BREAKING
Top Ad
බුකිය

සජීට පෑඩ් මෑන් කීම: අනුරගේ ප්‍රකාශයෙන් ඔබ්බට...-‘සියලු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා'

T

The Leader

October 27, 2019 • 7:08 AM

සජීට පෑඩ් මෑන් කීම: අනුරගේ ප්‍රකාශයෙන් ඔබ්බට...-‘සියලු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුර කාන්තා ප්‍රඥප්තිය එලි දැක්වීමේදී කල කතාව ඉතා විශිෂ්ටයි. ඔහු මෙතෙක් හිටපු කිසිම ජනධිපති අපේක්‍ෂයකයෙකු නොකී දේවල් කාන්තාවන්ට අදාලව කිව්ව.
  • එය මුළු පාසල් දැරියන් ජනගහනයටම ගණනය කල හොත් මිනිස් දින මිලියන 1.3 ක පාසල් නොයාමක්.
  •  ''කාන්තාවන් අතරින් සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නේ 30% පමණයි.''  ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතරින් සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නේ 30% පමණයි.
  • ඉතිරි කාන්තාවන් ඉතා අවදානම්කාරී ලෙසයි සිය ඔසප් රිධිර වහනය කළමනාකරණය කර ගන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒත් මොන හේතුවක් නිසා හෝ ඔහුට මග හැරුන මේ "පෑඩ් කතාව".

ඒක ඔහු කියන්න හිටියෙ. ඒත් සජිත් ඒක කිව්ව. දැන් සජිත්ට මඩ ගහනව අර "බයියො" කියන අය.

ඒ "බයියො" දන්නෙ නැහැ රට දුවන්නෙ කාන්තාව උපයන සල්ලි වලින් - විදේශ විනිමයෙන් ලොකුම පංගුව කාන්තාවන්ගෙන්, ඒ වගේම ගෙදර අම්ම කියල - කාන්තාව වගුරන ශ්‍රමය තාම දල දේශීය නිශ්පාදනයෙ කොච්චරද කියල ගණන් හදල නැහැ.

මම පුතා බලාගෙන හිටපු කාලෙට මම කරපු දේවල් වලටත් මුදලින් ගනන් හදල නැහැ ඒ වගේම. මම මේ ගැන ජනාධිපති අපේක්‍ෂකයො කීපදෙනෙක් එක්කම දිගින් දිගට කතා කරල තියෙනව.

අනුරට කියා ගන්න බැරි උන අනුර කියන්න හිටපු කතාවෙ දත්ත මම දැන් දාන්නම්. ඒ වගේම සජිත් ඒ ගැන කතා කරපු එකට දෙන්න ඕන උපරිම ගෞරවය දෙන්න ඕනෙ.

අනුරට මිස් උන කතාවේ කෑල්ල දල වශයෙන්:

කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය සහ කැලණිය විශ්ව විද්‍යාලය විසින් යුනිසෙෆ් ආයතනයේ වාර්තාවක් වෙනුවෙන් කල විද්‍යාත්මක පර්යේෂණයකට අනුව ශ්‍රී ලංකාවේ පාසල් දැරියන් ඔවුන්ගේ ඔසප් චක්‍රය තුල පාසලට පැමිණීමේ දී විවිධ අභියෝගයන්ට මුහුණ දෙනවා.

ඔවුන්ට ඔසප් කාලය තුල රුධිර වහනය කළමනාකරණය කර ගැනීම (Menstrual Hygiene Management- MHM) පාසල් තුල පහසුකම් සහ ආධාර නොමැති වීම ඉන් ප්‍රධානයි. ලංකාවේ පාසල් දැරියන් ඔසප් කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් පාසල් නොඑන දින ගණන ඉතා විශාලයි. එය මුළු පාසල් දැරියන් ජනගහනයටම ගණනය කල හොත් මිනිස් දින මිලියන 1.3 ක පාසල් නොයාමක්.

 ''කාන්තාවන් අතරින් සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නේ 30% පමණයි.''

 ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතරින් සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නේ 30% පමණයි. ඉතිරි කාන්තාවන් ඉතා අවදානම්කාරී ලෙසයි සිය ඔසප් රිධිර වහනය කළමනාකරණය කර ගන්නේ. ඔවුන් විෂබීජ සහිත රෙදි, පුළුන්, කඩමලු ආදිය මේ සදහා යොදා ගැනීම නිසා ගැබ් ගෙල පිළිකා, ප්‍රජනන අවයව වල ආසාදන ආදියට ලක් වෙනවා .

කාන්තාවකගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය දෙයක් වන සනීපාරක්ෂක තුවා ශ්‍රී ලංකාව තුල තවමත් සුඛෝපභෝගී අංගයක්.

2018 දී සනීපාරක්ෂක තුවා සෙස් බද්දෙන් නිදහස් කලද එය වැට් බද්දෙන් සහ ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කර නැහැ. වාර්ශික ගෘහස්ත ආදායමෙන් රුපියල් 1656 - 4968 අතර මුදලක් සනීපාරක්ෂක තුවා වෙනුවෙන් වැය වෙනවා (එක කාන්තාවකට)

සදාචාරාත්මක, මානුෂීය රජයක් මෙම කරුණු පිළිබඳව සංවේදීවිය යුතුයි.

(කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරියගේ FB පිටුවෙන්..)

 කාට ඡන්දේ දුන්නත් කමක් නෑ,ඒ කතාවට හිනා වෙන්න එපා..!!!

 ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින්  ‘සියලු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා' ලබාදෙන බවට මැතිවරණ වේදිකාවකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති රන්ජිත් කුමාර සමරකෝන් මෙසේ පවසයි.

"එක්තරා කාලයක, මළ කඳක් හෝ මලමුත්‍ර අත ගෑම මිනිසුන් අපිරිසිදු ලෙස සලකන චාරිත්‍රයක් තිබුණා. මාසික ශුද්ධිය පවතින කාල සීමාවේ ගැහැණු ගැන හිතුවෙත් ඒ විදියට" ඉන්දියාවේ මහාචාර්ය අර්වින්ද් ශර්මා එහෙම කියන්නේ කාන්තාවන්ගේ මාසික ශුද්ධිය ගැන.!

ලංකාවේ වැඩිවියට පත් පාසල් දැරියන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මාසික ශුද්ධිය සිදුවන කාලය ඇතුළත පාසල් යන්නේ නැහැ කියා කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය.

බ්‍රිතාන්‍යයේ ද සෑම කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට අපහසු බව කියන්නේ බ්‍රිතාන්‍ය සඟරාවක්.
‍
දරන්න බැරි වේදනාවක් යටි බඩෙනුත් හිසෙනුත් පිටවෙද්දී එය උහුලාගෙන ජීවිත අරගලයේ යෙදෙන බව කියන්නේ ආර්ථවය සිදුවන කාන්තාවන්.

ලංකාවේ අති බහුතර ග්‍රාමීය කාන්තා ප්‍රජාව ආර්ථික දරිද්‍රතාව නිසා පමණක් තවමත් සිය ඔසප් දිනවලදී කිසිදු සනීපාරක්ෂාවකින් තොර රෙදි කැබලි පාවිච්චි කරමින් සිටින බව දන්නේ කවුද?. ග්‍රාමීය දැරියන්ගෙන් කී දෙනකු තම ආර්තව සමය තුළ පාසලට පැමිණෙන්නේදැයි සොයා බලා ඇති කෙනෙක් ඉන්නවද?

කාන්තාවකගේ ජීවිතයේ වසර 30ක් පමණ ආර්තවය සිදු වෙයි නම් ඇය විසින් වසරකට සනීපාරක්ෂක තුවා 240ක් භාවිතා කළ යුතුයි.ජීවිතකාලය පුරා සනීපාරක්ෂක තුවා 7,200ක් පමණ පාවිච්චි කළ යුතුයි.

 එදා වේලත් අහිමි මිනිසුන්ට එවන් වියදමක්..?

 ගැහැනියක් මවක් වීමට විඳින වේදනාව දරනවා තියා හිතන්නටවත් පිරිමියෙකුට බැරිය. ආර්ථව වේදනාව දෙවැනි වන්නේ ඊට පමණක් යැයි ඇතැමුන් කියයි.මා‍‍සෙකට වතාවක් ජීවිතයේ අඩකටත් වැඩි කළක් එවන් වේදනාවක්...!

‍දේශපාලනය පසෙකින් තබන්න.සිනාසීමටත් විවේදනයටත් ඇතිපදම් කරුනු කාරණා තිබියදී ඔබේ සංවේදී ප්‍රශ්නයට සිනා නොවන්න. මහා තාක්ෂනික විප්ලව ගැන අටෝරාසියක් මහප්‍රාණ කියවන අතර දූවිලිමත ඇදෙන ප්‍රශ්නයත් විමසන්න. එහෙත් කාත් කවුරුවත් මායාම් නොකළ ප්‍රශ්නයක් විමසුමට ලක් කිරීම හොද ප්‍රවණතාවයකි.

සජිත් ‘සියලු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන බවත් ඔසප් නිවාඩුවක් දෙන බවත්‘ කියා ඇතැයි ඇතමුන් පවසයි. එය දේශපාලන පොරොන්දුවක් පමණක්නම් කැතය. එහෙත් එවැන්නක් මාතෘකාවට ගැනීම අපූරුය.

ඒ එක්කම ඊට කෝචොක් කරන්නටත්, නක්කලේ දමන්නටත් හැකි වන්නේ ප්‍රසව වේදනාවටත්, ඔසප් වේදනාවටත් සිනාසෙන නරුමයෙකුට පමණි.

ඒ කෝචොක් පාර හෝ නක්කල් සිනහව හරිද කියා අම්මාගෙන් හෝ බිරියගෙන් හෝ සොයුරියගෙන් විමසීම වඩාත් මැනවි.!

කාට ඡන්දේ දුන්නත් කමක් නෑ,ඒ කතාවට හිනා වෙන්න එපා..!!!

 ඒ අපහාසය කරන්නෙ මේ රටේ 52%ක් වුණ කාන්තාවන්ටයි

මේ අතර අජිත් පැරකුම් සිට FB  පිටුවේ සටහනක් තබමින් පවසන්නේ, ඒ අපහාසය කරන්නෙ මේ රටේ 52%ක් වුණ කාන්තාවන්ට බවයි. ඔහුගේ සටහනේ මෙසේ දැක්වේ. 

''මේ අපහාසයක්ද? මෙරට කාන්තාවන් 52%න් ප්‍රජනන වියේ පසුවන හැමදෙනෙකුට ම සනීපාරක්ෂක තුවා අවශ්‍යයි. සජිත් සනීපාරක්ෂක තුවා නොමිළේ දෙන බව කිව්වාම ගෝඨාභය ආධාරකරුවන් මේ වගේ පෝස්ට් හදනවා. මට නම් මේක අපහාසයක් නෙමෙයි. මේක අපහාසයක් ලෙස ගන්නවා නම්, ඒ අපහාසය කරන්නෙ මේ රටේ 52%ක් වුණ කාන්තාවන්ටයි.''

73375588 10157298021889818 5709566340314955776 n

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...