BREAKING
Top Ad
බුකිය

AKD ඩයස්මිලා වෙත යාම....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

October 30, 2023 • 12:21 AM

AKD ඩයස්මිලා වෙත යාම....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලාංකික ඩොමීනියන් නිදහසට ඉස්සරත් ඊට පස්සෙත් මේ භූමියෙන් විප්‍රදේශගත වෙච්ච විශාල පිරිසක් අපි ''දියුණු'' කියල සලකන ලෝකය ඇතුලට සංක්‍රමණය වෙලා ඉන්නවා.
  • ඇත්තටම හිතුවොත් මේ රටත් ඒ දියුණු ජීවන තත්වය සහ පහසුකම් අත්පත්කර ගත්තොත් එයාල ආපහු මේ රටට එන්න උනත් පුළුවන් කොටසක්.  විශේෂයෙන් ඉහත 'විප්‍රදේශගත' තත්වය නිසාම ඔවුන් මට හිතෙනවා මේ රටේ ඉන්න අපිට වඩා දේශපාලනිකයි කියල.
  • ඒ කියන්නේ දේශපාලනිකව සංවේදී ඇති කියල.
  • මොකද නිව්යෝක් වල ලොස් ඇන්ජලීස් වල ඉන්න ඒ මිනිස්සුන්ට දැන් චන්දෙත් නැතුව ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):


1978 ආර්ථිකය විවර කළාට පස්සෙත්, නොයෙක් කලබල කලබගෑනි කළකෝලාහල නිසාත් මේ රටින් නික්ම ගිය විශාල පිරිසක් වෙනත් රටවල ජීවත් වෙනවා. මේ ලංකික ඩයස්පරාව කියන්නේ විශේෂ ජන කොටසක්. 

මේ ගොඩක් අය හදවතින් ලාංකික අය. ගතින් ගොඩක් වෙලාවට ඒ ඒ රටවල ජීවත් උනත් එයාල නොස්ටැල්ජිකව මේ රට දිහා බලන්ඉන්න සුවිශේෂී ප්‍රජාවක්.
ඇත්තටම හිතුවොත් මේ රටත් ඒ දියුණු ජීවන තත්වය සහ පහසුකම් අත්පත්කර ගත්තොත් එයාල ආපහු මේ රටට එන්න උනත් පුළුවන් කොටසක්. 

daisa 1
විශේෂයෙන් ඉහත 'විප්‍රදේශගත' තත්වය නිසාම ඔවුන් මට හිතෙනවා මේ රටේ ඉන්න අපිට වඩා දේශපාලනිකයි කියල. ඒ කියන්නේ දේශපාලනිකව සංවේදී ඇති කියල. පෝස්ටර් එකක් උස්සගෙන ගෝඨා වෙනුවෙන් ආපු ඩයස්මිල අයිති වෙන්නේ මේ තරමක් අධිසංවේදී, ඩයස්පරික, කඳ එහේ හිත මෙහේ ප්‍රවර්ගයට. 

ඊයේ අනුර සහෝදරයා ලොස් ඇන්ජලීස් වල කරපු මීටින් එකේ අර කඳුළු සලමින් ප්‍රශ්නයක් අහනවට වඩා කතාවක්ම කළ වයසක මනුස්සයා අයිති වෙන්නෙත් අර එහෙ හිටියට මෙහෙ සිද්ද වෙන හැම දෙයක්ම දිහා බලන්ඉන්න කොටසට. ඒකෙ සෑහෙන මානුෂික කෑල්ලක් තියනවා. ඒ මනුස්සයා කියනවා ලංකාවේ දේශපාලඥයෙක්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් මුහුණට අහන්න ලැබුණු ජීවිතේ එකම අවස්ථාව කියල. 



මම හිතන්නේ නැහැ ඒ මනුස්සයා කතා කලේ කවුරුහරි ප්ලාන්ට් කරපු නිසා කියල. 

ඒ කියන්නේ අපේ එවුන් එහෙ ගියාට මෙහෙම ඒ මිනිස්සු සම්මුඛවෙන්න කවදාවත් අවස්ථාවක් දෙන්න නැතුව ඇති. මොකද නිව්යෝක් වල ලොස් ඇන්ජලීස් වල ඉන්න ඒ මිනිස්සුන්ට දැන් චන්දෙත් නැතුව ඇති. තිබ්බත් ඒ වෙනුවෙන්ම එන්නත් බැරුව ඇති. හැබැයි ඇත්ත බලාපොරොත්තුවක් දුන්නොත් නෑවිත් ඉන්න එකකුත් නැහැ. 

මට කියන්න ඕනි දේ මේක. මම හිතන්නේ ලංකා දේශපාලන ඉතිහාසයේ මුල්ම අවස්ථාවට තමයි ලාංකික දේශපාලන ව්‍යාපාරයක් ලාංකික විප්‍රදේශගත මිනිසුන් ළඟට ගිහිල්ල එයාලව ආමන්ත්‍රණය කරන්න තෝරාගන්නේ. මෙහෙ පත රැස්වීම තිබ්බට ඇත්තටම තරමක් පොහොසත්, යමක් කමක් හරිහම්බු කරගත්ත, ලෝකයේ සමහර විට ඉහල තැන්වලට ගිහිල්ල ඉන්න, ඒ වගේම මේ රට වෙනුවෙන් මොකක් හරි කරන්න ඕනි කියල හිතන මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගැනීමේ දේශපාලන ව්‍යාපාරයක් ඩයස්පරික මට්ටමින් කිරීමට ජාතික ජන බලවේගේ තීරණය කිරීම යහපත් දෙයක්. එකෙ දිගුකාලීන ප්‍රතිඵල තියෙන්න පුළුවන්.  

npp los 2
මීට කලින් ඩයස්මිල මෙහෙ ආව එකනේ උනේ. දැන් අපි එහෙ යනවා. ඒක යම් දිනාගැනීමක්. 

මොකද මේ රැස්වීම්වලට එන ඔක්කොම අය ජේවීපී කාරයෝ නෙවෙයි. 

AKD : ජාතික දේශපාලනයේ අනුරාගමනය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...