BREAKING
Top Ad
බුකිය

අමතකභාවයේ අන්ධකාරය තුළ මැකීයන ලසන්ත.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

January 13, 2024 • 5:30 AM

අමතකභාවයේ අන්ධකාරය තුළ මැකීයන ලසන්ත.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලියෙක් ගහල ඔත්පල වෙලා මාස ගානක් කොළඹ මහ ඉස්පිරිතාලේ අයි.සී.යූ. ඇඳක කොමා තත්වෙන් හිටපු ජැක්සන් ඇන්තනී එකපාරටම අනික්
  •   මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ කෘර ඝාතනය වෙලා මේ අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා වෙනකොට වසර පහළොවක් ගෙවිල තියනවා.
  • නමුත් මේ ඝාතනයට වගේම තවත් ලාංකික මාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරීන් ගණනාවකට සිද්ද වෙච්ච මෙවන් ඝාතන සහ පහරදීම් වලට අදාල කිසිම වගකිවයුත්තෙක් හට කිසිම දඬුවමක් මේ දක්වා හම්බවෙලා නැහැ.
  • අපි උඹලගේ මරණයට අදාල වගකිව යුත්තෝ හොයන්නේ නැතුවා විතරක් නෙවෙයි, උඹලගේ කේස් එකත් රටක් හැටියට අමතක කරලා දමනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

හැම පැත්තෙන්ම සුවවෙලා ඒත් මෙමරි කාඩ් එක වැඩකරන්නේ නැතුව අවදි උනානම්? එතකොට එයා ආයෙත් ෆැක්ට්‍රි සෙටින් වලට යනවා (factory setting). ගිහිල්ල මෙහෙම අහයි.

 ''මොන අලියෙක් ගැනද උඹල මේ කතාකරන්නේ? මම දන්නා අලියෙක් නැහැ. මම දන්නා බුදුන්ගේ ඥාතියෙකුත් නැහැ. මහාවංසයකුත් නැහැ. කවුද මේ වටේ ඉන්න උන්? කසාද බැන්දා කියලත් මම දන්නේ නැහැ. පලයල්ලා යන්න මෙතැනින් මට මගේ පාඩුවේ ඉන්න දීලා....''


මෙහෙම උනොත් අපි මොකද කරන්නේ? එතැනදී අපිට අපි ගැන මතකයක් නැති ජැකා එක්ක නැවත සම්බන්ද වෙන්න බැරි වෙනවා. ඒ මෙමරි ලොස් එක නිසා. නැත්නම් මතකය අහිමි වීම නිසා.

අපි අපේ අනෙකාට, ඉතිහාසයට, වර්තමානයට සහ තවත් දේවල්වලට සම්බන්ද වෙන්නේ මෙන්න මේ මතකය එක්ක. ගොඩක් කාලෙකට පස්සේ හම්බ උනත් අපි 'ඔයාට මාව මතකද' කියල අහන්නේ ඒ නිසා.

 මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ කෘර ඝාතනය වෙලා මේ අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා වෙනකොට වසර පහළොවක් ගෙවිල තියනවා. නමුත් මේ ඝාතනයට වගේම තවත් ලාංකික මාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරීන් ගණනාවකට සිද්ද වෙච්ච මෙවන් ඝාතන සහ පහරදීම් වලට අදාල කිසිම වගකිවයුත්තෙක් හට කිසිම දඬුවමක් මේ දක්වා හම්බවෙලා නැහැ.

මේ ගැන කවුරුහරි මන්ත්‍රී කෙනෙක් පසුගියදා පාර්ලිමේන්තුවේ කතාකරන්න හදනකොට කතානායක කීවේ පාර්ලිමේන්තුවේ ''තව වැඩකටයුතු'' තිබෙනවා දැන් ඔය පරණ කතා අමතක කරන්න කියල. ඒ වගේම ගොඩක් අයටත් දැන් ඕනි ඒ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, මානව හිමිකම් වෙනුවෙන්, භාෂණයේ නිදහස වෙනුවෙන් ඒ කාලේ කරපු කතා අමතක කරලා දැන් මූලික වෙලා තියන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන හැටි ගැන කතාකරන්න. සහ ඒ වෙනුවෙන් වැඩකරමු කියල කියන්න. එතැනදී ආර්ථිකය අධිනිශ්චය වෙනවා. අනික් ඒවා යට යනවා.

         

 මේ ''අමතක කිරීම'' (forgetfulness) තමයි රටකට කරන්න පුළුවන් ඉහලම නරුම අමතක කිරීම. ඒ අමතක කිරීමෙන් කියන්නේ මේ වගේ දෙයක්. උඹල ලසන්තල වගේ කතාකරන්න ගියොත් උඹලට වෙන්නෙත් පාරේ මැරෙන්න. අපි උඹලගේ මරණයට අදාල වගකිව යුත්තෝ හොයන්නේ නැතුවා විතරක් නෙවෙයි, උඹලගේ කේස් එකත් රටක් හැටියට අමතක කරලා දමනවා. මොකද ''ලසන්තට වඩා වැදගත් වැඩ'' අපිට තියනවා කියන එක.

මේක තමයි අපි ඔයාල නිර්මාණය කරපු ප්‍රජාතන්ත්‍රවාදී රට. සියල්ල අමතක කරන සහ අමතක වෙන රට.

මේ අමතක කිරීම වෙනුවෙන් වැදගත් සමකාලීන ඉතාලි ජාතික චින්තකයෙක් වන උම්බර්තෝ ඊකෝ මෙහෙම කියනවා. ඒ එයාගේ Against the Loss of Memory දේශනයේදි.


අපේ ගොඩක් ඇකඩමියාවේ අය තමන්ගේ පත්‍රිකා වල උපුටා දක්වන්නේ ඉතාම මෑතක උපුටන (latest bibliography). හැබැයි ලෝක යුද්ධ දෙකක මතක අපි ඉතාම ඉක්මනින් අමතක කරන්න තමයි හදන්නේ. අඩුතරමින් රූස්වෙල්ට්, චර්චිල් වගේ චරිත ගැනවත් දැන් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. උනන්දු නැහැ. වැදගත් කියල හිතන්නේ නැහැ. ඒ වැදගත් සංධිස්ථානවල පාඩම් මොනවද කියලවත් අපි දන්නේ නැහැ.

Thajudeen 2024

 ඉතින් මේ විදියටම තමයි අපි ''අමතකභාවයේ අන්ධකාරය'' ඇතුලේ ලසන්තල, ප්‍රගීත්ල, සිවරාම්ල, තජුඩීන්ල ගිල්වල දමන්නේ. මේක රෝග ලක්ෂණයක්. අමතකභාවයේ අන්ධකාරය කියල ලිව්වේ පේරාදෙණියේ සිරි ගුණසිංහ.

 ලසන්තගේ අනුස්මරණය වෙනුවෙන් ආපු ආචාර්ය හර්ෂ ද සිල්වා ජනාධිපති රනිල්ගෙන් මෙහෙම අහනවා. ''ජනාධිපතිතුමණි, ඔබතුමාම නේද අපිට ඔය ඝාතනය ගැන කිව්වේ. ලසන්ත වැඩ කළේ අපි එක්ක නේද? දැන් ඇයි අමතකවෙලා වගේ ඉන්නේ?''

                   
ඉතින් බලය වෙනුවෙන් වසඟය පාවිච්චි වෙන මේ වගේ වෙලාවක හර්ෂ කියන මේ දේ අහන්න කවුරුත් දැන් නැහැ. අපි හිතුවට එතන රනිල් කියල කෙනෙක් ඉන්නවා කියල දැන් එහෙම කෙනෙක් නැහැ. ඉස්සර ඉඳලත් නැහැ.

ජැක්සන් හිටියේ කොමා තත්වයක නම් දැන් රනිල් ඉන්නේ ඊටත් වඩා ඔත්පළ තත්වයක. අවම වශයෙන් මතකය පැත්තෙන්.

 

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...