The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
බුකිය

පිස්සු කෙලින්න එපා! - නිරුවත විකිනීමේ අයිතිය වෙනුවෙන් වත් පෙනී ඉන්න

T

The Leader Desk

June 17, 2024 • 4:31 PM

පිස්සු කෙලින්න එපා! - නිරුවත විකිනීමේ අයිතිය වෙනුවෙන් වත් පෙනී ඉන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන්ගේ නිරුවත් දර්ශන වීඩියෝ කරලා ඔන්ලයින් විකුණගෙන ජීවත් වුනු ජෝඩු දෙකක් අත්අඩංගුවට අරගෙන.
  • රටක ඕනම නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන තේරුමක් ඇතුව.
  • ඒ අයව පොලිස් කූඩුවෙ දැමීමෙන් අපරාධයක් සිද්ද කරන්නෙ පොලිසියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


තමන්ගේ නිරුවත් දර්ශන වීඩියෝ කරලා ඔන්ලයින් විකුණගෙන ජීවත් වුනු ජෝඩු දෙකක් අත්අඩංගුවට අරගෙන. උන් උන්ගෙ වීඩියෝවක් කරගත්තම තමුසෙලට පාංද කියල අහන්න කෙනෙක් නෑ.


රටක ඕනම නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන තේරුමක් ඇතුව. ඒකෙන් යම් කිසි පාර්ශ්වයකට ප්‍රතිලාභයක් අත්වෙන්න ඕන. කිසි කෙනෙකුට ලාභයක් නැත්තං ඒ නීති ක්‍රියාත්මක කිරීමෙන් සිද්ද වෙන්නෙ ජනතා මුදල් නාස්තියක් විතරයි.

දැන් කවුරු හරි තමන්ගේ වීඩියෝ තමන්ගේ කැමැත්තෙන් වීඩියෝ කරලා ඒවා බලන්න කැමති අයට මුදල් ගෙවා බලන්න මුදාහැරලා තියෙනවා නම් එතන තියෙන අපරාධය මොකක්ද? මේ ප්‍රශ්නෙ වින්දිතයා නැත්තං වික්ටිම් කවුද?


මේ සිදුවීමේ වින්දිතයා වෙන්නෙ ඒ වීඩියෝ කරන අයමයි. ඒ අයව පොලිස් කූඩුවෙ දැමීමෙන් අපරාධයක් සිද්ද කරන්නෙ පොලිසියයි.

ඒ අය කරමින් ඉන්නෙ රැකියාවක්. ඒ රැකියාවෙන් කිසි කෙනෙකුට හානියක් නෑ. ඒ රැකියාවෙන් සිද්ද වෙන්නෙ කවුරුන් හෝ තෘප්තිමත් වීම විතරයි. එහෙනං පොලිසිය අතෘප්තියෙන් පෙලෙන්නෙ මොකක් නිසාද?

මෙවැනි ක්‍රියාවන් තේරුම් ගත යුත්තේ නීතිය ඉතාම පහත් අන්දමින් පාවිච්චි කිරීමේ අවස්ථා හැටියෙනුයි. ඉතාම ආරක්ෂිතව, හොඳ ආදායමක් ලබමින්, මිනිසුන්ට සතුට අලෙවි කළ පිරිසක්, හුදෙක් පොලිස් සදාචාරය මත අත්අඩංගුවට අරගෙන තියෙනවා.

මෙවන් පොලිස් බලහත්කාරයන්ට විරුද්ධ විය යුතුයි. මේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට බෑ අඩුම ගානෙ මනුස්සයෙකුට තමන්ගේ නිරුවත විකිනීමේ අයිතිය වෙනුවෙන් වත් පෙනී ඉන්න.

ඒ නිසා poර්න බලන, ඒවා රස විඳින මිනිස්සු විදිහට ඒවා නිෂ්පාදනය කිරීමේ අයිතිය වෙනුවෙන් අපි පොලිසියට කියන්න ඕන,

'අයිසෙ අපේ සල්ලිවලින් අහිංසක මිනිස්සුන්ට වද දෙන්න එපා'

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...