BREAKING
Top Ad
බුකිය

නෂ්ඨකාමුකයෝ, කාමුකයෝ හා දොජභංග පොලීසිය - (නන්දන වීරරත්න)

T

The Leader

December 19, 2023 • 11:10 AM

නෂ්ඨකාමුකයෝ, කාමුකයෝ හා දොජභංග පොලීසිය - (නන්දන වීරරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් සති කීපයකට කලින් හිනිදුම සරණසිරි නම් තරුණ භික්ෂුවකගේ ඉල්ලීමක් පොස්ටුවක් හැටියට
  • “සිවුර ඇතුලේ සිටින අපටත් ලිංගිකත්වයක් අවශ්‍යයි” යන මුළික මානව අයිතිය හා මානුෂික වුවමනාවයි එයින් ප්‍රකාශයට පත් වුණේ.
  • මේ නෂ්ඨකාමුකයන්ට තියෙන බරපතලම ප්‍රශ්නය ශරීරය අනුරාගයෙන් සංථර්පනය කිරීමට වුවමනාවන් ඇති නොවීම.
  • ඒක මේ නෂ්ඨකාමුකයන්ගේ උපතින් එන දෝසයක් නෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
බෙදා ගැණුන. ඔහු ඉතාම මානුෂික ඉල්ලීමක් කරල තිබුනේ….

“සිවුර ඇතුලේ සිටින අපටත් ලිංගිකත්වයක් අවශ්‍යයි”

යන මුළික මානව අයිතිය හා මානුෂික වුවමනාවයි එයින් ප්‍රකාශයට පත් වුණේ. එහෙත් ඒකට උත්තර ලියපු හිංගල බෞද්ධ හරක් රැලක් එයට අවමානයෙන් සිනාසෙමින් සිටිය. මේ අමනයෝ රැලේ ප්‍රතිචාර වලින් කොටසක් එක පිංන්තුරයක තියෙනව. මේ තරුණ භික්ෂුවගේ ඉල්ලීමට සිනාසෙන, අවමන් කරන ගොන් රැල මස්කඩයකට මසට විකුණන්න පුළුවන් නම් මම අදම ඒක කරනව. මොකද මේ ජාතියේ බත් කන හරක් රටක තියාගෙන වැඩක් නෑ. අවාසනාවට මස්කඩකාරයොවත් මුන් සල්ලිවලට තියා නිකං දුන්නත් ගන්නේ නෑ. එවුන්ටත් මුං මොළේට ගහන ඇණයක් වෙනව.

මගේ විශ්වාසයේ හැටියට මේ බෞද්ධ භික්ෂුව ලවා සිල් රක්කවන්න, තෙවැනි සිල් පදය නොකඩවන්න දඟලන පාරම්බාන හිංගල බෞද්ධ හැත්ත බරපතල ලිංගික ප්‍රශ්න දෙකකින් බැට කනව. එයින් පලමු වැන්න ආයුර්වේදයේ විස්තර කෙරෙන ‘දොජභංගය’. මේ දොජභංගයෙන් පෙලෙන එවුන් අනුරාගය විදින්න බයයි. ඒක සිද්ධ වෙන්නේ සුරතට එලඹෙන සැනින් මොවුන් සුරතාන්තයට පත් වීමයි. ඉතින් මොවුන් තමන් සුරතේ සැප නොවිදිනවා සේම අනෙකා සුරත විදිනවාට පරම සතුරුයි. මම හිතන්නේ දොජභංගයෙන් පීඩා විදින විශාලම පිරිස ඉන්නේ ලංකා පොලිසියේ.

දෙවැන්න, නෂ්ඨකාමය. මේ නෂ්ඨකාමුකයන්ට තියෙන බරපතලම ප්‍රශ්නය ශරීරය අනුරාගයෙන් සංථර්පනය කිරීමට වුවමනාවන් ඇති නොවීම. ඒක මේ නෂ්ඨකාමුකයන්ගේ උපතින් එන දෝසයක් නෙවෙයි. ඔවුන් විවිධ රෝගාබාධයන්ට වැලදී තිබීම, එකාකාරි ජීවන රටාවන්ට හුරුවීම හා බලවත් උන්නතිකාමය නිසා ශාරිරික වුවමනාවන් නොතකා මුදල් ඉපයිමට හෝ වෙනත් අරමුණුවලට කැප වීම.


මේ තමන්ගේ පැවැත්මේ ප්‍රශ්න නිසා තමනට අහිමි වූ අනුරාග සතුට වෙන කෙනෙක් ලබනවාට ඉහත කී මනුශ්‍යයන් විරුද්ධ වෙනව. එහෙත් ඔවුන් අනුරාග සතුට ලබන අනෙකා නතර කරන්න ක්‍රමයක් නෑ. ඔවුන්ට පාලනය කළ හැකි උදවියට විතරයි මේ අනුරාග තහනම පනවන්න පුළුවන්. මෙතනදී රෝගී දෙමාපියන්ගේ ගොදුරු වෙන්නේ ඔවුන්ගෙන් යැපෙන දරුවෝ. ඒ වගේම මොවුන්ගේ දානමාන ආදියෙන් යැපෙන භික්ෂුව. දොජභංගයෙන් පෙලෙන පොලිසියේ වින්දිතයො වෙන්නේ දිළිදු, තරුණ පෙම්වත්තු හා අනුරාගය මුදලට විකුණන ශ්‍රමිකයෝ.


ඉහත රති රෝගවලට ආයුර්වේදයේ වගේම බටහිර වෛද්‍යවේදය තුලත් ප්‍රතිකාර තියෙනව. ප්‍රතිකාර ගන්න තමනට තියෙනේ අසනීපයක් බව දැන ගන්න එපායෑ…! ඒ නිසා හිනිදුම සරණතිස්ස ඇතුලු තරුණ භික්ෂුන්ට අපි කියන්නේ තමන්ගේ ශරීරය සංථර්පනය කිරීමට එකඑකාගෙ සරණ පතන්න එපා. ඒ වෙනුවෙන් කාගෙවත් සරණක් වුවමනා නැත. එය ශුද්ධ වූ මානව අයිතියකි. එය රිසි සේ භුක්ති විදින්න. මේ වෙනුවෙන් කතා කරන්න සිවුර අස්සේ කොන්දක් සඟවාගෙන සිටියාට විශාල ගෞරවයක් ඇති වෙනවා.

Nandana Weerarathna(නන්දන වීරරත්න)
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී
nandanaweerarathne60@gmail.com

(උපුටා ගැනීම- facultyofsex.com)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...