BREAKING
Top Ad
බුකිය

නලින්ගේ කතාවෙන් මතුවන ප්‍රශ්නයන් දේශපාලනිකව සරල නැත - (විදර්ශන කන්නංගර)

T

The Leader

April 27, 2024 • 9:05 AM

නලින්ගේ කතාවෙන් මතුවන ප්‍රශ්නයන් දේශපාලනිකව සරල නැත - (විදර්ශන කන්නංගර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිස්ස කුට්ටි හා වීරසිංහ යන අලි-පොහොට්ටුවේ ත්‍රාඩ සුනඛයන් දෙදෙනා නලින් හේවගේට බුරා පනිද්දී මගේ නිරායාස ආත්මීය
  • එහෙත් සබුද්ධිකව බැලූ විට තමන් 'වගකීම් සහගත ව්‍යාපාරයක' සාමාජිකයකු බව හේවගේ ඒ අවස්ථාවේ ප්‍රකාශ කළ මුත් දේශපාලනික ස්ථාවරයන් අතින් ගත්විට හේවගේ ගෙන් ප්‍රදර්ශනය වූයේ දේශපාලනිකව වගකීම් විරහිත බවකි.
  • ඔහු 80 අග ජවිපෙ විසින් කළ ඝාතනයන් ස්ත්‍රී දූෂකයන්ට, කසිප්පු කාරයන්ට හා ගමේ හොරුන්ට දුන් සුජාත දඩුවමක් ලෙස දක්වා සිටියි.
  • එසේම සැබවින්ම 'අපරාධකරුවන්' වූ අය හා 'ආණ්ඩුවේ නිල මිනීමරුවන්ව' ඝාතනය කිරීම හැර ඒ මොහොතේ වෙනත් ප්‍රායෝගික විසදුමක් නොවී යැයි ජනතාවට පැහැදිළි කරදීම පවා විප්ලවවාදී ව්‍යාපාරයක වත්මන් නාමධාරීන් විසින් ඉතාම ප්‍රවේශම් සහගත දේශපාලන භාෂාවකින් කළ යුත්තකි.
අකුරු ප්‍රමාණය (Font Size):

පක්ෂපාතිකම ඇත්තේ හේවගේ සහ ඔහු නියෝජනය කරන කඳවුරටයි.

ඒ මොහොතේ උන් දෙදෙනාගේ මූණ කට නාලු වෙන්න පෝරියල් එකක් දීමට ඉඩක් නැති වීම ගැන-එතැන නැතුවත්-මගේ හිත ගතු කියයි.

එහෙත් සබුද්ධිකව බැලූ විට තමන් 'වගකීම් සහගත ව්‍යාපාරයක' සාමාජිකයකු බව හේවගේ ඒ අවස්ථාවේ ප්‍රකාශ කළ මුත් දේශපාලනික ස්ථාවරයන් අතින් ගත්විට හේවගේ ගෙන් ප්‍රදර්ශනය වූයේ දේශපාලනිකව වගකීම් විරහිත බවකි.


ඔහු 80 අග ජවිපෙ විසින් කළ ඝාතනයන් ස්ත්‍රී දූෂකයන්ට, කසිප්පු කාරයන්ට හා ගමේ හොරුන්ට දුන් සුජාත දඩුවමක් ලෙස දක්වා සිටියි. මින් මතුවන ප්‍රශ්නයන් දේශපාලනිකව සරල නැත.

පළමුව ජවිපෙ එදා ඝාතනය කළ සියලු දෙනා 'ගම් වල අපරාධකරුවන්' පමණද ? එසේම 'අපරාධකරුවන්' කවුදැයි ටක්කෙටම තීරණය කිරීමට එදා ජවිපෙ වෙත ස්වාභාවික යුක්ති අනුහසක් හිමිව පැවතුනාද ?


එසේම සැබවින්ම 'අපරාධකරුවන්' වූ අය හා 'ආණ්ඩුවේ නිල මිනීමරුවන්ව' ඝාතනය කිරීම හැර ඒ මොහොතේ වෙනත් ප්‍රායෝගික විසදුමක් නොවී යැයි ජනතාවට පැහැදිළි කරදීම පවා විප්ලවවාදී ව්‍යාපාරයක වත්මන් නාමධාරීන් විසින් ඉතාම ප්‍රවේශම් සහගත දේශපාලන භාෂාවකින් කළ යුත්තකි.


අනික අවම වශයෙන් 'කසිප්පුකාරයන්' හෝ 'හොර මත්පැන් විකුණන්නන්' යනු 'ස්ත්‍රී දූෂකයන්' හා සමාන මට්ටමේ අපරාධකරුවන් ද ? මේ වර්ගීකරණයන් එතරම් සැහැල්ලුද ?

මින් කියවෙන්නේ හේවගේලාගේ දේශපාලන ව්‍යාපාරය තවමත් 80 දශකයේ ජවිපෙ මැදිහත්වීමේ වගකීම ගැන පොදු සංගත පැහැදිළි ස්ථාවරයක් නොදරන බවයි.


ඊටත් වඩා පෙනෙන්නේ ටිරාන් අලස්ලාගේ 'යුක්තිය' වැනි අත්තනෝමතික මර්දන ශෛලීන් මේ වනවිට හේවගේලා විසින් ස්වාත්මීය කරගෙන ඇති බවයි. අනියමින් අනුමත කරන බවයි.

ජවිපෙ පරපුර මුහුණ දුන් 80 දශකයේ බිහිසුණු අද්දැකීම ගැන ප්‍රති-උත්තර දීමට කියා ටිරාන්-දේශබන්දු වර්ගයේ 'යුක්තියට වැඩ' සිනමා කොටස් සහයට කැදවීම දේශපාලන අවිචාරයකි.

Vidarshana Kanna(විදර්ශන කන්නංගර)
සමාජ හා දේශපාලන විශේලේෂක

[Vidarshana Kannangara ගේ ෆේස්බුක් පිටුවෙන් ..]
 


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...