BREAKING
Top Ad
බුකිය

රැඩිකල් දෙයක් : වහා ගිණි ඇවිලෙන සුළු සනීපාරක්ෂක තුවා !- Mahesh Hapugoda

T

The Leader

October 31, 2019 • 11:34 AM

රැඩිකල් දෙයක් : වහා ගිණි ඇවිලෙන සුළු සනීපාරක්ෂක තුවා !- Mahesh Hapugoda 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''මට ඉස්සරහින් පෙනෙන මේ ඉස්කෝලේ තමයි මේ නගරයේ තියෙන ලොකුම කාන්තා ඉස්කෝලේ. ඒ ඉස්කෝලේ ඉස්සරහා තියනවා ලොකු ඕක් ගහක්. ඕක් ගහේ අතු කොච්චර උස ගිහිල්ලා ද කියනවා
  • ඒ කියන්නේ භාජන වල පාවිච්චි කළ සැනිටරි තුවා එකසිය අසුවක් ඕනෑම දිනයක තිබිය හැකියි.
  •   ගැහැණු ළමයි දාහකට වඩා වැඩි ඉස්කෝල නම් මේ රටේ කියක් තියනවා ඇත්ද?
  • ඉතිං කොච්චර සැනිටරි නැප්කින් දුමාරයක් දිනපතා මේ අහස සිපගන්න හදනවා ඇත්ද?
අකුරු ප්‍රමාණය (Font Size):

නම් ඒ දැවැන්ත අතු ආකාසේ අල්ලන්න ඇති පදමට ම උසයි. ඒ උස එක්කල මට පෙනෙන්නේ මැලවී යන ගිම්හානයේ අහස වසාගන්න හදන දුම් රොටු වළාකුල් එක්ක එකතුවෙන්න පොරකන හැටි.

වටනබේ දන්නවද ඔය දුමාරේ එන්නේ මොකකින්ද කියල? මාත් එක්ක බංකුවේ වාඩිවෙලා හිටපු මිඩෝරි ඇහුවා.දන්නේ නැහැනේ..

- විහිළු කරන්න එපා..මම කිව්වා.
 
විහිළු නෙවෙයි. මම දන්න නිසයි කියන්නේ. මිඩෝරි උද්‍යෝගයෙන් කියනවා.
ඔය ඉස්කෝලේ කෙල්ලන්ගේ සැනිටරි නැප්කින්, රෙදි කෑලි, පුළුන් වගේ දේවල් දවස ගානේ එකතු කරල ගිනිතියනවා. මම හැමදාම හවසට පුරුද්දට වගේ ඉහළ නගින ඒ දුම් රොටු දිහා බලාගෙන ඉන්නවා. ඒකයි මම දන්නේ.
ඔය ඉස්කෝලේ ඉන්නවා වයසක මුරකාරයෙක්. එයා තමයි ඔය වැඩේට දාල ඉන්නේ. කෙල්ලෝ ඉවත ලන භාජන වල දාල තියන නැප්කින් ගෙනැල්ල මේ මනුස්සයා ගිනි උඳුනේ දමල පුච්චනවා. ඔච්චර විසාල දුමක් එන්නේ ඒකයි.
නිකම් හිතන්න වටනබේ. මිඩෝරි කියාගෙන කියාගෙන යනවා.
එකක් ඕනෑම මොහොතක මාස් ශුද්ධියට මුහුණ දිය හැකියි. 
 
ඒ කියන්නේ කෙල්ලෝ එකසිය අසුවක් ඕනෑම මොහොතක ඉන්නේ මාස් ශුද්ධිය සහිතව. ඒ කියන්නේ භාජන වල පාවිච්චි කළ සැනිටරි තුවා එකසිය අසුවක් ඕනෑම දිනයක තිබිය හැකියි. ඒ කියන්නේ තුවා එකසිය අසුවක දුමක් හැමදාම මේ වලාකුළු සිපගන්න හදනවා. ඉතින් හිතන්න අර වයසක මුරකාරයා ගැන. එකසිය අසුවක් නැප්කින් එයා හැමදාම එකතු කරන්න ඕනි.
 
- මට නම් හිතාගන්න වත් බැහැ. විශේෂයෙන් ඔය කියන ගණන් මිණුම්.
 
මටත් මුලින් එහෙම හිතාගන්න බැරිවුණා. නමුත් දැන් මම දන්න නිසා මට හිතාගන්න පුළුවන්. කොහොමත් ඒක ලොකු ගණනක්. මිඩෝරි කිව්වා.
 
ගැහැණු ළමයි දාහකට වඩා වැඩි ඉස්කෝල නම් මේ රටේ කියක් තියනවා ඇත්ද? ඉතිං කොච්චර සැනිටරි නැප්කින් දුමාරයක් දිනපතා මේ අහස සිපගන්න හදනවා ඇත්ද?
 
උපුටා ගැනීම හරුකි මුරකමි ගේ Norwegian Wood (2000) නවකතාවෙන් (p 59).
 
 
(සනීපාරක්ෂක තුවා නම් අපට 'හිතාගත නොහැකි දෙය' වෙත තම අවධානය යොමු කළ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු වුවද ඔහු හෝ ඇය කර ඇත්තේ රැඩිකල් දෙයකි. එය ජෝක් කිරීම දේශපාලන වරදකි. මේ සටහන ඒ වෙනුවෙනි).
 
(මහේෂ් හපුගොඩගේ FB පිටුවෙන් උපුටා ගන්නා ලදී) 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...