BREAKING
Top Ad
බුකිය

''සජියා මට ගෝටට වඩා ග්රේට්..''- ඇන්ජි කියයි

T

The Leader

October 20, 2019 • 2:00 AM

''සජියා මට ගෝටට වඩා ග්රේට්..''- ඇන්ජි කියයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "First they ignore you, then they laugh at you, then they fight you, then you win” originated with Mahatma Gandhi.
  • ඌ හමුදාවෙ හිටියෙ නෑ...ඒ නිසා ඌ නීට්නස් දන්නතුව ඇති....ඒ වගේම ඌ බොරු පොස් පර්සනැලිටි දන්නෑ...
  • ඌ ගොඩයෙක් වගේ ....  ඇත්තටම එහෙම නෑ..
  • උඹලට විකල්ප නම් ඇති හිතේ...
අකුරු ප්‍රමාණය (Font Size):

ඌ ස්මාට් නෑ... ගිරිය කඩාගෙන කෑ ගහනව.... වැරදි වචන කටින් පනිනව... සෙරප්පු දාගෙන යනව... උස නං මිටි නං කිව්වා... හාමුගෙ කොළේකටත් අස්සන් කළා... ඉගෙන ගෙන නෑ කිව්වා... හැබැයි පාටලී ඌට  ඉඩ දුන්නා... රනිල් ඌව රස්තියාදු කෙරෙව්වා... ඌ හමුදාවෙ හිටියෙ නෑ...ඒ නිසා ඌ නීට්නස් දන්නතුව ඇති....ඒ වගේම ඌ බොරු පොස් පර්සනැලිටි දන්නෑ... ඌ ගොඩයෙක් වගේ .... 

ඇත්තටම එහෙම නෑ.. ඌත් අපි වගේ මහපොළොවෙ මිනිහෙක්... උඹලට විකල්ප නම් ඇති හිතේ... නුමුත් මේ හැම දේකටම ඌට හිනාවෙන සමාජයක් ඉස්සරහ... ඌ යන ගමන දැක්කම සජියා මට ගෝටට වඩා ග්රේට්...

විද්‍යාව අද ඩුවැලිටි කියන එක පිළි අරන් තියෙනව... ඌටත් ඇති අපි කාටත් වගේ දෙබිඩි ගතියක්... ඒක නැතිව තිබුනෙ බුදුන්ට විතරයි. ඌ ඕවර්ප්රොමිසස් දෙනව ඇති.. හැබැයි මහ පොළොවෙ පය ගහපු උන්ට තේරෙන්න ඕනෙ.. ඕව දවසෙන් දෙකෙන් හදා ගන්න පුළුවන් දේවල් කියලා... 

අපේ අම්මල අපිට වඩා පොෂ් නෑ බ්රෝ... අපියි අපේ අම්මලට ඔෆිස් පැත්කෙ එන්න එපා කියන්නෙ... බ්රෑන්ඩ් හදන්න ඕනෙ.. මිනිස්සුන්ගෙ කරේ උසට... බ්රෑන්ඩ් හදන්නෙ මිනිස්සු නං ඇයි බ්රෑන්ඩ් මිනිස්සු ලව්වා වන්දවා ගන්නෙ? මට මේ අදහස් ආවේ මෙන්ඩිස් රෙඩ් ලේබල් බාගෙ රුපියල් හයසීයට තියෙනව දැකලා... මං ගල් ගහන එකෙක් නෙමේ... ඒත් මට රෙඩ් ලේබල් අල්ලලා ගියා..
උඹල මහත්තුරු වගේ ඉඳපං... බ්රෑන්ඩ් පාවිචිවි කරපං...සමාජයකට මහත්මාවරුන් ඕනේ... ඒකට හැමෝටම එන්න අයිතියක් තියෙනව... ඉස්සර ගෝටත් කබ්බෙක්... සුපර්මාකට් ඕනේ... හැබැයි අම්මල අපිට කන්න ගෙනාවෙ පොලෙන්... 

සජිත් යන ගමන පේන මට ඌ සිරා පොරක් මචං.. උඹල ලස්සනට ඇඳපං... මම සැටල් වෙන පොරක් නෙමේ.. anji uncage... ඕව ලිව්වෙත් මිනිස්සු... දෙයියො නෙමේ...අදට තව පහකට සජිත් හරිද කියල කොළඹ බෝඩිමේ ඉන්න ගමන් හිතල බලපං... මං නං කොළඹ.. 

මේව සල්ලි අරං ලියපුව නොවන වග උඹල දන්නව... දේශපාලනය මගේ රස්සාව නෙමේ...රස්සාව කියන්නෙ සුද්ද උගන්නපු වචනයක්... මං පාඩං කරල ඉවර වුනේ දැං... නින්දට යන්න ඉස්සෙල්ලයි මේ සටහන... මං සිගරට් එකක් ගහන්නං... උඹල ආයේ උඩ ඉඳන් කියවපං... මේ උඹල එක්ක හිටිය මමමද කියල වෙරිෆයි කරගනිං...

ෂෝ බලන්න මාත් ආසයි... ඒත් ඇත්ත කියන දේට මං ඊටත් වඩා ආසයි. ලෝකය සියපාරකට වඩා වැරදිලයි බල්බ් එක හොයාගත්තෙ.. 
රට අගාදෙ කියල දරුවන්ට ඇහෙන්න කියන්න එපා.. ඒක හරි නෑ...ගෝටා ඔයා සැනසිල්ලෙ ඉන්න... අපි ඔයාගෙ දේට සලකන්නං... අපි වෙන වැඩක් කරමු... අලුත් වැඩක් ට්රයි කරමු...

හැමෝටම ජය 

"First they ignore you, then they laugh at you, then they fight you, then you win” originated with Mahatma Gandhi.

(ඇන්ජිගේ Back Slashonlife FB පිටුවෙන් උපුටා ගැනිණ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...