ජාවාරමුන් හැර කිසිවෙකුගේ ආදායම ඉහළ ගොස් නැත. ඒත් රනිල්ට සැපය. හැමදාම රටය. පිරිවර සමග කනවා බොනවාය. එහෙම කියන්නේ විපක්ෂය හා ඔවුන්ට කඩේ යන උන්ය. චෝදනා දාන අය රට බාරගත්තේ නැත. ඒ ඊට වඩා විවේචනය පහසු නිසාය.
"ජනපති රට යන්නේ නන්නපෝල් වූ රට ගොඩ දාන්න බව චෝදනා කරන අයත් දන්නවා" බටර් ගෑමේ ජොබ් එක කරුණු මත පදනම්ව කරන ආශු මාරසිංහ පාර්ලිමේන්තු ලොබියේදී කීවේය.
ඇමෙරිකන් හා බටහිර ගැති ලේබල් සහිත රනිල් මෙදා ගියේ චීන වන්දනාවේය. ඒ සබ්‍රි නන්දලාල් දිනේෂ් වීරක්කොඩිලා සමඟය.
ඊට පෙර GMOA හා සරසවි ඇදුරන් පැමිණ දුක කීවෝය. ඔවුන්ටත් ප්‍රශ්න නම් සාමාන්‍ය මිනිහා කොහොම ඇත්දැයි ඔවුන් හිතනවාදැයි දන්නේ නැත. ප්‍රශ්න රැසක් විසඳින. බදු බර අදෝනාවටද ග්රීන් ලයිට් පත්තු විය. පාදෙනියලාට වඩා අද දර්ශන සිරිසේනලාගේ GMOA එක ප්‍රශ්න යුක්තිසහගතව හා ගැඔුරින් බැලීම රටේ වාසනාවක්ව තිබේ.


චීන වෙළෙඳ ආයෝජන හා සංචාරක සමුළුව තානාපති අංශ හා දිනේෂ් වීරක්කොඩිගේ මෙහෙයවීමෙන් පැවතිණ. චීන හා ලංකාවේ ව්‍යාපාරිකයන් ද එක්වූහ. රනිල් ගේ තැටිය එදාද වෙන රිද්මයකින් වැයින.
"ආරක්ෂක ඇමතියි ජනාදිපතියි පොලිස් ඇමතියි රටේ නැති වෙලාවෙ මේව කරන්නෙ රට අවුල් කරන්නද.වහාම සමන්ට කතා කරන්න"
ජනපති ලේකම් සමන් ඒකනායකද ජනපකි ඇමතීමට දඟගමින් සිටි නිසා වහාම එම ඇමතුම ලැබිණ.
"පොලිස්පතිට යන්න දෙන්න එපා. සති 03 කට වහාම පත් කරන්න. අර සභාවටත් දැනුම් දෙන්න" රනිල් ටාසන් හා හර්කියුලීස්ට ඇන්දේ එකවිටය.
සිද්ධිය ගැන ජනපතිට තවත් ඇමතුම් ලැබිණ.

"පොහොට්ටුවේ සමහරු ගේමක්දීල ඔබතුමා යට කරගන්නයි බැලුවේ. කුඩු යි සල්ලියි එක්ක මේ ගේම ආවා. පොලිස්පතිකමට කෙල හලමින් ඇඳුම් මහපු අයත් මේකෙ ඉන්නවා" ආදී විස්තර ලැබිණ.
නැගපු යකා බැලන්ස් කරගත් රනිල් ඉන්දුනීසියා ජනපති පකිස්ථාන අගමැති වියට්නාම් ජනපති චීන උප අගමැති හමුවී ලංකාවට වැදගත් කරුණු රැසක් ගැන එකඟතාවකට ආවේ කිසිවක් සිදුනොවූ ගාණටය.
එහිදී වැදගත්ම වූයේ චීන මුදල් ඇමතිගේ හමුවය.
"ණය ප්‍රතිව්‍යුහකරණය මධ්‍යම හා දිගු කාලීනව කරමු යයි එකඟතාවකට ඒමට කපටි නරියා සමත් විය. එහි සිටි චීන ආයෝජකයන්ට රනිල් හා දිනේෂ් කීවේ
"ලංකාවේ සංවර්දනයට හවුල්වී ප්‍රතිලාභ ලබන්න" කියාය. පෝට් සිටියට චීන ආයෝජන වලට පාර කැපුණේ එහෙමය.
චීන ජනපති එක්වූ ප්‍රධාන සමුළුවට පුටින් හා රාජ්‍ය නායකයන් 20 ක් හා රටවල් 141 ක් ආහ.රනිල් ට හමුදා උත්තමාචාරද ලැබිණ. නායකයන් ඡායාරූපයකට මුහුණ දුන් අතර එහිදීද ජනපතිට ප්‍රමුඛත්වය ලැබිණ.
ලංකාවට ආ රනිල් එක හුස්මට එජාප සමුළුවට ගියේය. රට වගේම පක්ෂය ගොඩ දැමීමත් කරමත බව මතක්වී තිබේ. බලයට ආ පසු රට මිසක වෙන ඒවා ගැන නොහිතීම රනිල් ගේ හැටිය. ඔහු සැමදා දේශපාලනිකව නන්නපෝල් වන්නේ ද එ් තුළය.
Dr රමේශ් ගේ මහා කරණම....?
සෞඛ්‍ය නිලධාරීන්ට බිළිවූ කෙහෙළියට ගැලවීමක් නැත. වෙනසකට බල කෙරුණේ කලක සිටය. රාජිතට වැඩේ බාර දෙන්නට පොහොට්ටුවෝ ඉඩ දුන්නේ නැත.Dr රමේෂ්ට දෙන්න හැදුවද හරිගියේ නැත.
දැන් ඔහුට ගැලවෙන්නට බැරිය. මාධ්‍ය හිතවතෙකු හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් හරහා ජනපතිට පණිවිඩයක් ගියේය.
දැන් රමේෂ් මහා පිනුමකට සැරසෙන ලකුණුය.
මහින්ද සමරසිංහ ගේ "ඔපරේෂන් මෙක්සිකෝ"
(අශෝක ජයතුංග)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
වොෂින්ටන් DC සිට..
Ashoka Jayatunga ගේ ෆේස්බුක් පිටුවෙන්..




