BREAKING
Top Ad
බුකිය

මීයා විරෝධී නව රැල්ල : 'මීයා- ඊයා'

T

The Leader

December 25, 2023 • 4:01 AM

මීයා විරෝධී නව රැල්ල : 'මීයා- ඊයා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙතෙක් ටෙලි නාට්‍යය ඉතිහාසය තුල වඩාත් උනුසුම්ම ප්‍රතිචාර ලබමින් ඉන්නෙ මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන මීයා ටෙලි නාට්‍යය වෙන්න පුළුවන්.
  • මුලින්ම සේපාල් අමරසිංහ මීයා ටෙලි නාට්‍ය ජන හතුරන්ගේ වැඩක් ලෙස නම් කරමින් වීඩියෝ දෙකක්ම තමන්ගේ චැන‍ලයේ මුදාහැරියා.
  • නිර්මාණකරුවන් ඉන්න ඕන මිනිස්සුන්ගෙ පැත්තෙ.
  • මේවා තමයි අවරගණයේ නිර්මාණ'' '' ජවිපෙ වුනත් මේකෙන් ආතල් එකක් ගන්නවා ඇති- ''මේ නාට්‍ය මරු.
අකුරු ප්‍රමාණය (Font Size):


සෑම ටෙලි නාට්‍යයකටම පාහේ ඊට කැමති පිරිසක් එහි හොඳ කියමින් ප්‍රතිචාර දක්වනවා අපි දැකලා තියෙනවා. අකමැති අය ඒ ටෙලි නාට්‍යය නැරඹීමෙන් වැලකී සිටිනවා. 

ඒත් මීයාගේ විශේෂත්වය වන්නේ මීයාට විරුද්ධව විශාල පිරිසක් ප්‍රතිචාර දක්වමින් සිටීමයි. මේ විරෝධය ටෙලි නාට්‍යයට ඔබ්බෙන් දේශපාලන සටනක් දක්වා ඇවිලෙමින් තිබෙන හැටි ඒ ටෙලි නාට්‍යයේ යූටියුබ් ‍කමෙන්ට් බලන කෙනෙකුට තේරුම් ගැනීමට පුළුවන්.

මුලින්ම සේපාල් අමරසිංහ මීයා ටෙලි නාට්‍ය ජන හතුරන්ගේ වැඩක් ලෙස නම් කරමින් වීඩියෝ දෙකක්ම තමන්ගේ චැන‍ලයේ මුදාහැරියා. අනතුරුව යූටියුබ් කමෙන්ට්වල සිට ෆේස්බුකිය දක්වා මීයා විරෝධය ඇවිලිලා ගියා.

මේ ටෙලි නාට්‍යය මේ තරම් ආන්දෝලනාත්මක වුනේ ඇයි? මේ විරෝධය නැ‍ගෙන්නේ ටෙලි නාට්‍යවල ප්‍රබුද්ධ රසයක් අපේක්ෂා කරන කලාකාමීන්ගෙන්ද? මාලිමා පාක්ෂිකයන්ගෙන්ද? අරගල තරුණයන්ගෙන්ද? පොහොට්ටුවෙන්ද? 

‘දිව්‍යාදරී, ජානු හොඳයි මීට වඩා. ඒවා මල් කතා වුනත් ඒයා හදන උන් ටෙලි නාට්‍ය හදන්න දන්නවා. කෝපි කඩෙත් හොඳයි මීට වඩා’
-යමිල් තිසර-
Screenshot 2023 12 25 at 14.44.13
ගෝල්ෆේසියේ අරගල කළ මීයා
ජංගිය ගලවලත් නෑ දුටුවේ මීයා
ITN එකේ දැන් පෙන්වනවනෙ මීයා
අරගල පුතාලට දැන් මීයා වී ඊයා

කැලුම් ජයසුමන

412787447 10161194945430185 3534669679054523922 n
'' මුංට තියෙන්නෙ වෙන ඇරියස් එකක්'' 
- මාතලන්

'' රනිල් රාජපක්ෂ හෙන්චයියන්ගේ අධ්‍යක්ෂණයක්''

'' මාලිමාවට ජයවේවා''

'' මොල සේදීම අල්ට්‍රාප්‍රෝ මැක්ස්''

'' ජේවීපී එකට ගහනවා හිටගෙන''

'' තවත් ඔලු කන්න එපා. නිර්මාණකරුවන් ඉන්න ඕන මිනිස්සුන්ගෙ පැත්තෙ. මේ හොරු තක්කඩි රකින්න නෙමෙයි. මේවා තමයි අවරගණයේ නිර්මාණ''

'' ජවිපෙ වුනත් මේකෙන් ආතල් එකක් ගන්නවා ඇති-

''මේ නාට්‍ය මරු. හැංගිලා ඉන්න බයියො ෂේප් එකේ එලියට එනවා කමෙන්ට් අස්සෙන්''

''මේකට රනිල් කීයක් ගෙවනවද?''

'' වමේ හෙළුව පෙන්නද්දි රැල්ලට ජෙප්පො වුන බයියො ටිපර් වෙලා නේද? ''

'' මට නං පේන්නෙ මේක තනිකරම පොහොට්ටුවෙ නාට්‍යයක් වගේ''

'' කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් බැසිල්''

'' අර කපිල සහෝදරයාගේ සීන් ටිකට තමයි ආසම. ඊනියා සමාජවාදයේ හෙළුව නිරාවරණය කිරීමක්''

'' මේ කතා මෙලෝ රහක් නෑ. තේරුමක් නෑ''
 
මේ තියෙන්නෙ මීයා ප්‍රතිචාර සමහරක්. මීයා ඇත්තටම ඊයා ද? නැත්තං මීයා අස්සට රිංගලා හින්ද ද? 
කොහොම වුනත් තේමා ගීතයේ කියන්නෙ මෙහෙම.

මීයා මීයා මීයා මීයා
අස්සට රිංගුවා මීයා
බල්ලො කලබලයි
නරින්ට වෙහෙසයි
පූසා හොයනවා මීයා.
 



(කළණ ගිහන්ත) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...