BREAKING
Top Ad
බුකිය

ප්‍රියා සූරියසේන : ලස්සනම උපහාර දැක්වීමක්

T

The Leader

February 23, 2024 • 3:05 AM

ප්‍රියා සූරියසේන : ලස්සනම උපහාර දැක්වීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවෙ මං දැකපු ලස්සනම උපහාර දැක්වීමක් තමයි ප්‍රියා සූරියසේනට සුමති සම්මානවලදි ලැබුනෙ.
  • කොයිතරම් මුදලක් ගෙව්වත් ඒ වැඩේ ඔය අපි දැකපු දිව්‍යමය බව ගන්න බෑ.
  • ඒ උපහාර දැක්වීම ඇතුලෙ ඒ මිනිස් අතිරික්තය තිබුන.  ඕනම වැඩකදි මිනිස්සුන්ට ඒ අයගෙ අතිරික්තය එකතු කරන්න අවස්තාව දෙන එක වැදගත්.
  • අවශ්‍ය මූලික කොන්දේසි ටික සපුරන අතරෙදි තමන්ගෙ අතින් දෙයක් එකතු කරන්න මිනිස්සුන්ට ඉඩක් තියෙන්න ඕන.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒක අසිරිමත් මොහොතක්. එහෙම ජනතා ප්‍රසාදයක් ලැබෙන්නෙ ගායකයෙකුට හෝ නළුවෙකුට විතරයි. අනෙක් කිසිම කලාකාරුවෙක් ඒ විදිහට මිනිස්සුන්ගෙ ඉමෝෂනල් පද්ධතිය අරක් ගන්නෙ නෑ.

 

priya 12

ඒ වැඩේ කිසිම විදිහකින් සල්ලි ගෙවලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. කොයිතරම් මුදලක් ගෙව්වත් ඒ වැඩේ ඔය අපි දැකපු දිව්‍යමය බව ගන්න බෑ. ඒක එන්නෙ මිනිස්සු තමන්ගෙ අතින්, තමන්ගේ හදවතෙන් කොටසක් ඒකට දානකොට. ඒක අතිරික්තයක්. ඒ උපහාර දැක්වීම ඇතුලෙ ඒ මිනිස් අතිරික්තය තිබුන. 

ඕනම වැඩකදි මිනිස්සුන්ට ඒ අයගෙ අතිරික්තය එකතු කරන්න අවස්තාව දෙන එක වැදගත්. විශේෂයෙන් ලංකාව වගේ රටකදි. අවශ්‍ය මූලික කොන්දේසි ටික සපුරන අතරෙදි තමන්ගෙ අතින් දෙයක් එකතු කරන්න මිනිස්සුන්ට ඉඩක් තියෙන්න ඕන. හොඳ මුදලක ගෙවීමක් ලබලා කරන වැඩකින් කිසි දවසක බෑ නිකං කරන වැඩක සොමිය ගන්න. ගෙව්වම ඒක වැඩක් වෙනවා. නිකං කරද්දි පූජාවක් වෙනවා. 
 

 

ඒක සිද්ද වෙන්නෙ ආගමික බවක් ඇතුලෙ. මිනිස්සු ආගම් ඇතුලට එකතු කරන්නෙ ඒ අතිරික්තය. කලාව ඇතුලට එකතු කරන්නෙ ඒ අතිරික්තය. සුමති වේදිකාවෙ අපිට දැනෙන ඇගේ හිරිගඩු පිපෙන අත්දැකීම වෙන්නෙ ඒක කියලයි මං හිතන්නෙ.


(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...