BREAKING
Top Ad
බුකිය

විවෘත මනසකින් අවුරුද්ද පටන් ගන්න එක අධ්‍යාත්මිකයි...

T

The Leader

January 1, 2024 • 1:42 AM

විවෘත මනසකින් අවුරුද්ද පටන් ගන්න එක අධ්‍යාත්මිකයි...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජීවිතේ කියන්නෙ ‍හොඳ විතරක් නෙමෙයි. ජීවිතේ කියන්නෙ නරක ඇතුලෙන් හොඳ හොයාගෙන යන ගමනක්.
  • අපාය ඇතුලෙන් දිව්‍යලෝකය හොයාගෙන යන ගමනක්.
  • ඉන්දියාවෙ ඉන්නවා අගෝර කියලා ශිව භක්තිකයන් පිරිසක්.
  • මොකද ජීවිතය හොයාගෙන යන්න වෙන්නෙ මරණය ඇතුලෙන්.  අපේ සෛල මැරෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

අඳුර ඇතුලෙන් ආලෝකය හොයාගෙන යන ගමනක්. අපාය ඇතුලෙන් දිව්‍යලෝකය හොයාගෙන යන ගමනක්. ඒ හින්ද දුක නැතුව සතුටක් ගැන හිතන්න පුළුවන්කමක් නෑ. අපාය නැත්තං දිව්‍යලෝකයක් නෑ. අඳුර නැත්තං ආලෝකයක් නෑ. අවිඥානයක් නැත්තං සවිඥානයක් නෑ. 

ඒ හින්ද ශුද්ධ වූ සතුට, පිවිතුරු ආදරය, පිරිසිදු දේශපාලනය වගේ දේවල් බලාපොරොත්තු වෙද්දි පරිස්සම් වෙන්න. ඒක පලායාමක් වෙනුවට පරිවර්තනයක් වෙන්න ඕන. ඒත් ලේසි දේ නරක අතහැර හොඳ හොයාගෙන පලායන එකයි. අපි වැඩිහිටි වෙද්දි අපිට සිද්ද වෙනවා ඒ හීනෙන් ඇහැරෙන්න. ගහක අතු දිව්‍යලෝකය ස්පර්ශ කරන්න නම් ඒ ගහේ මුල් අපාය දක්වා දිවෙන්න ඕන වග තේරුම් ගන්න.

GettyImages 154553778 5c531a93c9e77c0001d7c243

ඉන්දියාවෙ ඉන්නවා අගෝර කියලා ශිව භක්තිකයන් පිරිසක්. ඒ අය ජීවත් වෙන්නෙ අමු‍සොහොන්වල. මළ මිනී මත ඉඳගෙන හිස්කබලක පිසගන්නා ආහාර අනුභව කරනවා. මෘත ශරීර ආවරණය කළ වස්ත්‍ර අඳිනවා. ජීවිතේ හොඳ නරක කියන සීමාවන්ගෙන් ඔබ්බෙහි ජීවත් වීම සාධනාවක් කරගන්නවා. 

395b407277949.560b534f76516
ජීවිතේ සතුට සමරන්න නම් ඒ මරණයේ බිම මත විය යුතුයි කියන එකයි අගෝර මතය. මරණය අමතක කරලා ජීවිතය විඳින්න පුළුවන්කමක් නෑ. මොකද ජීවිතය හොයාගෙන යන්න වෙන්නෙ මරණය ඇතුලෙන්. 

අපේ සෛල මැරෙනවා. අපේ සම්බන්දකම් මැරෙනවා. අපේ වීරයන් මැරෙනවා. අපේ විශ්වාසයන් මැරෙනවා. ඒ අතර අලුත් සෛල ඉපදෙනවා. අලුත් සම්බන්දතා ඇතිවෙනවා. වීරයො නිර්මාණය වෙනවා. විශ්වාසයන් ගොඩනැගෙනවා. හැබැයි මරණයේ වේදනාව නැතුව ඉපදීමේ සෞන්දර්ය විඳින්න බෑ. 

ඒ හින්ද අලුත් අවුරුද්ද සුබ වෙන්න කියල ප්‍රාර්ථනා කරන එක හොඳයි. ඒත් හොඳ දේවල් වගේම නරක දේවලුත් බාරගන්න පුළුවන් විවෘත මනසකින් අවුරුද්ද පටන් ගන්න එක ආධ්‍යාත්මිකයි.

හෑලි ටයිම්ස් - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...