BREAKING
Top Ad
බුකිය

''හිතාදර සජිත්, ඔබට මෙතැන සිට ඇත්තේ නව ඇරඹුමකි'' - කමල් අද්දරආරච්චි

T

The Leader

November 17, 2019 • 9:44 PM

 ''හිතාදර සජිත්, ඔබට මෙතැන සිට ඇත්තේ නව ඇරඹුමකි'' - කමල් අද්දරආරච්චි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා හට අන් කවර කළෙකවත් නොදැනුණු ලෙසින් ඔබ පිළිබඳ දැනෙන්නට පටන්ගෙන ඇත්තේ ඔබ තුළ ජීවත්වන පුළුල් දාර්ශනිකයින් හා අවබෝධයකින් පරිණත වූ මානව හිතවාදී සොඳුරු මිනිසකු මේ ජනාධිපතිවරණය තුළින් ඔබට පෙන්වීමට හැකිවූ බැවිනි. ඇත්තෙන්ම එය මුළුමහත් ජනතාවම නිසැකවම පිළිගනු ඇතැයි මාගේ ප්‍රාර්ථනයයි.!
  • ඉන් සිදුවූයේ ඔවුන් මේ සා කළ හානියට ඔබට වන්දි ගෙවීමට සිදුවීමයි!  එනමුදු ඔබට මෙතැන සිට ඇත්තේ නව ඇරඹුමකි.
  • මේ අතර සජිත් ප්‍රේමදාස විසින් සමාජ මාධ්‍යය වෙත යොමුකර ඇති සටහනක් මෙසේ සඳහන් වේ.
  • එලෙසම ශ්‍රී ලංකාව පුරා මා කෙරෙහි විශ්වාසය තබමින් මා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කල සියලු ශ්‍රී ලාංකීකයින් හට මගෙ හද පිරි ගෞවරය පල කිරීමට කැමැත්තෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):

පැරදුනේ ඔබ නොවේ! රටේ ජනතාව අත්තනෝමතිකව ඉතාමත් අදූරදර්ශීවූත් අසාර්ථක වූත් දුර්වල වූත් පාලන සමයක් හෙබවූ ජනතා විශ්වාසය බිඳගත් එම එක්සත් ජාතික පක්ෂයයි! ඉන් සිදුවූයේ ඔවුන් මේ සා කළ හානියට ඔබට වන්දි ගෙවීමට සිදුවීමයි! 

එනමුදු ඔබට මෙතැන සිට ඇත්තේ නව ඇරඹුමකි. සිහි නුවණින් බුද්ධිමත්ව. සුපිරිසුඳු අරමුණකින් කටයුතු කළ හැකි තෝරාගත් දක්ෂයින් පිරිසක් සමග සාර්ථක ඉදිරි ගමනකි. එයට හැකියාව ශක්තිය ධෙර්යය, පිරිස් බලය ඔබට ලැබේවා! බුදු සරණින් ඔබේ පැතුම් සඵල වේවා. සුවයෙන් සතුටෙන් ජයෙන් පිරි වාසනාවන්ත දිගු දිවියකට ඔබටත් ඔබේ පවුලේ සැමටත් ආසිරි වේවා.!

(මා හිතවත් කමල් අද්දර ආරච්චි)
Kamal Adaraසජිත් ගෙන් ලිපියක් ......

මේ අතර සජිත් ප්‍රේමදාස විසින් සමාජ මාධ්‍යය වෙත යොමුකර ඇති සටහනක් මෙසේ සඳහන් වේ.

''මා සමග පුරා වසර 26ක් දේශපාලනය කිරීමේදී එකට සිටි ආදරණීය සියළුම ජනතාවට සිය ස්තුතියි.!''

 සජිත් ප්‍රේමදාස


තීරණාත්මක සහ අසීරු මැතිවරණයක් අභියසදී, හද පිරි ගෞරවයෙන් යුතුව ජනතාවගෙ තීරණයට හිස නමමින් ශ්‍රී ලංකාවෙ හත්වන විධායක ජනාදිපති ගරු ගෝඨාභය රාජපක්ශ මැතිදුන්ට සුභාසිංශන එකතු කිරීමිට මම කැමැත්තෙමි.

එලෙසම ශ්‍රී ලංකාව පුරා මා කෙරෙහි විශ්වාසය තබමින් මා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කල සියලු ශ්‍රී ලාංකීකයින් හට මගෙ හද පිරි ගෞවරය පල කිරීමට කැමැත්තෙමි. පුරා වසර 26ක් පුරාවට මගේ දේශපාලන දිවියේ අත්තිවාරම වූයේ ඔබයි. එලෙසම දිවා රෑ නොබලා මාගේ ඡන්ද ව්‍යාපාරයේ නියලුනු සෑම දෙනාටමද මාගෙත් මගේ පවුලේ සාමාජිකයන්ගේද හද පිරි ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි.

පසු ගිය වසර 5 පුරාවට සිදු කෙරුනා වූ ස්වාධීන මැතිවරණ කොමිසම් සභාවක් ස්ථාපනය කිරීම, ආයතනික ප්‍රතිසංස්කරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් වල ප්‍රතිඵලයක් ලෙස අප සියලු දෙන ශ්‍රී ලංකාවේ පැවති අතිශයින්ම නිදහස් හා සාමකාමී මැතිවරණයක් අපි භුක්ති වින්දෙමු. නව ජනාධිපතිතුමන් වෙත කෙරෙන මාගෙ ඉල්ලීම නම් එම ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යුහයන් තවදුරටත් ශක්තිමත් කරමින් ආරක්ෂා කරන ලෙසටත්, කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙහි කිසිදු පාක්ෂිකයෙකුට හිරිහැරයක් හෝ කරදරයක් නොවන අන්දමින් රට පාලනය කරන ලෙසයි.

පුරා වසර 26ක කාලයක් මා ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වුනු අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අහිංසක ජනතාවට නිරතුරු සේවය කිරීමට උත්සුක වුනෙමි. නිවාස සංවර්ධන අමාත්‍ය දූරයේ පසු ගිය වසර 5 තුල සේවය කිරීම මා ලද මහඟු ගෞරවයක් ලෙස සලකන අතරම වර්ෂ 2025 වන විටදී හිසට නිවසක් ඇති සමාජයක් නිර්මාණය කිරීමට වෙහෙසවී කටයුතු කළෙමි. මාගෙ විශ්වාසය සහ ප්‍රාර්ථනාව නම් පොදු මහත් ශ්‍රී ලාංකීක ජනතාව එම උත්සහය තේරුම් ගෙනා බවයි.

මැතිවරණයේ තීරණය ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් මා ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.

එලඹෙන සති කිහිපය තුලදී මගේ මැතිවරණ ක්‍රියාවලිය තුල මා හට සහයෝගය පල කල සියලු දෙනා සමග සහ මගෙ ආදරණීයන් සමග එක්වී මගෙ අනාගත දේශපාලන දිවිය සම්බන්දව තීරණයකට එලඹීමට මා අධිෂ්ඨාන කරමි.

මීට,
පොදු මහා ජනතාවට ලැදි,
සජිත් ප්‍රේමදාස

71651424 10206296270002739 301789884257927168 n 

ජනාධිපතිවරණ සටනින් සජිත් ප්‍රේමදාස පරාජය වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නන්දන වීරරත්න සිය FB පිටුවේ පළකර ඇති සටහනක් මෙසේ සඳහන් වේ.

''ඔබ දුකට පත්විය යුතු නැත. යහපතක් තරගයක් දුන්නේය. දැන් දෙවියන් ට කල හැකි දෙයක් නැත. ඔබේ පක්ෂයේ  උදවිය පවා ඔබට උපකාර නොකලවග දෙවියන් දනී..'
76642475 10157133725731773 3038773989955600384 o
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...