BREAKING
Top Ad
බුකිය

ගෝල්ෆේස් - (E.R. ගිනිගේ)

T

The Leader

December 31, 2023 • 1:47 AM

ගෝල්ෆේස් - (E.R. ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා කුඩා කල “ගෝල්ෆේස් යෑම” යනු විශේෂ ගමනකි.
  • එක් පසෙක මකනය සහ බ්ලේඩ් තලයක්ද ඔබ්බවා තිබිණි.
  • අද ගෝල්ෆේස් එක සහමුලින්ම වෙනස් වී ඇත.
  • එයින් වෙරළ තීරයේ දර්ශනය ඉඳුරා වෙනස් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කලාතුරකින් සිදු වූ ඒ ගමන සිදු වූයේ මාගේ මාමා කෙනෙකු පිටරට සිට පැමිණ අප පවුලේ සියලු දෙනාවම වෑන් රථයකින් හවස් වරුවක එහි ගෙන යෑමෙනි. වෑන් රථය මාර්ගය අසල නවතා නිවසින් පිළියෙළ කරගෙන පැමිණි ආහාර පාන භුක්ති විඳිමින් පැය කිහිපයක් තණකොළ පිට්ටනියේ දුවමින් අපි කාලය ගත කළෙමු. 

s l1600
අගෝස්තු නිවාඩුවේ උණ පතුරු සහ සව්කොළ භාවිතයෙන් මොනරෙකු හදාගෙන විත් ගුවන් ගත කළා මට අද වාගේ මතකය. ඒ කාලයේ ගෝල්ෆේස් ඉදිරිපිට තිබුණේ හෝටල් දෙක තුනක් පමණී. ඉන් එක් හෝටලයක ලංකාවේ පළමුවරට පැවති Techno වැනි නමක් සහිත ප්‍රදර්ශනයක් නැරඹීමට මාගේ පියාණන් මා කැටුව ගියේය. හෝටල් කාමරවල තනා තිබූ ප්‍රදර්ශන කුටියක සිටි විදෙස් කාන්තාවක් කුඩා මා හට නවීන පන්නයේ අඟල් හයේ කෝදුවක් තිලිණ කළාය. එය මැදින් උස්ව තැනූ ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් වැනිය. සැරව කොළපාට ප්ලාස්ටික් කෝදුව යටින් සිහින් මිනිරන් කූරු සහිත පැන්සලක් විය. එක් පසෙක මකනය සහ බ්ලේඩ් තලයක්ද ඔබ්බවා තිබිණි. මෙකල දරුවන්ට ස්මාර්ට් ෆෝන් නැතිව බැරි වුණාට අප එකල තෘප්තිමත් වූයේ පැන්සල් පෙට්ටිවලිනි.

Colombo Blog

අද ගෝල්ෆේස් එක සහමුලින්ම වෙනස් වී ඇත. එක පැත්තකින් මුහුද ගොඩකර හැදූ පොර්ට් සිටිය තිබේ. එයින් වෙරළ තීරයේ දර්ශනය ඉඳුරා වෙනස් වී ඇත. අනෙක් පැත්තෙන් Shangri-la, One Galle Face, ITC වැනි සුවිසල් හෝටල් සහ අහස් සල්පිල් ඉදිවී තිබේ. ඒවා පිටුපසින් ඇවිදින මංතීරු සහිත නවතම මාර්ග ඉදිවී තිබේ. පැරණි Elephant House පරිශ්‍රයේ අමුතුම හැඩයේ ගොඩනැගිලි ඉදිව තිබේ. එරන්ද ගිනිගේ දරුවා අද ගෝල්ෆේස් ගියහොත් එය හඳුනාගැනීම අපහසු වනු ඇත. මන්ද එකල එහි තිබුණේ අසලටවත් කිසිවෙකු නොයන භයංකාර හමුදා මූලස්ථානයයි. 

Former Sri Lankan president Mahinda Rajapaksa acknowledges his supporters  gathered at the Joint Opposition May Day Rally held at Galle Face Green, Colombo, Sri Lanka. Monday 1st May 2017. (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

මහින්ද රාජපක්ෂ විසින් යුද්ධය අවසන් කිරීමෙන් පසුව ලංකාව අත් කරගත් වේගවත් ආර්ථික පිම්මේ සාක්ෂි අද ගෝල්ෆේස් හී ශේෂව තිබේ. 2000 න් පසුව උපන් බොළඳ දරුවන් නම් සිතන්නේ ගෝල්ෆේස් එක හැමදාම අද වාගේ තිබුණා කියාය. ඔවුන් සිතන්නේ හැමදාම අද වාගේ අධිවේගී මහාමාර්ග තිබුණා කියාය. හැමදාම අද වාගේ ඇවිදින මංතීරු තිබුණා කියාය. ළාමක කොල්ලන් සහ කෙල්ලන් අද ඔය බාලදක්ෂ මාවතේ ටික්ටෝක් කළාට ඒ පැත්ත පළාතේ යන්න බැරි බිහිසුණු කාලයක් තිබුණු බව මට මතකය.

එදා ගෝල්ෆේස් පිට්ටනියේ සරුංගල් යැවූ කුඩා මා අද Shangri-la වේ ඇමරිකානෝ බොමින් විදෙස් ආයෝජකයන් සමග ගනුදෙනු කරයි.

ධර්මය අපට මග වේවා!


(E.R. ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
eranda.ginige@gmail.com

2023 දෙසැම්බර් 31


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...