BREAKING
Top Ad
බුකිය

දීප්ති කියන්නෙ සුවිශේෂ දේශපාලන චරිතයක් - (චින්තන ධර්මදාස)

T

The Leader

March 31, 2024 • 9:37 AM

දීප්ති කියන්නෙ සුවිශේෂ දේශපාලන චරිතයක් - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දීප්ති එක්ක කොයිතරම් නොඑකගතා තිබුනත් දීප්ති කියන්නෙ මං ලංකාවෙ දැකපු සුවිශේෂ දේශපාලන චරිතයක්.
  • දීප්ති එයාගෙ කතාව පටන් ගත්තෙ එතනින්.
  • මං ජීවිතේට මිනිස්සු කතාවක් අහන්න ඇතුල්වෙන්න පොරකකා ඉන්නවා දැකලා තියෙනවා නම් ඒ දීප්තිගෙ කතා අහන්න විතරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මෑත කාලෙට වඩා එක්ස් එකේ දීප්තිමත් කාලෙදි දීප්ති හරි අමුතු තැන් දේශපාලනික විදිහට ස්පර්ශ කළා.

මට මතකයි මහජන පුස්තකාලෙ කරපු සම්මන්ත්‍රණයකදි එහෙම අමුතු තැනක්.

ඒ දවස්වල විවිධ පැතිමාන වලින් කරුණු ගෙන හැර දක්වන සම්මන්ත්‍රණ නිතර තිබුන. ඒවා පට්ට ආතල්.

අපි ඒවාට ගිහින් කතා අහලා, අපි වගේ උන් මුනගැහිලා, ප්ලේන්ටියක් ගහලා, පුළුවන් නම් හවසට බීලා, පයින් ගෙදර එනවා.

ඒක එක විදිහක නාගරික සංස්කෘතිකයක්.‍
 
මේ වගේ සම්මන්ත්‍රණයකට දීප්ති එක්ක වික්‍රමබාහුත් සහභාගි වෙලා හිටියා. වික්‍රමබාහු එයාගෙ සුපුරුදු විදිහට කතාව කළා. ඒ වාමාංශික නැඹුරුව එක්ක වික්‍රමබාහු කතා කරන්නෙ හරි සද්දෙන් කෑ ගහලා. සමහර වෙලාවට කන් බීරි වෙන තරමට. එයාට හුරු විශාල ජන රැලි.

දීප්ති එයාගෙ කතාව පටන් ගත්තෙ එතනින්.

'මේ මයික් හරි සෙන්සිටිව්. අපි දැන් ඉස්සර වගේ යටි ගිරියෙන් කෑ ගහන්න ඕන නෑ. අපි හුස්ම ගන්න සද්දෙ පවා මේ මිනිස්සුන්ට ඇහෙනවා. (ඒ තාක්ෂනික වෙනස තේරුම් ගන්න එක දේශපාලනකයි. පරණ ජනතාව නෙමෙයි අද අපි ඉස්සරහ ඉන්නෙ)
ඒ කතාවල අන්න ඒ වගේ සියුම් තැන් ගොඩක් තිබුන. මං ජීවිතේට මිනිස්සු කතාවක් අහන්න ඇතුල්වෙන්න පොරකකා ඉන්නවා දැකලා තියෙනවා නම් ඒ දීප්තිගෙ කතා අහන්න විතරයි.
 
මේක දීප්ති මාරයි කියන්න තියපු සටහනක් නෙමෙයි. සමහර වෙලාවට ඒ සියුම් තියුණු සංස්කෘතික තැන් ස්පර්ශ කරන දේශපාලනයක් මිසින්ග් කියල දැනුනම ආපු මතකයක්.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...