The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
බුකිය

ලෝක කුසලානය සහ අපේ ක්‍රිකට්

T

The Leader Desk

June 15, 2024 • 1:55 PM

ලෝක කුසලානය සහ අපේ ක්‍රිකට් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහේල සංගා Retire වෙද්දි දෙවන පෙලක් හැදුවෙ නැද්ද?
  • ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හැම වෙලාවෙම කිවුවෙ තරුන කණ්ඩායමක් ඉන්නෙ අවුරුදු 2,3ක් යයි මේ අය හැදෙන්න කියල.
  • ඉන්දියාවට, පකිස්තානයට ගහල Asia cup එක ගෙනාවෙත් දසුන් ශානක පිං කැපා එක්ක Experience නැති පොඩි කොල්ලො ටික.
  • අවුරුදු 2ක් system එකකට ආපු ක්‍රිකට් එකේ credit එක එයාට දාගෙන ජනාධිපති වෙන්න plan කරපු කෙනා ආපහු කරලියට අද හෙටම එයි ඒත් ඒ Asia cup දිනපු ටීම් එකට අත්දැකීම් තියන ක්‍රීඩකයොත් ඇවිත් අපේ ටීම් එක පලවෙනි වටයෙන්ම ගෙදර.
අකුරු ප්‍රමාණය (Font Size):


2014-2020

මහේල සංගා Retire වෙද්දි දෙවන පෙලක් හැදුවෙ නැද්ද?


චන්දිමාල්, ඩිල්ශාන්, ඇන්ජලෝ, තිරිමාන්න, තිසර, ලසිත් මාලිංග, උපුල් තරංග, සීකුගේ ප්‍රසන්න ......තව නම් ඕනතරම් ඉතුරු කරල තමයි සංග මහේල ගියේ. මම හිතන්නෙ අමුතුවෙන් හදන්න කියල කෙනෙක් හිටියෙ නෑ ඒත් මේ අයගෙන් තිසර, උපුල්, ඇන්ජලෝ වගේ අය විතරයි consistently performing අය උනේ 2014-2020 අපේ ක්‍රිකට් එක වැටුන තැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ zimbabwen,bangladesh වලින් කාල ප්‍රේක්කයොන්ගෙන් ගුටිකන මට්ටමට ටීම් එක වැටිල හිටියෙ

2020 to now

නාමල් රාජපක්ෂ ඇමතිතුමා ක්‍රීඩාව භාරගත්තෙ ගොඩක් අය එපා කියද්දි ලොකු රිස්ක් එකක් අරගෙන. මොකද ක්‍රිකට් තිබ්බ විදියට නාමල් ඇමතිතුමාගෙ දේශපාලන career එක risk එකක් තියල තමයි ක්‍රිකට් හදමු කියන දේ භාරගත්තෙ. මුලින්ම සිදුකරේ ක්‍රිකට් ආයතනයට තරගාවලි සංවිධානය සහ Administration එක දීල මහේල, අරවින්ද, සංගක්කාර, රොශාන් මහනාම වගේ ලංකාවේ හොදම ක්‍රිකටර්ස්ලව ක්‍රිකට් committee එකට ගෙනත් ක්‍රිකට් එක එයාල අතට දීපු එක.

ඒ අය එක්ක ගත්ත ලොකුම Decisions තමයි youth policy, Tier A clubs ගාන අඩු කරන එක, provincials A teams Development squad’s talent search programms ආපහු පටන්ගත්ත එක. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හැම වෙලාවෙම කිවුවෙ තරුන කණ්ඩායමක් ඉන්නෙ අවුරුදු 2,3ක් යයි මේ අය හැදෙන්න කියල. ඒ කාලෙ ලංකාවට ගහපු අය තමයි චරිත්, පැතුම්, දිල්ශාන්, ප්‍රමෝද්, මහීශ්, මතීශ, නුවන් තුශාර, චාමික etc.

අනිත් රිස්ක් එක තමයි ශ්‍රී ලංකා 19න් පහලවත් නායකත්වය කරපු නැති දසුන් ශානක නායකය කරල කාටත් Fitness අනිවාර්ය කරපු දේ මම හිතන්නෙ මෑත ඉතිහාසෙ ගනිපු වටිනාම රිස්ක් තමයි ඒ කියල

දසුන්ගෙ නායකත්වයෙන් south africa, India, Australia වගේ ලොකු ටීම් පරාජය කලා Sarjah වලදි  ලහිරු කුමා ලකුනු15 ඩිෆෙන්ඩ් කරා නම් , Australia වලදි NZ මැච් එකේ පැතුම් කැච් එක ඇල්ලුවනම් මේ young Team එක world cup දෙකක semifinal එන්න ලොකු අවස්ථාවක් තිබ්බ.

ඉන්දියාවට, පකිස්තානයට ගහල Asia cup එක ගෙනාවෙත් දසුන් ශානක පිං කැපා එක්ක Experience නැති පොඩි කොල්ලො ටික.

හැබැයි ඒ කාලෙ සමහර ලෙජන්ඩ්ස්ල ෆිට්නස් කන්නද අපේ කාලෙ මෙහෙමයි කියල ටීවී එකේ හොදට ටීම් එකට බැන්න, අපිට වැරදුනේ සිංහයෙක් කියල කියාගෙන ආපු පොලොන්නරුව පැත්තෙ පොරක් Fitnes අනිවාර්‍ය කරපු එක නවත්තල අපේ කාලෙ ලෙජන්ඩ් එක්ක එකතු වෙලා එයාගෙ ආනන්දෙ පුතාව කැප්ටන් කරන්න මේ ටීම් එක කඩපු එක.

අවුරුදු 2ක් system එකකට ආපු ක්‍රිකට් එකේ credit එක එයාට දාගෙන ජනාධිපති වෙන්න plan කරපු කෙනා ආපහු කරලියට අද හෙටම එයි

ඒත්  ඒ Asia cup දිනපු ටීම් එකට අත්දැකීම් තියන ක්‍රීඩකයොත් ඇවිත් අපේ ටීම් එක පලවෙනි වටයෙන්ම ගෙදර.
අදටත් මම විශ්වාස කරන්නෙ කුසල් මෙන්ඩිස් වගේ Talented batsman කෙනෙක් අපේ ටීම් එකේ නෑ. ඒත් එයා දැන් අවුරුදු 10ක් කිට්ටුවෙන්න ලංකාවට ගහනව consistent නෑ talent එක තිබ්බට අපේ කිසිම ක්‍රීඩකයෙක් Skill එක build කරන්න උත්සාහ කරනබවට පේන්නවත් නෑ

මම කිසිම දවසක players ලව criticize කරන්න ආස නෑ. ඒත් වනිදු හසරංග ඊට වඩා organized captain කෙනෙක් වෙන්න ඕන

අපි මොන දේ කිවුවත් අන්තිමට ග්‍රවුන්ඩ් එකට යන්නෙ මේ 11 දෙනා. ඒ අයට වගකීමක් තියනව මීට වඩා වගකීමෙන් ක්‍රීඩා කරන්න අපිට පුලුවන් එලියෙ ඉදල කාටත් බනින්න මම දකින්නෙ Angelo ගෙන් පස්සෙ Legend category එකේ player කෙනෙක් ඇත්තටම නෑ


ඇත්තටම වැරදි කවුද ?

Playersla ද?
Board එකද
Selection committee එකද?

Team එක ලංකාවට එද්දි Airport එකේදි කට වහගෙන යන එක ඇගට ගුනයි නැත්නම් ආපහු ගොන් කතාවක් කියල අපිව Troll කරන්ව කියල අඩන්න තමයි වෙන්නෙ

ක්‍රිකට් එක හදන්න පුලුවන්ද/බැරිද ඒ කොහොම කියල වෙනම කියන්නම්

ලංකාවේ ප්‍රේක්ශකයෝ ගැනනම් ඇත්තටම දුකයි

#SLCricketFans #cricket #worldcup

(Bhanuka Wanigasekara )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...