාල වෙන්න පුළුවන්.

worldcupදැන් මෑතක ඉඳල ආයෙත් අර්ජුණ කරළියේ ඉන්නේ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ සභාපති වෙච්ච නිසා. හැබැයි ඒකෙ වැඩි වෙලා ඉන්න උනේ නැහැ අතුරු තහනම් නියෝගයකින් එයාට වැඩේ අතහරින්න උණා.

 

 හැබැයි එහෙම උණා කියල අර්ජුණ මකන්න බැහැ. එහෙම මකන්න නම් ලාංකික ඉතිහාසයක පරිච්චේදයක් මකන්න වෙනවා. ලෝක කුසලානය සහිත ඒ පරිච්චේදය කියන්නේ ලංකාවේ කාටවත් මකන්න පුළුවන් පරිච්චේදයක් නෙවෙයි. ඒ නිසා අර්ජුණ අමරණීය වෙනවා ලංකාවේ ක්‍රිකට් ඇතුලේ. 



අනික තමයි කුල්ල කුජීත වෙලා පරාජය වෙන හැම මොහොතකමත් ආයෙත් අර්ජුන මතකෙට එනවා. අපි කැමති උනත් නැතත් ඒ තමයි ජයග්‍රහණයක හැටි. විශේෂයෙන් ජයග්‍රහණ අඩු වෙලාවක.

මොනවා උනත් ආසියාවේ මේ කලාපයේ ක්‍රිකට් විසින් අරුම පුදුම මිනිස්සු බිහිකරනවා. වෙනත් විදියකට කිව්වොත් මිනිස්සු තරු බවට පත්කරනවා.

ජනප්‍රිය දේශපාලනය (popular politics) කියන්නේ එක් එක් මිනිසුන් විසින් එක් එක් විදියට ජනප්‍රිය රැල්ල හසුරුවන්න උත්සාහ කරන එකට. ඒක ලිබරල් ජනප්‍රිය දේශපාලනයේ හැටි.

ඒකට ජාතිය, ආගම, ඉතිහාසය, යුද්දය, දුෂණය, ක්‍රීඩාව, ආර්ථිකය, ප්‍රදේශවාදය, ටෙලිනාට්‍ය, නළු නිළියෝ වගේ ඕනෑම එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක 'ජනප්‍රිය දේශපාලන හේතුවේ' එක කොන්දේසියක් (popular political reason).

ක්‍රිකට් තරුත් උත්සාහ කරයි මේ ජනප්‍රිය රැල්ලේ මුදුණට නගින්න. ඒ තරු අතරින් අර්ජුණට ලොකු බලපෑමක් කරන්නත් සමහර විට පුළුවන් වෙයි. ඒ මට හිතෙන හැටි.

49h13dn8 arjuna ranatunga twitter 625x300 17 March 21.jpg

 විශේෂයෙන් යහපාලන කඳවුර ඇතුලේ අයට වගේම සිංහල බෞද්ධ 69 ලක්ෂෙට උනත් අර්ජුනට කතාකරන්න පුළුවන් වෙයි. ජයග්‍රහණ ගැන කතා කරන්න පුළුවන් වෙයි. සුද්දාගෙන් ගේම ඉල්ලපු එක ගැන කතාකරන්න පුළුවන් වෙයි. රට වෙනුවෙන් කතාකරපු එක ගැන කතාකරන්න පුළුවන් වෙයි. විනය ගැන කතාකරන්න පුළුවන් වෙයි. අතීතකාමය මාකට් කරන්න පුළුවන් වෙයි. කොටින්ම කියනවා නම් කතාවක් නැත්නම් ආඛ්‍යනයක් ගොඩනගන්න පුළුවන් වෙයි (narrative). ගැඹුරට ගත්තොත් මේවා සෙල්ලම් නෙවෙයි. විශේෂයෙන් ලංකාවේ දේශපාලනය හැසිරෙන විදිය ගත්තම.

 
විශේෂයෙන් මුළු 69 ලක්ෂෙම සම්පුර්ණයෙන් වෙනස්වෙලා කියල හිතනවා නම් ඒක ලොකු නොමඟ යාමක්. රාජපක්ෂලගෙන් පස්සේ එයාලට ඇත්තටම කතාකරන කෙනෙක් තවම හම්බවෙලා නැහැ. එයාල ගොඩක් දැන් ඉන්නේ නිහඬව. ඉදිරි මැතිවරණයකදී පවා ඔවුන් නිහඬව ඉඳීවි.

මම කියන්නේ අර්ජුණ සාධකය යන්න වියහැකි දෙයක් උනත් නොවියහැකි දෙයක් උනත් ජනප්‍රිය දේශපාලනය ඇතුලේ තවමත් ''අතිශයින් ජනප්‍රිය විකල්පයකට'' ඉඩක් තියනවා කියන එක. දේශපාලන ඉව (political instinct) තියන ඕනි කෙනෙක් ඒක දන්නවා.

කිසිම දෙයක් අවසන් නැහැ වගේම කිසිම දෙයක් අවසන් කියල හිතන්න හොඳත් නැහැ.

ජනාධිපතිවරනේ තියන්නේ ඊළඟ අවුරුද්දේ නම් මේ අවුරුද්දකට ආසන්න කාලය ඇතුලේ මොනවා නම් වෙන්න බැරිද? ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඒක තමයි තියන භයානක බවත්.

අවුරුද්දක් කියන්නේ දෙපාරක් හඳට ගිහිල්ල හාල් අරන් එන්නත් පුළුවන්.



Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...