ටෙනිස් බෝලෙට මේ පැත්තෙන් වදිනකොට අනිත් පැත්තට වේගෙන් යනවා. ඒ පැත්‍තෙන් වදින කොට මේ පැත්තට වේගෙන් එනවා.
ආදරයේ ක්‍රීඩාව පවතින්නෙ බෝලය මේ දෙපැත්තට මාරුවෙමින් තියෙන කල් විතරයි. නැත්තං ආදරය ගිලිහෙනවා. බිම දිගේ යනවා.
ආදරය එක පැත්තක නතර වෙන දෙයක් නෙමෙයි දෙපැත්තක් අතර දෝලනය වෙන දෙයක් විදිහට දකින එක චමත්කාරයි.
එක පැත්තකට හොයාගෙන එන වේගෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට ඇදෙනවා.
ඒ නර්තනය පවතින්නෙ දෙපැත්තෙන්ම ලැබෙන ආදරය මත විතරයි.
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
සබැඳි ලිපියක් :
Challengers Movie : මිස් කරගන්න නං එපා...



