BREAKING
Top Ad
බුකිය

සාගල මේ මොකාටද එන්න හදන්නේ ?

T

The Leader

February 28, 2024 • 12:14 AM

සාගල මේ මොකාටද එන්න හදන්නේ ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාගල රත්නායක කියන්නේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂක උපදේශක.
  • පහුගිය වසරකට අධික කාලයේ තුල ජනාධිපති වික්‍රමසිංහ ගේ නායකත්වය යටතේ රට ගොඩදාන්න දරු උත්සාහය ගැන සමාජ මාධ්‍ය පොස්ට් කීපයක් සමාජ මාධ්‍යවල පලකරලා.
අකුරු ප්‍රමාණය (Font Size):


සාගල ගේ උපන්දිනය ඊයේට (27) යෙදී තිබුනා. 

තමන්ගේ උපන් දිනය වෙනුවෙන් සාගල අමුතු කැම්පේන් එකක් කරලා.

පහුගිය වසරකට අධික කාලයේ තුල ජනාධිපති වික්‍රමසිංහ ගේ නායකත්වය යටතේ රට ගොඩදාන්න දරු උත්සාහය ගැන සමාජ මාධ්‍ය පොස්ට් කීපයක් සමාජ මාධ්‍යවල පලකරලා.  

බැලු බැල්මට පෙන්නේ ඉස්සරහට එන්න නියමිත ඡන්ද කැම්පේන් එකක ආරම්භයක් වගේ. 

 

රටක් නැවතුන ඒ අතීතය
පතුලටම බිඳ වැටුණු ජන ජීවිතය
අපි සැම මුහුණ දුන් ඒ නපුරු සිහිනය
එහි අවසන
රට මුළුමනින්ම අරාජික වූ ඒ මොහොත

------
හැමෝම මගහැරිය
රටේ අවාසනාව භාරගන්න
අදින් දින 583 පෙර දවසක අපි ඉදිරිපත් වුණා
විසඳුමක් පෙනෙන තෙක් මානයක තිබුණේ නෑ
නමුත් නොසැලෙන ශක්තියක්
නිවැරදි මගපෙන්වීමක් අපිට තිබුනා

--------

අපි එකට වාඩිවෙලා කතාකලා
ක‍ෂණික විසඳුම් සොයාගත්තා
ඒවා නොබියව ක්‍රියාත්මක කලා
දිවා රෑ නොබලා වැඩ කරන්න අපිට සිදුවුණා
පොලිම් අඩුවුණා
කඳුළු නැති වුනා
ටිකෙන් ටික රට යථා තත්වයට පත්වුනා

---------

සෑහෙන දුරට සාමාන්‍ය තත්වයට අද අප ඇවිත්
ඒත් තව අපිට යන්න ගොඩාක් දුර තියෙනවා
හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ කියලා මට අද හිතෙනවා
මම ඉපදුණු අද වගේ දවසක
ඒ අතීතය දෙස ආපහු හැරිලා බලද්දී මගෙ හිතේ කොනක
නිහතමානි සතුටක් නැගෙනවා
 ඒ සතුට තනියම නැතුව
ඔබත් රටත් එක්ක ඛෙදා හදාගෙන
මේ උපන්දිනය සමරන්න කියලා මගෙ හිත මට කියනවා
ඔබේ හදවතේ හැගුමත් රටේ හෙටදින පැතුමත්
එක්ව ඒකාලෝක වේවා..

මම - සාගල රත්නායක

428624030 943884643757006 872389932452060325 n

428605912 944398837038920 7273307432850938694 n

428630185 944940053651465 7403953199794224904 n

429969963 945432960268841 3637053230627633190 n


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...