The Leader News
BREAKING
Top Ad
බුකිය

දකුණු ආසියාවේ ලොකුම මස් සැකසුම හා ගව ඝාතන තහනම අතර සම්බන්ධය. - තුෂාර වන්නිආරච්චි

T

The Leader Desk

December 19, 2020 • 11:42 AM

දකුණු ආසියාවේ ලොකුම මස් සැකසුම හා ගව ඝාතන තහනම අතර සම්බන්ධය. - තුෂාර වන්නිආරච්චි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කටුනායක පසුගියදා විවෘත කරන ලද දකුණු ආසියාවේ ලොකුම මස් සැකසුම් මධ්‍යස්ථානය තුළ
  •   අනිත් අතින් ලංකාවේ ආසියාවේ ලොකුම මස් සැකසුම් මධ්‍යස්ථානය දැමීමට තරම් මස් පිණිස සතුන් ඇති කරන රටක් ද නොවේ.    එසේම එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තරම් තරම් ජන මනස සැකසී ඇති රටක් ද නොවේ.
  •   මන්ද ලංකාවේ මස් භාවිතයේ 80% පමණ ගමේ ගොඩේ දේශීයව නිෂ්පාදනය කරයි.
  • (කාලි අම්මගෙ පැණිය හොයන් නැතුව බොන අය ඕක හොයනවද ?)   වාර්තාවන ආකාරයට එහි ප්‍රකාශිත හිමිකරු රොෂාන් සොයිසා නමැත්තෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):
ගවයින් හෝ වෙනත් සතුන් මැරීමට බලාපොරොත්තුවක් නොවන බව ඒ ප්‍රධානියා කියයි.
 
අනිත් අතින් ලංකාවේ ආසියාවේ ලොකුම මස් සැකසුම් මධ්‍යස්ථානය දැමීමට තරම් මස් පිණිස සතුන් ඇති කරන රටක් ද නොවේ. 
 
එසේම එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තරම් තරම් ජන මනස සැකසී ඇති රටක් ද නොවේ.
 
නමුත් මෙම මස් සැකසුම් මධ්‍යස්ථානය හා ගව ඝාතන තහනම අතර විශාල සම්බන්ධයක් තිබේ.
 
මන්ද ලංකාවේ මස් භාවිතයේ 80% පමණ ගමේ ගොඩේ දේශීයව නිෂ්පාදනය කරයි.
 
නවසීලන්තය තුළ සකසන ලද සීත කරන ලද ඉහළම ප්‍රමිතියේ සාමාන්‍ය ගවමස් කිලෝවක් ඩොලර් දෙකකට අඩුය. 
 
මෙහිදී තොග මිලට ලබාගත හැකිය.
 
එය ලංකාවේ මිලට වඩා ඩොලර් දෙකක පමණ මිලෙන් අඩුය.
 
මා දන්නා හැටියට ඕස්ට්‍රේලියාවේ මීටත් අඩුය.
 
ලංකාවේ ගමේ ගොඩේ ගව ඝාතනය නැවැත්තුවොත් නැතිනම් තහනම් කළොත් නවසීලන්තයෙන් ඉහළම ප්‍රමිතියේ  මස් ගෙනැවිත් මුළු රටටම කන්න දුනහොත් (මිනිසුන් මිලියන විසි දෙකකට) එම ව්‍යාපාරය හිමිකරුවාට ආසියාවේ  පෝසත්ම ආයෝජකයා වීමට ගතවන්නේ වසරකටත් අඩු අඩුම කාලයකි.
 
''ලංකාවේ ගමේ ගොඩේ ගව ඝාතනය නැවැත්තුවොත් නැතිනම් තහනම් කළොත් නවසීලන්තයෙන් ඉහළම ප්‍රමිතියේ  මස් ගෙනැවිත් මුළු රටටම කන්න දුනහොත් (මිනිසුන් මිලියන විසි දෙකකට) එම ව්‍යාපාරය හිමිකරුවාට ආසියාවේ  පෝසත්ම ආයෝජකයා වීමට ගතවන්නේ වසරකටත් අඩු අඩුම කාලයකි.''
 
මෙම ව්‍යාපෘතිය මඟින් ලංකාවේ බොහෝ දෙනකුගේ ජීවිකාව නැතිවූවද? එක ආයෝජන සමාගමකට මිනිස්සු හාර පන්සියයකට රැකියා උත්පාදනය කොට ලංකාවේ සාර්ථකම ව්‍යාපාරය ගොඩනැගිය හැකිය.
 
D0CB7DE2 4EC0 4969 9427 EFBA5D9F47C8
දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්තශාලාව විවෘත කළ  මොහොත
 
 
අයිතිකරු කව්ද ? 
 
දැන් මස්සිනාලා දෙන්න ගිහිල්ලා විවෘත කරපු මෙම මස් සමාගම අයත් වන්නේ කාටදැයි හොයා බලන්න.
(කාලි අම්මගෙ පැණිය හොයන් නැතුව බොන අය ඕක හොයනවද ?)
 
වාර්තාවන ආකාරයට එහි ප්‍රකාශිත හිමිකරු රොෂාන් සොයිසා නමැත්තෙකි. ඇත්තටම සල්ලි යටකර ඇත්තේ ඔහුම ද ? හොයලා බලන්න.
 
සිරිසේනලාගේ පවුල සහල් ඒකාධිකාරිය ඇති කරගත්තා සේ අනිකුත් අතවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා ඒකාධිකාරයන් ගොඩනඟා ගතහොත් එය දේශපාලනය බලයට වඩා විශාල බලයකි.
 
පසුගිය අයවැයෙන් කළු සල්ලි සුදු කිරීමට අනුමැතිය ලැබිණ. 
 
ලංකාව වේගයෙන් ගමන් කරමින් තිබෙන්නේ චීනය දෙසට නොව උතුරු කොරියාව දෙසටය. උතුරු කොරියාවේ පාලක පන්තිය සමාජය පාලනය කිරීමට හා බලය පවත්වාගෙන යාමටත් යොදා ගන්නා උපකරණ අතර ප්‍රධාන වන්නේ ජන ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය භාණ්ඩ හා සේවාවල තමන් සතු ඒකාධිකාරයයි.
 
දැන් පාලක රෙජීමයේ කට්ටියට පිටරටවල සඟවා තියන සල්ලි නීත්‍යානුකුලව ම මෙරට ගෙනවිත් මෙරට මහ පරිමාණ ව්‍යාපාර මිළදී ගැනීමට අවස්ථාව ලැබී ඇත.
 
පසුගිය සති කිහිපය තුල දී ශ්‍රී ලංකාවේ සීනි හා ඖෂධ ආනයනය ගජමිතුරු ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු හරහා පාලක රෙජීමයේ අතට ගත් අකාරය අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී අපුරුවට පැහැදිලි කලේය.
 
ඉදිරි මාස කිහිපය ඇතුලත ලංකාවේ අර්බුදයට යමින් තිබෙන වරාය ඇතුළු සියලු ව්‍යාපාර පාලක රෙජිමයේ කිහිප දෙනෙකු අතට පත්වීම නොවැලැක්විය හැකිය.
 
ලංකාව වේගයෙන් ගමන් කරමින් තිබෙන්නේ චීනය දෙසට නොව උතුරු කොරියාව දෙසටය.
 
උතුරු කොරියාවේ පාලක පන්තිය සමාජය පාලනය කිරීමට හා බලය පවත්වාගෙන යාමටත් යොදා ගන්නා උපකරණ අතර ප්‍රධාන වන්නේ ජන ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය භාණ්ඩ හා සේවාවල තමන් සතු ඒකාධිකාරයයි.
 
TW(තුෂාර වන්නිආරච්චි) 
නවසීලන්තයේ සිට...
 
 
 
 
 
image3
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...