BREAKING
Top Ad
බුකිය

'ජීවිතය කර්කශයි, ආදරය ඒ සරතැස නිවන අඳුනක් බඳුයි' - (රවිනි ජිනදාස)

T

The Leader

January 6, 2024 • 10:52 AM

'ජීවිතය කර්කශයි, ආදරය ඒ සරතැස නිවන අඳුනක් බඳුයි' - (රවිනි ජිනදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රවිනි කියන්නෙ ලංකාවෙ මට මුනගැහුනු ආශ්චර්යමත් ගැහැණියක්.
  • රවිනිගේ පොතේ පෙරවදන ලංකාවෙ කෙනෙක් ලොකුමහත් වීම කියන්නෙම තමන්ගේ  පූර්ව වැඩිහිටි වියෙහි ලිංගික හැගීම් ආස්වාද කිරීම් පිළිබඳ වරදකාරීබවකින් තව තවත් පිරී යාමයි.
  • මම අවුරුදු 21දි ලංකාවෙන් පිටවෙලා ලන්ඩන් බලා යනවා.
  • එහේ අවුරුදු 12ක් ජීවත් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ගැහැණු බවේ නිදහස, අදීනත්වය වගේම ආදරනීය බවත් උතුරා යන ජීවිතයක්. පුපුරා යන සතුටු බෝම්බයක්. නිදහස් ලිංගිකත්වයේ ස්වභාවික අරගලකාරියක්. රවිනි මීට කලින් පොතක් ලිව්වා. ඉංග්‍රීසියෙන් හින්ද වැඩි දෙනෙක් කියෙව්වෙ නෑ. මේ පොතත් එයා ලියන්නෙ ඉංග්‍රීසියෙන්. ඒ හින්ද ඒකත් වැඩි දෙනෙක් කියවන එකක් නෑ. අඩුම තරමෙ පෙරවදනවත් සිංහලෙන් පළ කරන්න පුළුවන් නම් කියල මං කල්පනා කළා. ‍

මේ ඒ සිතුවිල්ලෙ ප්‍රතිඵලය.

රවිනිගේ පොතේ පෙරවදන

ලංකාවෙ කෙනෙක් ලොකුමහත් වීම කියන්නෙම තමන්ගේ  පූර්ව වැඩිහිටි වියෙහි ලිංගික හැගීම් ආස්වාද කිරීම් පිළිබඳ වරදකාරීබවකින් තව තවත් පිරී යාමයි. ස්වයං වින්දනයේ විවිධ ගවේෂනයන්ගේ පටන් කන්‍යාභාවය නැති කරගැනීම දක්වා දිගහැරෙන මේ වරදකාරීත්වයේ උරුමය සෙක්ස් ගැන සිතීම පවා ලැජ්ජාසහගත හැටියෙන් බාරගන්න හුරු කරනවා.

මම අවුරුදු 21දි ලංකාවෙන් පිටවෙලා ලන්ඩන් බලා යනවා. එහේ අවුරුදු 12ක් ජීවත් වෙනවා. මේ කාලය මගේ ජීවිතේ ස්වයංගවේෂණත්මක චාරිකාවක් වගෙයි. ලිංගිකත්වය වටා ගැටගැසූ වරදකාරීත්වයේ සහ ලැජ්ජාවේ සළුපිළි පසෙක ලා සෙක්ස්, සෙක්ස් හැටියෙන් ආස්වාද කිරීමට ‍මට පුළුවන් වුනා.

සෙක්ස් කියන්නෙ ශරීර දෙකක් ලෝකයේ ඇති ස්වභාවිකම ක්‍රියාව පිණිස එකිනෙකා එක්ව බැඳීමක්. මම ලෝකය සහ මිනිස් සම්බන්ධතා දකින කියවන ආකාරය මා තුල නිර්මාණය වුනේ මේ පරිච්ඡේදයේදීයි. ආදරය ගැන, කසාදය ගැන, පෙම්වතුන් ගැන මගේ දැකීම වෙනස් කලේ මේ කාලයයි.

විසි ගණන් මැද වන විට, මගේ යෙහෙලියන් විවාපත් වෙමින් ජීවිත කාලයම කෙසේ ගත විය යුතු දැයි තීරණය කරද්දී මම මගේ පළමු කොල්ලා සමග පළමු පෙමින් වෙලී සිටියා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. වැඩකරන පංතියේ, බිඳුණු පවුලකින් පැවතෙන්නෙක්. අපේ ජීවිත කිසිසේත්ම සමාන වුනේ නෑ විතරක් නෙමෙයි ඉඳුරාම පරස්පර වුනා. මේ පරස්පරතා අතර අපි අවුරුදු හතරක් සුන්දරව ආදරය කළා. මම සෙක්ස් ගැන මගේ ලැජ්ජාව සහ වරදසහගත බවේ උරුමය සපුරාම බැහැර කලේ ඔහුත් සමග ගත කළ කාල‍යේදීයි.

මගේ මුරන්ඩු හදවත කිසි දවසක සාම්ප්‍රදායික මාවතේ පවුල්ගත වීමකින් සෑහීමකට පත් නොවන වගත්, කිසි දිනක හමු නොවන්නට ඉඩ ඇති යමක් ආදරය තුල සොයමින් ජීවිත කාලය පුරාම මා සැරිසරනු ඇති බවත් මේ කාලයේදී මට පසක් වුනා.

ඔහුගෙන් පසු මා ගෙවූ පසුගිය අවුරුදු විස්සක ආදර සම්බන්ධතා ලෝකය අතිශය විචිත්‍ර සහ වර්ණවත් අත්දැකීම් ගොන්නකින් මාව මුසපත් කළා. ඔබේ හදවත විවෘතවත්, දෙපා පළල්වත් තබා ගැනීමෙන් ජීවිතයේ සුන්දරතම නිමේෂයන් අනාවරණය වන බව මං ඉගෙන ගත්තා. මගේ ආදරයේදී මම හැමවිටම නොසිතාම වුනත් සම්මත සමාජ සීමාවන් අතික්‍රමණය කරනවා.

ජාතිය, වර්ගය, ආගම, ආර්ථික පසුබිම වගේම අපි මිනිසුන් හැටියට කොයිතරම් වෙනස්ද යන්නවත් මට ආදරයේදී සළකා බැලෙන කාරණාවක් නෙමෙයි. රිදවුම් තුවාල අතර නමුත් හදවතින් මතුවෙන සතුටු සිනහවක් මුහුනේ නිතැතින් රඳවාගන්නත්, ඉතාම ආස්වාදනීය ජීවිතයක් ආදරෙන් වැළඳගන්නත් මේ අසම්මත ගමනේදී මට පුළුවන් වුනා.

යළි ජීවිතය මුල සිට ගත කරන්න ලැබුනත් මම කිසි විදිහකින් වෙනස් ගමනක් තෝරා ගන්නෙ නෑ.

ජීවිතය කර්කශයි, ආදරය ඒ සරතැස නිවන අඳුනක් බඳුයි.

මේ මගේ ජීවිතය පුරා ගමන් ගත් ආදර මාවත් ගැන කතාන්තරයයි.

(රවිනි ජිනදාස)


(උපුටා ගැනීම - චින්තන ධර්මදාස ගේ ෆේස්බුක් පිටුවෙන් )

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...