BREAKING
Top Ad
බුකිය

ප්‍රියා සූරියසේන යනු කවු ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

February 23, 2024 • 6:17 AM

ප්‍රියා සූරියසේන යනු කවු ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙඩක් දුකක් වෙලා සුමති සම්මාන ස්ටේජ් නගිනකල්ම ප්‍රියා සූරියසේන කියන ගායකයාට කවදාවත් ලොකු ඇගයීමක් ලැබුණේ නැහැ කියල කියන්න පුළුවන්.
  • යුගයක් පුරා මුමුණන ගීත බවට පත්උණා.
  • මත්පැන් පොදක් එක්ක කියවෙන ආත්මයේ ගීත බවට පත්උණා.
  • ලොකු ඇචීව්මන්ට් එකක්.  ඒ සිංදු අතරේ ආත්මයේ ප්‍රකාශන තිබ්බ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වගේම එයාගේ ගීත වෙනුවෙන් ලොකු ඇගයීමක් සිද්ද උණෙත් නැහැ. කවුරුවත් විචාරකයෙක් ඔහු ගැන ලොකුවට යමක් ලිව්වෙත් නැහැ. මම මේ ලියන්නෙත් ඔය සුමති ස්ටේජ් එකෙන් පස්සේ ආපු සෝෂල් මීඩියා වේව් (wave) එක එක්ක. 

 

 

ප්‍රියා අපි පොඩි කාලේ ඉඳන් මතක හිටින තාලේ සරළ ජනප්‍රිය ගීත කිව්ව කෙනෙක්.

ඒවා ගොඩක් විමුක්ති ගීතවත් සම්භාව්‍ය ගීතවත් නෙවෙයි. ඒවා ගොඩක් ගැලපුණේ ජෝති, ඇන්ජලීන්, ලතා, මිල්ටන් මල්ලවාරච්චි වගේ අය අයිති වෙච්ච ප්‍රේමදාස උන්නැහැගේ ගම් උදා ප්‍රසංග මාදිලියට. මේ කියන්නේ අසූවේ අග අනූවේ මුල වගේ පටන් ගත්ත එක්සත් ජාතික පක්ෂයේ අනුග්‍රහය ලැබිච්ච එක්තරා සංගීත -සංස්කෘතික ප්‍රපංචයකට. ජිප්සීස්, ෆෝචූන්ස් සහ පස්සේ සන්ෆ්වර්ස් එක්ක ආපු රැල්ල. වෙනත් විදියකට කිව්වොත් අර සම්භාව්‍ය කට්ටිය වෙනුවට ආපු ජනප්‍රිය රැල්ල. 

 



ප්‍රියා සිංදු කිව්වේ ෆ්ලැට් විදියකට. ගොඩක් වෙලාවට ඒ කටහඬ ටිකක් ස්ත්‍රී කටහඬක් එක්ක ගැලපිලා ගියා. තේමා වුනත් ලොකු පරාසයක තිබ්බේ නැහැ. හමුවීම, වෙන්වීම, ආදරය වගේ දේවල් ටිකක් එක්ක ඒ වටා කැරකුනා. 

 



ආදරණිය නේරංජනා, මුළු මුහුදම, ඈත රන්විමන්, මගේ ළමැද, මොහොතක සුවදෙන, හිරු ද මුවාවී, ලිහිණින් රෑන පියා සළන්නේ, හෙට දවසේ අප දෙදෙනා, රටකින් එහා, අඳුර අඳුර මගේ, සඳ තාරකා හඬාවී, වගේ හිතේ රැව්දෙන ලයාන්විත පොප් ධාරාවක ඉතාම සරළ තනු සහ තේමා ටිකක් ප්‍රියා අතින් ගායනා උණා. 

 

 

 

ඒ වගේම ඒවා හිට් උණා. යුගයක් පුරා මුමුණන ගීත බවට පත්උණා. මත්පැන් පොදක් එක්ක කියවෙන ආත්මයේ ගීත බවට පත්උණා. ට්‍රිප් එකක් යනකොට අනිවාර්යයෙන් කියන සිංදු පනහක් අතරේ ප්‍රියාගේ සිංදු අවම වශයෙන් පහක්වත් තිබ්බ. මම හිතන්නේ අපි වගේ විනෝදාංශ කර්මාන්තය ඉතාම පොඩි රටක ඒක ලොකු දෙයක්. ලොකු ඇචීව්මන්ට් එකක්. 

ඒ සිංදු අතරේ ආත්මයේ ප්‍රකාශන තිබ්බ. ඒවා සෝල් (Soul) වෙන්න තිබ්බ. දුක කණගාටුව අතපසුවිම තිබ්බ. ඒවා බ්ලුස් (Blues) වෙන්න තිබ්බ. නටන්න පුළුවන් රොක් ඇන්ඩ් රෝල් (Rock and Roll) වෙන්න නියමිත හිට් තිබ්බ. ආදරය එක්ක ගමන් කරන රිදම් ඇන්ඩ් බ්ලූස් (R&B) වෙන්න නියමිත හිට් තිබ්බ. හැබැයි ඔක්කොම එකම ආරේ ලාංකික පොප් (Sri Lankan Pop) බවට පත්වුණා. ඒක අවාසනාවක්. ඒක ප්‍රියාගේ ප්‍රශ්නයට වඩා ලංකාවේ අතිශයින් සීමාසහිත අසන්නන් ධාරිතාව, උන්ගේ රසවින්දනය සහ මාකට් එක බලපෑවා. ඒකටම හරියන නීල් වර්ණකුලසූරිය ඔක්කොම එක රොත්තට ඔක්ටපෑඩ් එකක් කරලා දැම්ම. ස්ටැන්ලි පීරිස්ල මොනවා හරි විදියකට හදල දීපු එකත් ඒකෙන් නැතිවෙලා ගියා. 

නමුත් ලෝකේ ගායක ගායිකාවන් හඳුනාගන්නේ එයාලගේ ශෛලිය (style) සහ නැඹුරුව එක්ක. නිකම් බලන්න එයාලගේ ප්‍රොෆයිල්.

 

ප්‍රතික්ෂේපයෙන් නොකැළඹී ක්ලැරන්ස්, ප්‍රතිනිර්මාණය කළ 'කිරි මුහුද කළඹාලා'

ඒ නිසා ක්ලැරන්ස් කියන දක්ෂයා නිකම්ම කැලිප්සෝ - පොප් කාරයෙක් උනා. ජෝති නිකම්ම චිත්‍රපටි සිංදු කාරයෙක් උණා. රූකාන්ත පවා ඔය මොකක් හරි වෙන්න නියමිතයි. 

මීට වඩා දෛවයක් අපිට මෙහෙ බලාපොරොත්තු වෙන්න බැහැ. ඇත්ත වශයෙන් ප්‍රියා කොයිවගේ ගායකයෙක්ද කියන එකවත් ඔහු මිය යනකම් ඔහුම දන්නේ නැති වෙයි. 

කමක් නැහැ. මෙහෙම හරි ප්‍රියා ගැන කතාකරන එක හොඳයි. හැබැයි සම්භාව්‍ය උන් ගාවගන්නේ නැතුව සහ උන්ට බණින්නේ නැතුව ප්‍රියා ප්‍රියා විදියට තේරුම්ගන්න බලමු. මොකද එහෙම සංසන්දනය කරන එක ප්‍රියාට කරන අවමානයක්. 

 

353788877 797346348629590 6016046421910256199 n

ප්‍රියා කියන්නේ තනියම අරගෙන කතාකරන්න පුළුවන් තරම් ලස්සන සිංදු කිව්ව කෙනෙක්.


බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...