BREAKING
Top Ad
බුකිය

යුක්තිය හෙවත් රටේ පරපීඩාකාමය - (චින්තන ධර්මදාස)

T

The Leader

January 3, 2024 • 5:47 AM

යුක්තිය හෙවත් රටේ පරපීඩාකාමය - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් බන්දුගේ යුක්තියෙන් රටේ බහුතරයක් ත්‍රිල් ගන්න වග පේනවා.
  • ඇත්තටම ඇයි පොලිසිය මේක කරන්නෙ?
  • ඒ අය ත්‍රස්තවාදීන් බවට පත් කරනවා.  තව කාලෙක හිරකරුවන් මරාදැමීමෙන් ජනතාව ත්‍රිල් කරනවා.  ඒ ත්‍රිල දෙන්න බැරි වුනාම අපි සමාජයේ පහල ජන කොටස් මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නමින් පීඩාවට ලක් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මාධ්‍ය කරන්නෙ මේ ත්‍රිල් එකෙන් තව තව මිනිස්සු චූන් කරන එක. 

ඇත්තටම මත්ද්‍රව්‍ය ඇබ්බැහිය ගැන පර්යේෂණ කරන කොලම්බියා යුනිවර්සිටියෙ ආචාර්ය කාර්ල් හාර්ට් කියන්නෙ කවුරු හරි තමන්ගෙ රටක මත්ද්‍රව්‍ය දුරු කරන්න හදනවා නම් එක්කො ඒ මිනිහා මොඩයෙක්, නැත්තං යම් ජන කොටසක් පීඩාවට පත් කිරීමේ උවමනාවෙන් පෙලෙන්නෙක් කියල. 

අපි ඉතිහාසයේ පටන් මානවයො විදිහට විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ අවදානම කියන්නෙ මානව ගුණයක්. මත්ද්‍රව්‍ය වගේම ලිංගික ක්‍රියාකාරකම්, වාහන පැදවීම කියන්නෙත් බරපතල අවදානමක් ගැනීමක්.

yukthiya  
ලංකාවෙ බන්දුගෙ යුක්තිය ගැන අදාල වෙන්නෙ මොඩයෙක් වීමට වඩා දෙවෙනි කාරණය. 

ජන කොටසක් පීඩාවට පත්කිරීම. දුප්පතුන්, මුඩුක්කුවල ජීවත් වන, නැත්තං අසරණ ජීවිත ගෙවන මිනිසුන් පීඩාවට පත්කිරීම. ඒක රනිල්ගෙ පොලිසියෙ ප්‍රධාන මෙහෙයුම වෙලා තියෙනවා.

ඇත්තටම ඇයි පොලිසිය මේක කරන්නෙ? මේකෙ තියෙනවා අපේ රටේ ජනතාව විඳින ත්‍රිල් එකක්. අපි තව කෙනෙක් පීඩාවට පත් කරන හැටි බලමින් ත්‍රිල් ගන්න ජාතියක්. 

කළු ජූලිය සැමරීම : වාමාංශික තක්කඩියන්ගේ දෙබිඩිකම

එක කාලයක අපි දෙමළ මිනිස්සු පීඩාවට ලක් කරනවා. ඒ අය ත්‍රස්තවාදීන් කියලා ත්‍රිල් ගන්නවා. 

තව කාලෙක අපි මුස්ලිම් මිනිස්සු පීඩාවට ලක් කරනවා. ඒ අය ත්‍රස්තවාදීන් බවට පත් කරනවා. 

තව කාලෙක හිරකරුවන් මරාදැමීමෙන් ජනතාව ත්‍රිල් කරනවා. 

ඒ ත්‍රිල දෙන්න බැරි වුනාම අපි සමාජයේ පහල ජන කොටස් මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නමින් පීඩාවට ලක් කරනවා.

මේක ප්‍රචන්ඩත්වයක්. මේ ප්‍රචන්ඩත්වය ලංකාවෙ බහුතරය ඉල්ලා සිටින දෙයක් වෙලා තියෙනවා. 

දුෂීතයෙකුට දඩුවම් දිය හැක්කේ අදූෂීත ව්‍යාපාරයකට පමණි - (චන්දිමා ජයසේන)

ජවිපෙ වගේ පක්ෂයක් ගත්තත් ඒ අය දූෂණ විරෝධය කියල එකක් ගේනවා. වංචා කරන කොමිස් ගහන අයට දඩුවම් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ පිටිපස්සෙ තියෙන්නෙත් මේ ත්‍රිල් එකමයි. 

කවුරුන් හෝ හඹා ගොසින් ඒ අය වධයට පැමිණවීම. එහෙම නැතුව අදාල කාරණයෙන් සිද්ද වෙන අයහපත මගහරවා ගැනීමේ සුබ චේතනාව නෙමෙයි.

ජනතාව චූන් වෙන්නෙ හිංසාවෙන්. ගෝල්ෆේස් ගෙනල්ලා එල්ලනවා කිව්වම ජනතාව හුරේ දානවා. 

දේශපාලන පක්ෂ කරන්නෙ මේ චූන් එක ත්‍රිල් එක සම්පාදනය කිරීම.

DSC 2571
යුක්තිය කියන්නෙ වෙන මොකුත්ම ත්‍රිල් එකක් දෙන්න බැරි තැන රනිල්ගෙ ආන්ඩුව දෙන ත්‍රිල් එක. 

මත්ද්‍රව්‍යවලට නෙමෙයි බහුතරය ඇබ්බැහි වෙලා තියෙන්නෙ, මේ ප්‍රචන්ඩකාමී, හිංසාකාමී ත්‍රිලට. 

ඒක මත්ද්‍රව්‍යවලට වඩා ගොඩක් භයානක එකක්.

හෑලි ටයිම්ස් - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...