තඩි බඩක් සහිත හොඳින් ඇඳ පළඳි වාහනයේ හිමිකරු පාරට බැස්සේ , සත්තු වත්තේම සත්තුන්ගේ නම් මතක් කරමිනි.
මොනවද ඕයි ..තමුසේගේ ඔය දිරකඩේ බුරුවෙක් වගේ එක පාරටම නැවැත්තුවේ මහා පාරේ.
බලනවා මගේ වාහනේ හොඳටම හීරුනනේ.
තමුසෙගෙ ඔය තීවිල් හුචක්කුව වගේද ඕ...යි මේක..
මොහොතකින් ත්‍රීවිලරය පාරේ එක් කොනකට කෙරූ මැදිවියේ රියදුරු අසුනේ උන් ඔහු ....
මේකයි ඉස්සරහ වාහනේ වේගේ අඩු කරපු නිසා මන් ටිකක් ස්ලෝ කලා .ඔය ඇවිත් තියනවා ළඟ වැඩ්යි .ටිකක් ගැප් එකක් තියන් ආවා නම් අව්ලක් වෙන්නේ නැනේ .
වටපිට රැස් උණු පිරිස දෙස තව වරක් බැලු මොන්ටෙරෝ හිමිකරුගේ මල පන ඇති හැඩකි
මොකකක් ...ඔයා ..
මේ ඕයි ඉස්සල්ල තමුසේ මිනිස්සුන්ට කතා කරන්න ඉගන ගන්නවා. බලනවා තමුසෙගෙ හැටි.තමුසේ කොහොමද ඕයී මට ඔයා මෙයා මෙය කියන්නේ .මන් professor ආනන්ද පෙරේරා, රෙස්පෙක්ට් කරලා කතාකරනවා ඉස්සල්ල. දන්නැද්ද මාව ???
ආ එහෙමද ?මම රුවන් ගමගේ.මේකයි ....
ඔයාගේ නම ආනන්ද පෙරේරා.හැබැයි රස්සාව මෙතනට අදාළ නෑ .ඒ කිව්වේ ඔයා professor කියන එක මේ සිද්දියට වැඩක් නෑනේ .
මොකක් ..
නොන්සන්ස් ..ෆෙලොව් .යන් පොලිසියට තමුසෙලත් එක්ක මොන කතාද ඔයි ...???
දෙදෙනාම ගියේ ලඟම ඇති පොලිසියට ය .
ත්‍රීවීලරය පොලිසිය ට ඇතුළු කරනටත් පෙර ප්රෝෆෙසර් ආනන්ද පෙරේරා, ඉන්ගීසියෙන් කාට හෝ කතා කරමින් කෙලින්ම ඇතුලට ගියේය.
ඔව් සර් ,කාව හම්බෙන්නද? මොකද්ද කෙරෙන්න ඕනේ.ඔහුගේ පෙනුම හා වාහනය දුටු සාජන් ඇසුවේය.
මට O.I.C හම්බෙන්න ඕනේ.
ගමගේ මහත්තය නම් දැන් ඔෆ් .....
ඕ ....
ඒ ත් එක්කම රින්ග් වුන දුරකතන සංවාදයෙන් පසුව .
ආ සර් ගේ වෙලාව හොඳයි.
ලොකු මහත්තය අයෙත් ඇවිත් .විනාඩි 10 න් ඇතුලට එවන්න කිව්වා.
කෝ මේ ..ත්‍රිවිල් කාරය ..කියමින් වටපිට බැලු ඔහු සිතුවේ ත්‍රී විල් කරු පැන ගොස් ඇති බවය
ඒ සිතන කොටම .ඇතුලට යන්න සර් ..සාජන් කිවේය .
ගුඩ් ඉවීනින් මිස්..ට..ර් කියනවත් සමගම පුටුවේ අනිත් පැත්ත හැරුණු පොලිස් ස්ථානාධිපති තුමා දුටු ඔහුට ඉහ මොළ රත් විය.
ව....ට්ට්ට් ..
යරස් ..ප්ලීස් සිට් ..
ඉඳගන්න ආනන්ද පෙරේරා ..
ඔන්න දැන් මන් O.I.C රුවන් ගමගේ ..
ඉතින් අතනදී ඇයි කිව්වේ නැත්තේ ...තොල කට වියලුනු ඔහුට වචන අවෙත් අපහසුවෙන්ය.
ආ එතැනදී මන් ඩියුටි ඔෆ් වෙලා ගෙදර යනගමන්නේ හිටියේ.එතකොට මන් නිකම්ම නිකන් ත්‍රීවිල් රියදුරු රුවන් ගමගේ.
මේ ..මෙතන ..දැන් මේ මගේ රස්සාව ..මෙතන මන් O.I.C රුවන් ගමගේ. මේ මගේ රස්සාව , තනතුර පාරට ගෙනියන්නේ නෑ .එහෙම උනානම් වරද්දත් කරලා මහා පාරේ ඔයාගෙන් බැනුම් අහන්නේ නෑනේ .
ඔයා , දොස්තර කෙනෙක් ඒ ඉස්පිරිතලේදී .බේකරියට පාන් ගන්න ගියාම Im doctor Ananda කියල කියන්න ඕනේ නෑ ..එතැනදී ඔයා ඒ කඩේට පාන් ගන්න ආපු මිනිහෙක් විතරයි.
(හදිස්සියේ බස් එකේදී මනුස්සයෙක් ලෙඩ උනාම මන් DOCTOR කෙනෙක් කියල ලෙඩ බලන එක වෙනස්.)
ඒකට කියන්නේ නම්‍යතාවය .එහෙම නැත්තම් flexibility. Oka ඉතින් අපි හිතලම . ඉගන ගන්න ඕනේ.
මන් මෙතැනදී පොලිස් ලොක්කා ,මෙතන මිනිස්සු මාව දැක්කත් බයයි ,
හැබැයි ගෙදරදී මන් පොලිස් ලොක්ක නෙමෙයි ,මගේ නෝනා ගෙන් බැනුම් නොහා ඉන්න පුදුම ට්‍රයි එකක දෙන නිකම්ම නිකන් හස්බන්ඩ් කෙනෙක් විතරයි .
මගේ දුවට පිටේ නඟින්න අප්පච්චි කෙනෙක් විතරයි , මගේ ළමයි පොලිස් ජීප් එකේ මන් ගෙදර එනවටත් කැමති නෑ ඒ නිසා ගෙදර යන්න තිවිල් එකට නැග්ගම මන් නිකම්ම නිකන් ත්‍රිවිල් කාරයෙක් විතරයි ආනන්ද.
ජීවිතේ ඒ ඒ වෙලවාදී අපි අදාල චරිතේ රඟපාන්නව මිසක් තනතුරු ඔලුවේ තියන් ඇවිදින්න ඕනේ නෑ ..එක උගත්ගම නෙමෙයි.ඒක එක්තරා විදිහක මානසික ලෙඩක්.
අපේ රස්සාවේදී නමට ඉස්සරහින් තියන sir , doctor , advocate , professor ඕව ඔක්කොම රස්සාව ඉවර වෙලා යනකොට් තියල යන්න පුරුදුවෙන්න ඕනේ.එක තමයි නියම උගත්කම.කලිසමක් ඇඳලා , ටයි එකක් දාල, කාර් එකක නැග්ගම මහත්තය කියල අහන්න බලාපොරොත්තු වෙන , යුගය අපි වත් ඉවරකරන්න ඕනේ .
අනික උගත්කම කියන්නේ පාස්කරපු විභාග විතරක් නෙමෙයි.පේන්ට් බාස් උන්නැහ පේන්ට් කරන්න උගත් , පාර අතුගාන මනුස්සය, ක්ලීන් කරන්න උගත් , ඒ වගේම හොරා ,..හොරකම් කරන්න උගත් ..
උගත්කම කියන්නේ.. උකහා ගත්කම ..ඒක ඕනෑම අංශයක් වෙන්න පුළුවන්.
අපි බෙහෙත් ගන්න දොස්තර ලඟට ගිහින් මම රියදුරු සුනිල් කියල කිව්වොත් මිනිස්සු හිනාවෙනවා.. ඒවගේම දොස්තර ලඟදි මම advocate සුනිල් කියල කියන එකත් හිනායන කතාවක් තමයි.මොකද එතැනදී ඔය දෙන්නම් එකම වගේ ලෙඩ්ඩු දෙන්නෙක් විතරයි.
රස්සාව මේකයි මන් අරය, මන් මෙයා කියල සමාජෙන් වාසි ගන්න යන්නත් එපා, වාසියක් දෙන්න යන්නත් එපා.
දැන් ඔය සමාජ මාද්‍ය ඒ කිව්වේ ඔය ෆේස් බුක් වගේ ඒවා, එකෙත් තත්වේ ඕකම තමයි.සමහරු තමන් ගියපු මොන්ටිසොරියේ නමයි , තියන සහතික ගොඩයි , රස්සාවේ තනතුරයි,අවරුදු 50 කලින් කරපු රස්සාවයි කොටින්ම මුළු bio data එකම ඕකේ තියනවා.
අයෙත් ජොබ් වලට් යද්දී වෙනම bio data ඕනේ නෑ ..
මන්ක ඒක වැරදියි කියන්නේ නෑ .හැබැයි වැරැද්ද කියන්නේ ඊට පස්සේ එහෙම දාපු අය මතයක් හදනවා කව්රුහරි මුකුත්ම නොදා නමයි ගමයි විතරක් දාල නම්.. අන්න ඌ ඉගන ගෙන නෑ ..ඩිග්රි , ඩිප්ලෝමා මුකුත් නෑ .සමහරවිට උන්ට වඩා දහ ගුණයක් විභාග පාස් කරලා තිබ්බත් ෆ්බ් එකේ update නැත්තම් ලොවෙත් වූ මැට්ටෙක්.ඕකයි අද සමාජ මුලාව .
im very sorry sir ..
its ok ..ඕක ඔයාගේ විතරක් නෙමෙයි මුළු සමාජෙම ඇත්ත ඕක තමයි.
මීට පස්සෙවත් job title පාරට ගෙන්න එපා .ගෙදර අරන් යන්නත් එපා .ඒ වගේම ඇඳුමයි වාහනෙයි මහත්තය කියන වචනෙයි අතර සම්බන්දයක් හදාගන්නත් එපා.ෆ්බ් එකෙන් උගත්කම , පොසත්කම ,සමාජ මට්ටම ඒවා මනින්නත් එපා .
අනික ඔය නම්බු නාම job title පොඩ්ඩක් අමතක කරලා කොට කලිසමක් ඇඳලා බාට දෙකක් දාල පාරට බැහැල බලන්නකෝ තියන සැහැල්ලුව ..
අපි හිමින් හිමින් වෙනස් වෙමු ..එතකොට සමාජය ඉබේම වෙනස් වෙයි.
( උපුටා ගැනීම හසිත් හේවා ගේ ෆෙස්බුක් පිටුවෙනි)
පට්ට කතාවක් : නම්බු නාම job title පොඩ්ඩක් අමතක කරලා පාරට බහිමු !
T
The Leader
June 10, 2019 • 12:36 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ක්‍ර්ර්ර්ස්ස්ස්ස්ස්ස් .................නුගේගොඩ නගරාසන්නයේ ඉදිරියෙන් ඇති ත්‍රීවිලයේ ඒ හැප්පුවේ පසුපසින් වේගය පාලනය කරගත නොහැකි වූ කළු පාට මොන්ටෙරෝ රථයකි.
- වටපිට රැස් උණු පිරිස දෙස තව වරක් බැලු මොන්ටෙරෝ හිමිකරුගේ මල පන ඇති හැඩකි මොකකක් ...ඔයා ..
- දෙදෙනාම ගියේ ලඟම ඇති පොලිසියට ය .
- ත්‍රීවීලරය පොලිසිය ට ඇතුළු කරනටත් පෙර ප්රෝෆෙසර් ආනන්ද පෙරේරා, ඉන්ගීසියෙන් කාට හෝ කතා කරමින් කෙලින්ම ඇතුලට ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


