BREAKING
Top Ad
බුකිය

ලාල්, බඹරු ඇවිත් ෆිල්ම් එක ගැන කරන විග්‍රහය ඇතුලෙ මරු කතාවක් කියනව

T

The Leader

February 21, 2024 • 11:00 AM

ලාල්, බඹරු ඇවිත් ෆිල්ම් එක ගැන කරන විග්‍රහය ඇතුලෙ මරු කතාවක් කියනව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලාල්, බඹරු ඇවිත් ෆිල්ම් එක ගැන කරන විග්‍රහය ඇතුලෙ මරු කතාවක් කියනව. ඒ තමා ධර්මසේන පතිරාජ,
  • ලාල්ගෙ කතාවෙ ඇත්තක් තියනව.
  • අවුරුදු 80වත් පැනපු ලංකා සමසමාජ පක්‍ෂයෙ හිටපු නායකයා මට කතාවක් කිව්ව දවසක.
  • පරණ වමේ අසාර්ථකකම ගැන එයා කිව්ව කතාවක් තමා ඒක.
අකුරු ප්‍රමාණය (Font Size):

විමල් කුමාර ද කොස්තා හරහා ඉදිරිපත් කරන චරිතය ගැන.

ඒ කියන්නෙ කොස්තා කතා කර කර ඉඳල පස්සෙ බලනකොට එක මිනිහෙක්වත් නැහැලු අහගෙන ඉන්න, හරකෙක් බැදපු කරත්තයක් එක්ක මිනිහෙක් විතරයිලු ඉන්නෙ. හරක විතරයි බලන් ඉන්නෙ. අන්තිමට බලපුවම හරකා විතරයිලු ධනවාදය ගැන කරපු විග්‍රහය අහල තියෙන්නෙ. ලාල් කියනව, වමේ භාෂාව මිනිස්සුන්ට ඇල්ලුවෙ නැහැ කියල ඒකෙ පෙන්නන්නෙ කියල.


ලාල්ගෙ කතාවෙ ඇත්තක් තියනව. අවුරුදු 80වත් පැනපු ලංකා සමසමාජ පක්‍ෂයෙ හිටපු නායකයා මට කතාවක් කිව්ව දවසක. ඒ තමා, එයා බදුල්ලෙ කතාවක් දෙන්න ගියාලු. එතකොට කතාව කරගෙන යනකොට එක එකා යන්න ගිහින්. අන්තිමට තුන් දෙනයිලු ඉතුරුවෙලා හිටියෙ. බර්නාඩ් ඒත් කතාව දිගටම කරගෙන ගිහින් කිව්වලු, "මේ සහෝදරවරු තුන් දෙනා තමා අපිට විප්ලවයට ඕන කරන සහෝදරවරු" කියල... ඒ බර්නාඩ්ගෙ තරුණ කාලේ ..


පරණ වමේ අසාර්ථකකම ගැන එයා කිව්ව කතාවක් තමා ඒක.

ඒ ගමන් තව දවසක් මාත් එක්ක කයිය ගහගෙන ඉන්න කොට බර්නාඩ් කිව්ව, එයා ඔය සලාකා එක හරියෙ පාරෙ හිටපු හිඟමන් යදින කෙනෙකුට සල්ලි දුන්නලු. එතකොට එයත් එක්ක හිටපු සමසමාජ සහෝදරයෙක් කිව්වලු "සහෝදරය කරපු වැඩේ වැරදියි" කියල.

එතකොට බර්නාඩ් ඇහැව්වලු "ඒ ඇයි" කියල.

අර සහෝදරය කිව්වලු, "හිඟන්නන්ට සල්ලි දුන්නම, උන්ගෙ පංති විංඤාඥාණය මොට වෙනව" කියල.

ඉතිං බර්නාඩ්ට වයසක කාළෙ තිබ්බ සාකැස්ටික් හිනාව දාගෙන මට කිව්ව, "ඔන්න අපි කියපු ඒව ඒ කාළෙ මිනිස්සු ඉඟෙනගෙන තියෙන හැටි” කියල. (මේ කතා දෙකම මම පත්තරේට ලිව්ව ඒ කාළෙ)

 

ජවිපෙත් දැන් පරණ වමක් තමා. ඒත් ලාල් ඒ අසාර්ථක කම කියවගෙන තියෙන එක ගැන සතුටුයි.


සම්පූර්ණ ඉන්ටර්විව් පහල ඇති, බලන්න. ශෝක් සාකච්ඡාවක්:

Uvindu Kuru(උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(මෙම සටහන උවිඳු ගේ ෆේස්බුක් පිටුවේ පලවූවකි )

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...