BREAKING
Top Ad
බුකිය

පිස්සු කෙලින්න එපා! - නිරුවත විකිනීමේ අයිතිය වෙනුවෙන් වත් පෙනී ඉන්න

T

The Leader

June 17, 2024 • 11:01 AM

පිස්සු කෙලින්න එපා! - නිරුවත විකිනීමේ අයිතිය වෙනුවෙන් වත් පෙනී ඉන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිළියන්දල පොලිසිය සුපුරුදු වික්‍රමයක් පාලා.
  • රටක ඕනම නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන තේරුමක් ඇතුව.
  • ඒ අයව පොලිස් කූඩුවෙ දැමීමෙන් අපරාධයක් සිද්ද කරන්නෙ පොලිසියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


තමන්ගේ නිරුවත් දර්ශන වීඩියෝ කරලා ඔන්ලයින් විකුණගෙන ජීවත් වුනු ජෝඩු දෙකක් අත්අඩංගුවට අරගෙන. උන් උන්ගෙ වීඩියෝවක් කරගත්තම තමුසෙලට පාංද කියල අහන්න කෙනෙක් නෑ.


රටක ඕනම නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන තේරුමක් ඇතුව. ඒකෙන් යම් කිසි පාර්ශ්වයකට ප්‍රතිලාභයක් අත්වෙන්න ඕන. කිසි කෙනෙකුට ලාභයක් නැත්තං ඒ නීති ක්‍රියාත්මක කිරීමෙන් සිද්ද වෙන්නෙ ජනතා මුදල් නාස්තියක් විතරයි.

දැන් කවුරු හරි තමන්ගේ වීඩියෝ තමන්ගේ කැමැත්තෙන් වීඩියෝ කරලා ඒවා බලන්න කැමති අයට මුදල් ගෙවා බලන්න මුදාහැරලා තියෙනවා නම් එතන තියෙන අපරාධය මොකක්ද? මේ ප්‍රශ්නෙ වින්දිතයා නැත්තං වික්ටිම් කවුද?


මේ සිදුවීමේ වින්දිතයා වෙන්නෙ ඒ වීඩියෝ කරන අයමයි. ඒ අයව පොලිස් කූඩුවෙ දැමීමෙන් අපරාධයක් සිද්ද කරන්නෙ පොලිසියයි.

ඒ අය කරමින් ඉන්නෙ රැකියාවක්. ඒ රැකියාවෙන් කිසි කෙනෙකුට හානියක් නෑ. ඒ රැකියාවෙන් සිද්ද වෙන්නෙ කවුරුන් හෝ තෘප්තිමත් වීම විතරයි. එහෙනං පොලිසිය අතෘප්තියෙන් පෙලෙන්නෙ මොකක් නිසාද?

මෙවැනි ක්‍රියාවන් තේරුම් ගත යුත්තේ නීතිය ඉතාම පහත් අන්දමින් පාවිච්චි කිරීමේ අවස්ථා හැටියෙනුයි. ඉතාම ආරක්ෂිතව, හොඳ ආදායමක් ලබමින්, මිනිසුන්ට සතුට අලෙවි කළ පිරිසක්, හුදෙක් පොලිස් සදාචාරය මත අත්අඩංගුවට අරගෙන තියෙනවා.

මෙවන් පොලිස් බලහත්කාරයන්ට විරුද්ධ විය යුතුයි. මේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට බෑ අඩුම ගානෙ මනුස්සයෙකුට තමන්ගේ නිරුවත විකිනීමේ අයිතිය වෙනුවෙන් වත් පෙනී ඉන්න.

ඒ නිසා poර්න බලන, ඒවා රස විඳින මිනිස්සු විදිහට ඒවා නිෂ්පාදනය කිරීමේ අයිතිය වෙනුවෙන් අපි පොලිසියට කියන්න ඕන,

'අයිසෙ අපේ සල්ලිවලින් අහිංසක මිනිස්සුන්ට වද දෙන්න එපා'

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...