BREAKING
Top Ad
බුකිය

ලංකාව ලංකාවක් කරමු ! - ලාල්කාන්තගේ කතාවට චින්තා ගෙන් ප්‍රතිචාරයක්

T

The Leader

January 8, 2024 • 2:27 AM

ලංකාව ලංකාවක් කරමු ! - ලාල්කාන්තගේ කතාවට චින්තා ගෙන් ප්‍රතිචාරයක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''මේක රුසියාවක්, චීනයක්, නැත්තං කියුබාවක් කරන්න ඕන කියල කවුරු හරි කියනවා නං ඌ mattek.
  • ලංකාව ලංකාවක් හැටියෙන් සංවර්ධනය කරන්න නං ලංකාවෙ ස්වභාවිකව මිනිස් ගනුදෙනු ඇතුලෙ ගොඩනැගිලා තියෙන හොඳ සහ නරක දෙකම බාරගන්න ඕන.
  • උදා විදිහට පාරක රථවාහන වැරැද්දකදි පොලිසියට කතා කරලා, නැත්තං කීයක් හරි දීලා යන එක නීතියට වැරදි වුනාට මිනිස්සු හදාගත්ත ක්‍රමයක්.
  • ඒකෙන් වරදටත් යම් දඩුවමක් ලැබෙනවා, නීතියේ අනවශ්‍ය රස්තියාදු, වියදම් අවම වෙනවා.  ඉතිං රටක ‍මහා ආඛ්‍යානවලින් බාහිරව මිනිස්සු ඇතිකරගත් චූල ආඛ්‍යාන පවතින්න ඉඩ තියෙන්න ඕන.
අකුරු ප්‍රමාණය (Font Size):

අපි කියන්නෙ මේක ලංකාවක් කරන්න ඕන කියල. මේ රටේ මානව සංවර්ධනයට යම් යම් බාධා තියෙනවා නම් ඒවා ඉවත් කරන්න ඕන එච්චරයි.''

- ලාල්කාන්ත


ලංකාව ලංකාවක් කරනවා කියන අදහස හරි වැදගත් දෙයක්. හැබැයි ඒක ලාල්කාන්ත කියන්නෙ ඒ සම්පූර්ණ අදහසින්ද කියල මං දන්නෙ නෑ. ලංකාව චීනයක් කියුබාවක් වගේම මේක සිංගප්පූරුවක්, ඇමරිකාවක්, හරි ඔස්ට්‍රේලියාවක් හරි කරන්න හිතන එකාත් mattek.

ලංකාව ලංකාවක් හැටියෙන් සංවර්ධනය කරන්න නං ලංකාවෙ ස්වභාවිකව මිනිස් ගනුදෙනු ඇතුලෙ ගොඩනැගිලා තියෙන හොඳ සහ නරක දෙකම බාරගන්න ඕන. ඒවා අවශ්‍ය ප්‍රමාණයට පවතින්න ඉඩ දෙන්න ඕන.

උදා විදිහට පාරක රථවාහන වැරැද්දකදි පොලිසියට කතා කරලා, නැත්තං කීයක් හරි දීලා යන එක නීතියට වැරදි වුනාට මිනිස්සු හදාගත්ත ක්‍රමයක්. ඒක මනුස්සයි. ඒකෙන් වරදටත් යම් දඩුවමක් ලැබෙනවා, නීතියේ අනවශ්‍ය රස්තියාදු, වියදම් අවම වෙනවා. 

ඉතිං රටක ‍මහා ආඛ්‍යානවලින් බාහිරව මිනිස්සු ඇතිකරගත් චූල ආඛ්‍යාන පවතින්න ඉඩ තියෙන්න ඕන. රටක් දූෂණයෙන් තොර කරනවා වගේ පාරිශුද්ධ අරමුණුවලට යනවා වෙනුවට දූෂණයේ ඇති හොඳ අවස්තා සහ නරක අවස්තා අඳුරගන්න ඕන. 

p13172057 v h6 aa
'Buddha in a traffic jam' ෆිල්ම් එකේ කියනවා කරප්ෂන් කියන්නෙ මේ සිස්ටම් එක දුවන ලිහිසි තෙල් වගේ වෙන්න පුළුවන් කියල. ඒ අදහස යම් තරමක් දුරට ඇත්ත. කොහොම වුනත් පාරිශුද්ධ ආන්ඩුවක් වෙනුවට වැරදි කරන, වැරදි පවතින, වරදේ ප්‍රමාණය යහපතේ ප්‍රමාණය ඉක්මවන්නට ඉඩ නොදෙන ප්‍රායෝගික ලංකාවක් හදන්න යම් කෙනෙක් උනන්දු වෙනවා නං ඒක හොඳ දේශපාලනික ප්‍රවණතාවයක්.

හෑලි ටයිම්ස් - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...