BREAKING
Top Ad
බුකිය

රුසියානු කතා - (ජයනි අබේසේකර)

T

The Leader

June 4, 2024 • 6:36 AM

රුසියානු කතා - (ජයනි අබේසේකර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවට නා කපන වැස්ස... මෙහේ අව්ව. හැබැයි හවස්වරුවේ වහින්න නියමිතයි.
  • (ඒවා ඉතින් කියන ලෙසටම වෙනවා) එහෙම වැස්සම ෂශ්ලික්* (මස් කෑලි අඩුම කුඩුම දාලා විශේෂයෙන් විනේගාවලින් මිම්මට මාත්තු කරගෙන ග්‍රිල් කරල ගන්න දිව හිත නටවන කෑමක්.
  •   රසම රස ෂශ්ලික් ඔක්කෝටමත් වඩා රෝමාගේ ගෙදර එළියේ වල් මිදිවැල් දුවපු උද්‍යාන මේසේ ඉඳන් කෑමෙන් ලැබෙන ප්‍රීතිය ගෙදර ඇතුළේ නෑ.
  • කොහොමත් රුසියානුවන් වැඩපටන් ගන්නේ උදේ 9ට.
අකුරු ප්‍රමාණය (Font Size):


ගෙවල් අයිතිකාරයා රෝමා... අද සන්ධ්‍යාවේ කෑමට ෂශ්ලික් (SHASHLIK) හදනවා එන්න කියල තිබුන ආරාධනාව ඊයේ කල් දැමුවා. මොකෝ මෙහේ කාලගුණ වාර්තා අනුව හවස වහින්න නියමිතයි. (ඒවා ඉතින් කියන ලෙසටම වෙනවා) එහෙම වැස්සම ෂශ්ලික්* (මස් කෑලි අඩුම කුඩුම දාලා විශේෂයෙන් විනේගාවලින් මිම්මට මාත්තු කරගෙන ග්‍රිල් කරල ගන්න දිව හිත නටවන කෑමක්. විශේෂයෙන් බැටලු සහ ඌරු මස් තමයි මේ වැඩේට ගන්නේ. ඒ ගැන පසුවට) හදන්න බෑ. රුසියානුවෝ ඒවා හදන්නේ ගිම්හාන කාලේ... එළිමහනේ ...ඉර අව්වේ නෑවී නෑවී.

 

445372784 8025755374135210 2243475381753861912 nරසම රස ෂශ්ලික්
ඔක්කෝටමත් වඩා රෝමාගේ ගෙදර එළියේ වල් මිදිවැල් දුවපු උද්‍යාන මේසේ ඉඳන් කෑමෙන් ලැබෙන ප්‍රීතිය ගෙදර ඇතුළේ නෑ. ඉතින් අද දවසේ අලසව ගෙවෙද්දි තමයි මේ ටික ලියන්න හිතුනේ... 

හැමදාම එකම වෙලාවට එලාම් එක තිබ්බත්, ඒකත් පුරුදු නාදෙන් හැමදාම ඇහැරවන්න හැදුවත් බ්ලැන්කට්ටුව අස්සේ උණුසුම නිසා කුසීතව ගුලි වෙවි ඉඳලා බොහොම අමාරුවෙන් තමයි මෙහේ දවස පටන් ගන්නේ.

කොහොමත් රුසියානුවන් වැඩපටන් ගන්නේ උදේ 9ට. ඊට කලින් මොන තැනකට හදිසියේ කතා කළත් කාව හරි අල්ල ගන්නවා බොරු. හදිසියෙන් හරි එහෙම ඇමතුමකට පිළිතුරු දුන්නත් පැයකින් දෙකකින් ගන්න කියල මහ හදිසියකින් තියනවා. ආයේ ඉතින් නැලවිල්ලේ ඒක කියන්නෙත් නෑ. පොල්ලෙන් ගහනවා වගේ තමයි කතාව. හැබැයි ඉතින් නැලවිලි කතා නැතිවුනාට කාලයක් යද්දි දැනෙනවා ඒක රුසියානුවන්ගේ හැටි කියල.

කොහොමින් හරි උදේ 9ට වැඩ පටන් ගත්තම ආයේ හැන්දෑවේ 6 වෙනකම් එක දිගට වැඩ. හැබැයි ආයේ 6 පස්සේ නම් කාවවත් අල්ලගන්න ලේසි නෑ. ඒ තමයි මෙහේ මට තේරුණු රුසියානු චරියාව. 

 

5f240b1315e9f9137d66ff26හැන්දෑ වරුවල බීර බෝතලයක් අතේ නැතිව යන්නේ බෙහොම ටික දෙනයි. 
ඊට පස්සේ ඉතින් ආයේ අපි වගේ සිකුරාදා හවස වෙනකම් ඉඳලා බොනවා කියල දෙයක් නෑ. හෙට වැඩ නෑ වගේ හැම හවසකම බොනවා. හැන්දෑ වරුවල බීර බෝතලයක් අතේ නැතිව යන්නේ බෙහොම ටික දෙනයි. 

රුසියානුවන්ගේ බීම ගැන කතාත් පසුවට. 

කොහොම වුනත් කොච්චර බීලා හිටියත් අපිට වගේ පහුවදා උදේ නැගිටින්න අමාරුවක්... හිසේ රදයක් මුකුත් නැතිව පුරුදු මුණෙන් පුරුදු ජවයෙන් වැඩට යනවා. ඒක තමයි රුසියානුවන්ගේ බීමේ මැජික් එක. 

සෝවියට් දේශය කියන්නේ අපේ රටේ පරම්පරාවෙන් පරම්පරාවට ආසාව ජවය දල්වපු තැනක් නේ. ගුරු ගීතය කියවපු හැම පරම්පරාවකටම අර කදු මුදුනේ හැදුන පොප්ලර් ගස් දෙක අමතක නෑනේ. ස්ටේප්ස් බිම් හරහා හමාගෙන ආපු හුළඟ තමයි අපේ රටෙත් එක්තරා යුගයක විප්ලවීය හුළගක් වෙලා හමාගෙන ගියේ. ස්ටෙප්ස් බිම් රුසියාවේ හැම තැනම ඇති ... පොප්ලර් ගස් අපේ හිතේ අවුලපු ආසාව ... විප්ලවීය අනුරාගය ... මේ හැම රුසියානුවෙක්ටමත් ඇති කියල හිතුවට ඒකත් එහෙම නෑ කියල තේරුනේ ආවම. 

6373a855f6973c369602b24bස්ටෙප්ස් බිම් තියෙන්නේ රුසියානු රීජන් එකේ උතුරු පළාතට වෙන්න තියෙන සයිබීරියාවේ

 

ස්ටෙප්ස් බිම් තියෙන්නේ රුසියානු රීජන් එකේ උතුරු පළාතට වෙන්න තියෙන සයිබීරියාවේ. මම හිතන්නේ බයිකාල් විල හරහා හමාගෙන එන හුළංවලින් ස්ටෙප්ස් බිම් හැමදාම හුළං එක්ක පොරබදනවා ඇති. අධික සීතල එක්ක එහේ ජීවත් වෙන්නවත් ඇවිදින්නවත් පහසු නෑ. 

හැබැයි රෝමා කියනවා රුසියාවේ වයඹ දිසාවට වෙන්න, ෆින්ලන්තෙට මායිම් වෙලා තියෙන අධික සීත පළාතක් වෙන මුරුමන්ස්වලට (murmańsk) චීන ජාතිකයන් සංචාරයට බොහොම ප්‍රිය බව. මොකද එයාලට විශ්වාසයක් තියෙනවලු මුරුමන්සවල ඉග්ලු නිවාස (Igloo house) එහෙම නැත්නම් හිම ගෙවල්වල ඉඳලා කොයි මොහොතේ හෝ තමන්ගේ දරුවෝ ඉර දුටුවම ඒ දරුවන් ජීනීයස් වෙනවා කියල. ආයේ ඉතින් ඒවගේ ඇත්ත නැත්ත නම් අපි දන්නේ නෑ. 

 

5b1528db15e9f927c12edd7aහුළඟ එක්ක ඒවා ඔහේ පාවෙලා ගිහින් පාරවල් අයිනේ තණකොළ පිට්ටනිවල සුදුපාට පුලුං වගේ ඕසෙට රැදිලා.

පොප්ලර්වලට රුසියානු භාෂාවෙන් කියන්නේ තෝපල් කියල. මේ රුසියාවට ගිම්හානය ලබපු කාලේ. බොහොම ලස්සනට ඉර අව්ව වැටිලා ගස්වල මල් පිපිලා රුසියානුවන්ට පිස්සු හැදිලා වගේ එළියට බැහැලා බීර චොඩ්කා බිබී ඇවිදින කාලේ. ඒ වගේම පෝලන් (Pollen) බොහෝ දෙනෙක්ට හිරිහැර කරන සමය. 

445404811 8025755690801845 7541396725024696950 nරුසියානුවන්ට හිරිහැරයක් වෙන පොප්ලර් ... මේවා පුලුං කැදලි වගේ හැම තැනම ගහගෙන යනවා

 

ඉතින් තෝපල් ගැන ආදරෙන් අහපුවාම රුසියානුවෝ කියන්නේ ඒක හරිම හිරිහැරයක් කියල. මොකද පොප්ලර් ගස්වල හැදෙන කරල් පිපිරිලා සුදුපාට කැදලි වගේ මුලු පරිසරයෙම විසිරෙන්න ගන්නවා. හුළඟ එක්ක ඒවා ඔහේ පාවෙලා ගිහින් පාරවල් අයිනේ තණකොළ පිට්ටනිවල සුදුපාට පුලුං වගේ ඕසෙට රැදිලා. ඇත්තම කියන්න ඒක පහසු නෑ තමයි. 

එහෙමයි කියල පොප්ලර් ගැන ඇති වුන ආසාව වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ. මෙහේ ආවම ආසාවක් දනවපු ගහක් තමයි දේවදාර කියන්නේ. 
ඒ ඇයි කියල වෙන වෙලාවක කියන්නම්.

දැන් ඒකට කම්මැලි වැඩියි...
අන්තර්ජාලයෙන් (මම හැර)

446809630 8025755280801886 8956649808425732098 nරෝමාගේ ගෙදර එළිමහනේ වල් මිදිවැල් පදුරු... මේක ගන්න කොට ඔය පිටිපස්සේ වැල්වල කොළ ඇවිත් නෑ. ඒත් දැන් ලස්සනට දළු දාලා කොළ හැදිලා තියෙන්නේ
(මාධ්‍යවේදිනී, ජයනි අබේසේකර - රුසියාවේ සිට..)
jayaniabeysekara89@gmail.com


(Jayani Abeysekara ගේ ෆේස්බුක් පිටුවෙන් )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...