BREAKING
Top Ad
බුකිය

ලේ තැවරුණ පාඩම් පොත....(ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

January 3, 2024 • 6:23 AM

ලේ තැවරුණ පාඩම් පොත....(ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වෙලාවේ ම වගේ ජපන් එයා ලයින් (Japan Air) එකට අයිති එයා බස් A 350 වර්ගයේ යානාවකුත් ගොඩබෑමට නියමිතව තිබ්බේ.  එයා බස් එක ගොඩබාන්න කියල එයා ට්‍රැෆික් එක සංඥා නිකුත් කළා.
  • නමුත් ගොඩ බෑමට නියමිත ධාවන පථයේ මේ වෙනකොටත් අර කුඩා ගුවන් යානය තිබිල තියනවා.  එයා බස් එක මඟීන් 379 එක්ක ධාවන පථයට එනවා.
  • හැබැයි මේ වෙනකොට අනතුර නිසා ඇතුලේ සන්නිවේදන උපකරණ බිඳවැටිලා.
  • ගුවන් සේවක සේවිකාවන් පාවිච්චි කලේ මෙගා ෆෝන් එකක්.  1985 අවුරුද්දේ ජපන් එයා සමාගමට අයත් JAL 123 යානය මේ වගේම අනතුරක් වෙලා ලොකු පාඩමක් ඉගෙන ගෙන තිබ්බේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පෙරේදා ජපානෙට ආපු භුමිකම්පාව සහ සුනාමි තත්වය එක්ක මුළු ජපානෙම හිටියේ අනතුරු ඇඟවීම් එක්ක සාවධාන වෙලා. 

ඒ එක්ක තැන් තැන් වල අනතුරට ලක් වෙච්ච පිරිස් වලට සහන දෙන්න ජපන් වෙරළාරක්ෂක ගුවන් යානා යුහුසුළු වෙලා හිටිය. 

එහෙම තිබ්බ කුඩා ප්‍රමාණයේ ගුවන් යානාවක් ජපානේ ටෝකියෝ හැනෙදා ගුවන් තොටුපළින් ගුවන් ගතවෙන්න සුදානමින් තිබ්බ. ඒ වෙලාවේ ම වගේ ජපන් එයා ලයින් (Japan Air) එකට අයිති එයා බස් A 350 වර්ගයේ යානාවකුත් ගොඩබෑමට නියමිතව තිබ්බේ. 

එයා බස් එක ගොඩබාන්න කියල එයා ට්‍රැෆික් එක සංඥා නිකුත් කළා. ඒ එක්ක A 350 බාන්න ගත්ත. නමුත් ගොඩ බෑමට නියමිත ධාවන පථයේ මේ වෙනකොටත් අර කුඩා ගුවන් යානය තිබිල තියනවා. 



එයා බස් එක මඟීන් 379 එක්ක ධාවන පථයට එනවා. ඒ එක්කම දෙක හැප්පෙනවා. පොඩි ගුවන් යානය සුනේ සුන්. එයා බස් එක ගින්නෙන් වැහිලා යනවා. එයා ධාවනපථයේ තව පොඩ්ඩක් ගිහිල්ල නතර වෙනවා. 

ගින්නෙන් වැහුන ගුවන් යානයේ මඟීන් ටික ඉක්මනට ඉවත් කරන එක තමයි ජපන් එයා ලයින් එකේ ඊළඟ වැදගත්ම වැඩේ උනේ. හැබැයි මේ වෙනකොට අනතුර නිසා ඇතුලේ සන්නිවේදන උපකරණ බිඳවැටිලා. ගුවන් සේවක සේවිකාවන් පාවිච්චි කලේ මෙගා ෆෝන් එකක්. 

1985 අවුරුද්දේ ජපන් එයා සමාගමට අයත් JAL 123 යානය මේ වගේම අනතුරක් වෙලා ලොකු පාඩමක් ඉගෙන ගෙන තිබ්බේ. ඒ බෝයිං යානාවක්. අනතුරට හේතුව උනේ එයා ලයින් එකේ වරදක් නෙවෙයි. බෝයිං තාක්ෂණ ශිල්පීන් අතින් වෙච්ච අත්වැරදීමක්. 

BN JU476 josuta P 20150810210908

1985 අනතුරෙන් එදා මියයනවා 520ක්. ඔසාකා ඉඳල ටෝකියෝ යන්න ගිය මඟීන්. ඒ අනතුර තමයි මඟී ගුවන්යානා ඉතිහාසයේ 'ලොකුම තනි ගුවන්යානා අනතුර' හැටියට තවමත් ගණන් ගන්නේ. 

කාගේ අතේ වරද උනත් එදා ඒ ''ලේ වැකි පාඩම'' (lesson written in blood) ජපන් එයා ලයින් එක රන් අකුරෙන් ලියල තිබිල තියනවා.  

එදා සිට සියලු කාලයන් සඳහා ජපන් එයා ලයින් එක තමන් බඳවා ගන්නා සියලු සේවකයින් වෙනුවෙන් මේ ''ලේ වැකි පාඩම'' උගන්වනවා. එහෙම එකක් ආයේ නොවෙන්න එයාල දන්නා සියලු ශිල්ප පාවිච්චි කරලා වගබලා ගන්නවා. 

එදා සිට අද දක්වා ඒ වගේ හදිසි ආපතික අනතුරකට මුහුණ දෙන්න ඕනි විදියට සියළු සේවකයින් ඒ සඳහා සුදානම් කරලා තියනවා. ඒක එදා සිට අද දක්වා ජපන් ගුවන් සමාගමේ අනිවාර්ය අංගයක්. 

photo l
1985 අවුරුද්දේ රැස් වෙච්ච ජපන් එයා සමාගමේ සියලු සේවකයින් එදා ඒ වරදේ වගකීම (responsibility) තමන්වෙත පවරා ගන්නවා. එහෙම පවරාගෙන ආයෙත් ඒ වැරැද්ද නොවෙන්න ඔවුන් ලෝකයට සපථ කරනවා. එහෙම සපථ කරලා තමයි ජපන් කොඩිය සහිත තමන්ගේ ගුවන් යානා නැවත ගුවනේ ලෙළ දෙවන්නේ. ඒ වසර ගණනක් පුරා සෑහෙන කාලයක් ජපන් එයා සමාගම ලෝකයේ වඩාත්ම ආරක්ෂක ගුවන් සේවය බවට පත්කරමින් (the safest airline). 

ඒ සියලු පාඩම්, සූදානම සහ මතකය එක්ක ඔවුන් පෙරේදා සිදුවෙච්ච අනතුරින් පස්සේ හරියටම තත්පර අනුවකින් සියළු මඟීන් ගුවන් යානයෙන් ඉවත්කරන්න කටයුතු කරනවා. ඒ නිසා ගින්නෙන් වැහිල ගියත් එයා බස් යානයේ කිසිම ගුවන් මඟියෙකුට කිසිදු අතුරු අන්තරාවක් වෙන්නේ නැහැ. ඒ ගැන ගුවන්යානා නිෂ්පාදන ක්ෂේත්‍රයේ අය කතාකරන්නේ ගොඩක් ආඩම්බරයෙන්. 

p0h2kl35

එයා බස් යානයේ සේවකයින් හරියටම උපදෙස් පොතට අනුවම වැඩ කරලා තියනවා. මොකද එයාල වැඩ කරන්නේ ''ලේ වැකි පාඩම්'' සහිත පොතක් එක්ක. ලෝක ගුවන්යානා විශේෂඥයින් පෙරේදා අනතුර සහ ඒ ජීවිත බේරාගැනීම ගැන සඳහන් කරන්නේ එහෙම. 

 

පෙරේදා ජපන් ගුවන් අනතුර ඔබට සහ ලෝකයට ලොකු ප්‍රවෘත්තියක් නොවෙන්නේ ඒ ගුවන් සේවයේ සූදානම සහ කැපවීම නිසා. 


අති විශිෂ්ට ජපන් ලේඛකයෙක් වෙච්ච යුකියෝ මිෂිමා කියනවා ජපානයේ ඔය ලස්සන සකුරා මල් වලට වැහිලා ලේ බිංදු තියනවා කියල. 

මම කියනවා මිෂිමා කියන ඒ ලේ බිංදු වලින් අන් කිසිම ජාතියක් ඉගෙන නොගත්ත පාඩම් ජපානය ඉගෙනගෙන තියනවා කියල. 

වැදගත් ම දේ වරදක් වෙන එකම නෙවෙයි. ඒක නැවත නොවෙන්න කටයුතු කරන එක. 


(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...