BREAKING
Top Ad
බුකිය

ගැහැණුන් පිරිමින්ට වඩා පහත් කියල ද ටිල්වින් මේ කියන්නෙ! - (උවිඳු කුරුකුලසුරිය)

T

The Leader

April 8, 2024 • 12:08 AM

ගැහැණුන් පිරිමින්ට වඩා පහත් කියල ද ටිල්වින් මේ කියන්නෙ! - (උවිඳු කුරුකුලසුරිය)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටිල්වින්ටත් ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ගැන ට්‍රේනිං දෙන්න ඕන.
  • ඒ විනාඩි තිස්ගානක කතාවෙ වෙච්ච දේවල් ගැන, විශේෂයෙන්ම 88/89 ගැන සිද්ධි පෙල ගස්වල විග්‍රහයක් කරනව.
  • මම සටහන් කීපයක්ම ලිව්ව ඒ ගැන.
  • මොකද කාලාන්තරයක් තිස්සෙ අපේ හිත්වලට කතා මගින් ඇතුල් කරල තියෙන නිසා.
අකුරු ප්‍රමාණය (Font Size):


ටිල්වින්ගෙ 'ඉල්මහ විරු' සමරු කතාව දැන් ඇහැව්වෙ සම්පූරණයෙන්ම අලුත් දෙයක් කියනවද කියල දැනගන්න.

ටිල්විනුත් ලංකාවෙ ඉන්න දක්‍ෂම දේශපාලන කථිකයෙක්. ඒ විනාඩි තිස්ගානක කතාවෙ වෙච්ච දේවල් ගැන, විශේෂයෙන්ම 88/89 ගැන සිද්ධි පෙල ගස්වල විග්‍රහයක් කරනව. මම ඒකෙ එකඟ නොවෙන තැන් තියෙනව.

ඒත් ඒක ගැන නෙමෙයි මේ කතාව. ටිල්වින් කියනව; ජේ ආර් ජයවර්ධන 2/3කේ බලයක් අරං අලුත් ව්‍යවස්ථාවක් හදල, කිව්ව එයාට කරන්න බැරි ගැහැණියෙක් පිරිමියෙක් කරන්නයි, පිරිමියෙක් ගැහැණියෙක් කරන්නයි විතරයි කියල, ඒත් ජේ ආර් ඒක කළා, ඔක්කොම යූඑන්පී එකෙන් පත්වෙච්ච මන්ත්‍රීලගෙ දින රහිත ලියුම් අරං පාර්ලිමේන්තුවෙ හිටපු ඔක්කොම “පිරිමි ගැහැණුන්” කළා ලු.

අන්න අප්සෙට් එක මතු වෙච්ච තැන

ඒ කියන්නෙ "ගැහැණු" කියන්නෙ "පිරිමින්ට" වඩා පහත් හෝ දුබල හෝ වෙනස් ජාතියක්ද?

ඒ නිසයි මේගොල්ල ජෙන්ඩර් ට්‍රේනිං ගන්න ඕන.

නමුත් ටිල්වින්ට ගෞවරයක් හැටියට කියන්න ඕන, එයාගෙ කටින් තමා - ඒ කියන්නෙ ලංකාවෙ දේශපාලන පක්‍ෂයක නායකයෙකුගෙ කටින් LGBTQ+ - සමරිසි / ස්ත්‍රී පුරුෂකම් වලට අතර මැදි ලිංගික නැමියාවන් තියෙන අයගෙ - අයිතිවාසිකම් පිලිගන්නව කියල කිව්වෙ. ඒ තමයි ලංකාවෙ එකම දේශපාලන පක්‍ෂය ඒක ප්‍රසිද්ධියේ කිව්ව..එදා හොඳට මතකයි මට BRC පිට්ටනියෙ තිබ්බ ඒ රැස්වීමෙදි, එයා ඒ ආන්තිකකරණයට, නොසැලකිල්ලට භාජනය වෙලා හිටපු අයගෙ අයිතිවාසිකම් පිළිගන්නව කිව්ව. ඒක ලංකාවෙ හැමෝගෙම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන අයට වැදගත් දිනයක්. මම ලයිව් බලන් හිටියෙ. මම සටහන් කීපයක්ම ලිව්ව ඒ ගැන.

ster

 

අපි හැමෝගෙම ඔලුවල ඔය වගේ stereotypes, නැත්තම් ඒකාකෘත කොහෙ හරි තැන්පත් වෙලා තියෙනව. උදාහරණයකට, සක්කිලි පඩි ගත්ත වගේ, ත|ම්|බිගෙ තොප්පිය වගේ, දෙමළයි නයයි ආවොත් දෙමළව ඉස්ස්ලෙ මර|න්| ඕන. කුල ගැන කොච්චර තියෙනවද; පද්ද වගේ, අම්මට ගෙම්බ පෙන්නපු උන්, කරා හාද කං ඔරුව පදින කන්, දහ දුරා, හාලි වගේ කෑ ගහන එපා. ගෑණිගෙ මොළේ හැඳි මිටේ, ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන, ගෑණි වගේ,  පහත රැටියො කපටියො, බෙන්තර ගඟින් මෙහාට පූසෙක්වත් ගේන්න එපා, අපි දකුණෙ, අපි නුවර, අපි අර ඉස්කෝලෙ මේ ඉස්කෝලෙ නිසා මෙහෙමයි..  කතා.

ඕව ඔක්කොම හැමෝගෙම යටි හිත්වල තියෙනව. මොකද කාලාන්තරයක් තිස්සෙ අපේ හිත්වලට කතා මගින් ඇතුල් කරල තියෙන නිසා. හිටපු ගමන් ඕව නොදැනීම උනත් එලියට එනව. ඒකෙන් කියන්නෙ ඒ කෙනා ඒව පිලිගන්නව කියන එකම නොවෙන්නත්  පුලුවන්, වෙන්නත් පුලුවන්. ඒ නිසා තමයි අලුත් දේශපාලන ව්‍යාපාර ඒවට එරෙහි මතවාදයක් සමාජගත කරන්න ඕන. ඒකයි මම මේ ටිල්වින්ගෙ කතාවෙ අගතිගාමිත්වය උනත් මෙහෙම කපල සමාජ ගත කරන්නෙ.

88/89 ඉතිහාසය ගැන ජවිපෙ ස්ථාවරය තේරුම් ගන්න, ඒ වගේම කරන්ට් ඩිබේට් එක ෆලෝකරන අය අහන්නම ඕන කතාවක් ටිල්වින් කරන්නෙ. 


එයාගෙ සම්පූර්ණ කතාව මෙතනින් අහන්න:
 


චන්ද්‍රිකාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 'බකල් කළ' මහින්ද ගෙන් සුපිරි කතාවක් !  (වීඩියෝ)(උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(උපුටා ගැනීම - උවිඳු කුරුකුලසුරියගේ ෆේස්බුක් පිටුවෙන් ..)


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...