BREAKING
Top Ad
බුකිය

අරවින්ද දේශපාලන රූපකයක් ලෙස.... -(ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

January 4, 2024 • 1:47 AM

අරවින්ද දේශපාලන රූපකයක් ලෙස.... -(ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිකට් වල පිතිකරුවන් වර්ග දෙකක් දකින්න පුළුවන්.
  • අනික් අය ඉන්න තත්පර හෝ විනාඩි හෝ පැය කීපය ඇතුලේ විශාල බලපෑමක් තරඟයට කරන්න පුළුවන් අය.
  • ඒ නිසාම තරඟ පිටින් අපිට අහිමි උනත් අරවින්ද අරවින්ද බවට පත් උනේ ඒ සමහර අතාර්කික - අධි අවදානම් ප්‍රවේශය නිසා.    ඔහුට ''මෑඩ් මැක්ස්'' (mad-max) කියල නමක් පටබැඳුණේ මේ තරමක් අපිට අනුව පිස්සු පහරවල් නිසා.
  •   අරවින්ද සතු මේ සුවිශේෂී වෙනස් බව නිසා අර්ජුන හැම වෙලාවේම 1996 කණ්ඩායම ගැන කතාකරද්දී ''අරවින්ද හැර'' හෝ ''අරවින්ද පැත්තකින් තිබ්බොත්'' කියල කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
එක වර්ගයක් නම් ආරක්ෂාකාරී විදියට ගහන අය (defensive players). අනික් ප්‍රවර්ගය නම් ආක්‍රමණශීලි විදියට ගහන අය (aggessive players). 

පළමු වර්ගය සෑහෙන වෙලාවක් තරඟය අල්ලාගෙන ඉන්න පුළුවන් කොටසක්. අනික් අය ඉන්න තත්පර හෝ විනාඩි හෝ පැය කීපය ඇතුලේ විශාල බලපෑමක් තරඟයට කරන්න පුළුවන් අය.
 
ලංකාවේ ක්‍රිකට් විශිෂ්ටයා වන අරවින්ද ද සිල්වා අයිති වෙන්නේ මේ ප්‍රවේගකාරී - ආක්‍රමණශීලි කැටිගරියට. ඉතාම තීරණාත්මක අවස්තාවක උනත් අවදානම් පහරවල් ගහපු කෙනෙක් අරවින්ද. ඒ නිසාම තරඟ පිටින් අපිට අහිමි උනත් අරවින්ද අරවින්ද බවට පත් උනේ ඒ සමහර අතාර්කික - අධි අවදානම් ප්‍රවේශය නිසා. 
අරවින්ද නම් වූ බටහිරයා.... (ආචාර්ය මහේෂ් හපුගොඩ)
 
ඔහුට ''මෑඩ් මැක්ස්'' (mad-max) කියල නමක් පටබැඳුණේ මේ තරමක් අපිට අනුව පිස්සු පහරවල් නිසා. අපි කවදා හෝ අරවින්දට ආශා කරන්නෙත් ඒ පිස්සු කොළු ගතිය නිසා කියල මම කලින් ලිව්වා.  

අරවින්ද සතු මේ සුවිශේෂී වෙනස් බව නිසා අර්ජුන හැම වෙලාවේම 1996 කණ්ඩායම ගැන කතාකරද්දී ''අරවින්ද හැර'' හෝ ''අරවින්ද පැත්තකින් තිබ්බොත්'' කියල කියනවා. මොකද එයා අනික් අයත් එක්ක ප්ලේස් කරන්න බැහැ. ඒ තරමටම වෙනස්. 

අරා කොහොමත් පන්දු යවන්නාට අභියෝගයක් වෙන විදියේ පහරවල් වලට යන නිසා පන්දු යවන්නෝ ඉන්නේ තරමක් කල්පනාවෙන්. ඉතාම තීරණාත්මක වෙලාවක උනත් අරවින්ද ඉස්සරහට පැනල ගහන්න පුළුවන් නිසා පන්දු යවන්නෝ ''කැටයම් දාන්නේ'' කල්පනාවෙන්. 
 
අරවින්ද යක්ෂයෙකු සේ ඉතුරු වී සිටින්නේ ඇයි?
කොච්චර අවදානම් උනත් කැටයම් දාපු පන්දු යවන්නොත් ඉන්නවා. ඒ ශ්‍රේෂ්ට වසීම් අක්‍රම් වගේ. එයාලගේ පැත්තෙන් එයාල ආක්‍රමණශීලියි. 
 
ඉහත කාරණාව අරවින්ද ගැන විතරක් නෙවෙයි ඕනෑම ආක්‍රමණශීලි පිතිකරුවෙක් වෙනුවෙනුත් සත්‍යයක්. ගොඩක් වෙලාවට මේ වර්ගයේ පිතිකරුවෝ පිටියේ හිටියේ ටික වෙලාවයි. හැබැයි ඒ ඉන්න ටික වෙලාව ඇතුලේ ලෝක ක්‍රිකට් වෙනස් කරලා තියනවා ඔවුන්. සයිඩ් අන්වර්, ෂයිඩ් අෆ්රිඩි, සනත් ජයසූරිය, ඇඩම් ගිල්ක්‍රිස්ට්, අරවින්ද, විවේන්ද්‍ර ෂෙවාග්, මැතිව් හේඩන්, ග්‍රැහැම් ස්මිත් කියන්නේ මේ එයාල ක්‍රීස් එකේ හිටපු ටික වෙලාව ඇතුලේ ක්‍රිකට් ඉතිහාසය නැවත ලියපු අය. 
මින් අදහස් වෙන්නේ නැහැ ආරක්ෂාකාරී පිතිකරුවෝ ක්‍රිකට් වලට බලපෑමක් කළේ නැහැ කියල. එයාලත් ගොඩක් දේ දීල තියනවා. නමුත් ඒක අරකින් වෙනස්. 

අපි ආරක්ෂාකාරී වෙන්න වෙන්න පන්දු යවන්නෝ එයාල දන්නා හැමදේම කරන්න උත්සාහ කරනවා, මොකද පිතිකරුවා ලොකු පහරවල් වලට යන්නේ නැති නිසා එයාල ඒ චාන්ස් එක ගන්නවා. නමුත් අරවින්ද ප්‍රවේශය වෙනස්. මැච් පරදින්න හරි කමක් නැහැ එයා අපරික්ෂාකාරී පහරවල් ගැහුවා. 
chart3234536
මම කියන්නේ දේශපාලනය ඇතුලේ චේ, ලෙනින්, විජේවීර, ප්‍රභාකරන් වගේ කට්ටියත් එහෙම දෙනලද සීමා ඉරෙන් ඉස්සරහට ඇවිත් පවත්නා ක්‍රමයට අභියෝග කළා කියල. 

එයාල මැච් දිනන්නත් ඇති. පරදින්නත් ඇති. හැබැයි සක්ලෙන් මුෂ්ටාක්ල, බ්‍රෙට් ලී ල, අක්‍රම් ල ඉස්සරහ ඇඹරුනේ නැහැ....

අන්තිමට ආරක්ෂාකාරී විදියට ඉඳල ගහලත් නැතුව, ගහන්න හදලත් නැතුව, මැච් එකත් පැරදුනාම පරාජය ඩබල් වෙනවා. ඒ පරාජය දරාගන්න අමාරුයි. 
ඒ නිසා අරවින්ද කියන්නේ ක්‍රිකට් රූපකයක් විතරක් නෙවෙයි දේශපාලන රූපකයකුත් වෙනවා (political metaphor). විශේෂයෙන් රනිල් කියන සක්ලෙන් මුෂ්ටාක් බෝල් කරන වෙලාවක...
මේ වීඩියෝව ඒ ගැන....



ලේ තැවරුණ පාඩම් පොත....(ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...