මගේ මිතුරියක් අහල තියෙනව; "දරුවන් සම්බන්ධ ගැටලු වලදී මැදිහත් වන පොලිසිය දන්නෙ නැද්ද ඒ දරුවන් මාධ්‍යයට නිරාවරණය නොකළ යුතුයි කියල. ඔවුන්ට ඒ ගැන guidlines සහ දැනුවත් වීමක් නැද්ද?" කියල.
මගේ ක්‍ෂණික ප්‍රතිචාරය වුනේ; "සමහර සිදුවීම් වලදි ඕව රකින්න බැරි වෙනව. ඊයෙ පෙරේද සිදුවීම ගැන නම් කියන්නෙ ඒ දරුවව මාධ්‍යයට නිරාවරණය වෙලා ඉවරයිනෙ පොලිස් කේස් එන්න කලින්.
සමාජයම කම්පාවට පත්වුන සිදුවීමක්. මේක විශාල මහජන ලැදියාවක් බවට පත්වුන කේස් එකක්. එතනදි බලන්න වෙන්නෙ දරුවාව මාධ්‍යයට නිරාවරණය නොකර සිටීමද මහජන ලැදියාව ද වඩා ලොකු කියන එක කියල මම හිතන්නෙ.
ඒ වගේම ඔය මගපෙන්වීම් රකිනව කියනකොට දරුවගෙ වයසත් බලපානව. ඒ වගේම නම එහෙම නිරාවරණය නොකර සිටීමත් සලාකා බලන්න ඕන නේද?
දැනටමත් නිරාවරණය වෙලා තියෙන දේවල් පොලිසියකට හංගන්න බැහැ, ඒත් දැනටමත් නිරාවරණය වෙලා නැති දේ නිරාවරණය නොකර රකින්න පුලුවන්. වැදගත් මාතෘකාවක් ඔයා කතාකරන්නෙ. මගේ අදහස තමා ඔය."
නමුත් ගත යුතු ක්‍ෂණික පියවර වශයෙන් තව ටිකක් එකතුකරල මේ පොස්ට් එක දාන්න හිතුන.
ආචාරධර්ම හෝ ගයිඩ්ලයින්ස් දිහා අප හැමවිටම බලන්න ඕන කේස් බයි කේස් මිසක් හැම සිදුවීමකටම එක සේ අදාල කරගත හැකි දේ ලෙස නොවේ.
# දැන් කිසිම මාධ්‍යයකට ඒ දරුවව ඉන්ටර්විව් කරන්න හෝ මුණ ගැසීමට ඉඩ නොදෙන්න විනිසුරුවරු, පොලීසිය, වෛද්‍යවරු, මනෝ උපදේශකයින් සහ පරිවාස නිලධාරීන් වගබලා ගන්න ඕන
# අනිත් මිනිස්සුත් ඒ දරුව පස්සෙ යන එක නවත්තල දාන්න ඕන.
# ඒ දරුවගෙ නම උසාවියේ කියවෙන එක වාර්තා නොකරන්න මාධ්‍යත් වගබලාගන්න ඕන.
# නැත්තං ඒ දරුව ලොකු වෙනකොට වෙනත් අන්න්‍යතාවයක් දෙන්න වේවි.
(උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)



