BREAKING
Top Ad
බුකිය

රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටයේ දුර්මත මෙන්න

T

The Leader

January 8, 2020 • 6:51 AM

රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටයේ දුර්මත මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රන්ජන් රාමනායක සහ හිටපු මහාධිකරණ විනිසුරුවරියක් අතර සිදුව ඇති සංවාදය ට මුල සිට අගට සවන් දුන්නෙමි.
  • ඇය ඉල්ලන්නේ පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරුධූරයක් සඳහා ඇයව පත් කරනා ලෙසයි.
  • රන්ජන් ගෙන් ඉල්ලන්නේ මේ සඳහා ඇයගේ නම රනිල් වික්‍රමසිංහ ට යෝජනා කරනා ලෙසයි.
  • ඇය මෙම ඉල්ලීම කරන්නේ ඇයට මෙය යුක්තිසහගත ලෙස උරුම වන බව විශ්වාස කරන නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලත් සමාජ මාධ්‍ය වලත් ඇති දුර්මත ප්‍රමාණය විශාල වන නිසා මේවා නිවැරදි කළ යුතුය.

මෙහි දුරකථන සංවාද දෙකක් තිබේ. දෙකම සිදුව තිබෙන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව අවසන් වීමෙන් පසුවයි. එම නිසා එම නඩුවේ තීන්දුවට මෙම දුරකථන සංවාදයෙන් බලපෑමක් එල්ල වන්නේ නැත.

මෙම සංවාදයේ තිබෙන්නේ විනිසුරුවරිය රන්ජන් රාමනායකගෙන් කරනා ඉල්ලීමකි. ඇය ඉල්ලන්නේ පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරුධූරයක් සඳහා ඇයව පත් කරනා ලෙසයි. රන්ජන් ගෙන් ඉල්ලන්නේ මේ සඳහා ඇයගේ නම රනිල් වික්‍රමසිංහ ට යෝජනා කරනා ලෙසයි.

 වඩාත්ම වැදගත්ම කාරණය !

වඩාත්ම වැදගත් මෙයයි. ඇය මෙම ඉල්ලීම කරන්නේ ඇයට මෙය යුක්තිසහගත ලෙස උරුම වන බව විශ්වාස කරන නිසාය. වඩාත් නිශ්චිතව, ඇය කියා සිටින්නේ මහන්සි වී වැඩ කරන විනිසුරුවන් සොයා ඔවුන්ට එය ලබා දෙන ලෙසයි. සුදුස්සාට සුදුසු තැන දෙන ලෙසයි. ඇය එක් තැනක කියන්නේ මොරටුවේ නීතිඥයන්ගෙන් ඇය ගැන අසන ලෙසත් ඔවුන් අතර ඇති කතාවක් වන්නේ ඇය ඉක්මනින් නඩු අවසන් කරන නිසා ඔවුනට වෙන රස්සාවක් සොයා ගැනීමට සිදු වනවා යන්නත් ය.

මෙහි දෙවන දුරකථන සංවාදයේ දී අප හිතවත් ජාතිකවාදීන් ට වැදගත් තොරතුරක් තිබේ. ඇය චෝදනා කරන්නේ දැන් ඉන්න අධිකරණ ධූරාවලිය තුළ කතෝලිකයන්ට විශේෂ සැලකිලි දැක්වෙන බවයි. ඉතින් මේ තිබෙන්නේ මේ රටේ දුක් මහන්සි වී වැඩ කරන සිංහල බෞද්ධයන්ට ඇති අසාධාරණය ගැන චෝදනා කරන අවංක ගැහැණියක ගේ කතාවකි.

මේ චෝදනාව ඇය සිදු කරන්නේ සංවාදය ආරම්භයේදී තමන් අද උදෑසන මඩු පල්ලියට පැමිණ ඇති බවත් තමන් මෙලෙස චර්ච් යන බවත් රන්ජන් ප්‍රකාශ කර තිබියදීය. ඇයට මේ මිනිසා ඉදිරියේ මෙම කතෝලික කතාව කියන එක උපක්‍රමිකව අවාසි විය හැකිය කියා හෝ තේරෙන්නේ නැත!

මේ තිබෙන්නේ තමන් අවංකව කළ සේවය අගය කරන ලෙසත් අධිකරණ සේවයේ ඇති හිත මිතුරන්ට සැලකීම වැනි දේ වලින් තමන්ට යුක්තිය ඉටු කර දෙන ලෙසත් ඉල්ලා සිටින ගැහැණියකගේ හඬයි!

text 8 5

ඇය කරන්නේ පැහැදිලිවම යහපාලන ආණ්ඩුවට චෝදනාවකි!

සත්‍ය වශයෙන්ම මේ සංවාදයේ දී ඇය විසින් සිදු කරන්නේ යහපාලන ආණ්ඩුවට චෝදනාවකි. ඇය කියා සිටින්නේ එම ආණ්ඩුවෙන් අවසන් කළ එකම නඩුව වන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව බවත් තාජුඩීන් ඇතුළු අනෙක් කිසිම නඩුවක් එම ආණ්ඩුවෙන් අවසන් නොකළ බවත්ය. ඇයට අනුව භාරත ඝාතන නඩුව පමණක් මෙලෙස අවසන් වීමට ඇය ගේ මහන්සිය මූලික වූ බවයි.

මේවා මෙලෙස ලියූ විට තේරුම් ගැනීමට අපහසු අය සිටින නිසා මෙය ද නැවත කිව යුතුය. ඇය මේ මගින් කියා සිටින්නේ තමන් ආණ්ඩුවේ ඉල්ලීම අනුව තීන්දුව දුන් බව නොව දුක් මහන්සි වී යුක්තිය ඉටු කළ බවයි. ඇය කියා සිටින්නේ ඇයගේ අවබෝධය අනුව තමන් එහිදී යුක්තිය ඉටු කළ බවත් ඒ වෙනුවෙන් එඩිතරව ඉදිරිපත් වූ බවත් ය. 

මේ සංවාදය අපේ රටේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් වාර්තා වන්නේ එහි තිබෙනා දෙයට පූර්ණ ප්‍රතිපක්ෂ වූ ලෙසයි. බහුතරයක් දෙනා ඒවායේ නිරවද්‍යතාවය සොයා බැලීමට උනන්දු වන්නේ නැත. ඒ වෙනුවට දෙන ලද තොරතුරු නිවැරදි ලෙස බාර ගැනීමෙන් ඔවුහු තෘප්තිමත් වෙති.

මෙහි කිසිදු ආකාරයක අධිකරණයට සිදු කළ බලපෑමක් නැත. මෙයින් අදහස් කරන්නේ එවැනි බලපෑම් සිදු වී නැති බව නොවේ. මෙම සංවාදයේදීම එම විනිසුරුවරිය කියා සිටින ලෙසට පසුගිය ආණ්ඩුව විසින් භාරත ඝාතන නඩුව හැර අන් කිසිදු නඩුවක් අවසන් කර නැත.

 මෙමගින් ඇය අදහස් කළේ ලසන්ත ඝාතනය, තාජුඩීන් ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම වැනි ආන්දෝලනාත්මක නඩු බව පැහැදිළි වෙයි. ඉතින් අධිකරණයට බලපෑමක් වී ඇති බව නම් ඉතාම පැහැදිළිය.

 නමුත් මේ දුරකථන සංවාදයෙන් එවැනි කිසිවක් ඔප්පු වන්නේ නැත. එමගින් සිදු වන්නේ එම චෝදනා වල ප්‍රතිපක්ෂය පැහැදිළි වීමයි!

මුලසිට අගට නිරවුල් මනසින් අසන්න (වීඩියෝව මෙන්න)

වීඩියෝ

(Anupa Premarathne - සමාජ මාධ්‍යයෙන් උපුටා ගැනිණ )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...